holy temple

holytemplenet's blog

පෙන්තකොස්ත මංගල්‍ය සහ කිතුනු සභාවේ නව ජීවිතය-ලංකා පෙන්තකොස්ත සභාවේ ඉතිහාසය හා එහි ඉගැන්වීම් පිළිබඳ ප්‍රවේශයක්ද සමඟ-වසර 12 -බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-3 වාරය පාඩම අංක 01-Feast of Pentecost and the new life of the Christian church with an introduction of the Doctrines of the Ceylon Pentacostal Mission

පෙන්තකොස්ත මංගල්‍ය සහ කිතුනු සභාවේ නව ජීවිතය-වසර 12 -බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-3 වාරය පාඩම අංක 01-ලංකා පෙන්තකොස්ත සභාවේ ඉතිහාසය හා එහි ඉගැන්වීම් පිළිබඳ ප්‍රවේශයක්ද සමඟ-Feast of Pentecost and the new life of the Christian church with an introduction of the Doctrines and the Teachings of the Ceylon Pentecostal Mission (CPM )
01.පෙන්තකොස්ත දිනය යන්නේ අර්ථය කිම? 50 වන දිනය යනුයි.
02.යුදෙව්වන් පෙන්තකොස්ත හෙවත් සති මංගල්‍ය පවත්වන ලද්දේ කෙදිනකද? පාස්කු මංගල්‍යට පසු නාඹුල් ඵල පූජා කිරීමෙන් සති 07 කට පසුවය.
03.පෙන්තකොස්ත මංගල්‍යයෙන් සමරන ලද්දේ කුමක්ද? මෝසෙස්ට සීනයි කන්ද මතදී දස පණත ඇතුළු ව්‍යවස්ථාවලිය Torah  දෙවිඳුන් විසින් දීම සැමරීම සඳහාය.
(4). පෙන්තකොස්ත දින ගෝල සමූහයා disciples රැස්ව සිටියේ කුමකටද? පෙන්තකොස්ත මංගල්‍ය පැවැත්වීමටය.
05.එහි කවර රටවලින් පැමිනි යුදෙව්වන් රැස්ව සිටියේද?
පාර්තියාව,මේදියාව,මෙසපොතේමියාව,ඒලාමිය,යුදය,කපදෝකිය,පොන්තසය,ආසියාව,

පිරීගිය,පම්පිලිය,මිසරය,කිරේනිය,ලිබියාව,ක්‍රීටය හා අරාබිය.
06.එහිදී සිදුවූයේ කුමක්ද?
(1)තද සුලං හමන්නාක් මෙන් ශබ්දයක් හදිසියෙන් ඇතිවී එයින් ඔවුන් සිටි මුළු ගෙය පිරීම
(11)ගිනි වැනි දිවු බෙදී යනවා පෙනී ඒවා ඔවුන් එකිනෙකා කෙරෙහි පිහිටීම
(111)සියළු දෙනා ශුද්ධාත්මයෙන් පූර්නව අන්‍ය භාෂාවලින් කතා කිරීමට පටන් ගැනීම. ඉහත 05 ඡේදයේ සඳහන් රටවලින් පැමින සිටි යුදෙව්වන්ට, ඔවුන් සිය දේශීය භාෂා වලින් කථා කරනවා ඇසුනි.
07.ශුද්ධාත්ම ප්‍රදානය නිසා කිතුනු සභාව/සංඝය church තුල ඇතිවූ නව ජීවිතය මෙසේ දැක්විය හැක.
(1)ගෝල සමූහයා disciples නිරතුරුවම ඉගැන්වීමේ යෙදීම
(11)එකිනෙකා කෙරෙහි ප්‍රේම කරන හා සහභාගිකම පවත්වන්නවුන් වීම(උදා. දේපල ආදිය පොදුවේ තබා ගැනීම )
(111)රොටි කැඩීමෙහි නිරතවීම( ශුද්ධවූ රාත්‍රි භෝජන සංග්‍රහය )
(1V) සැම විටම යාච්ඤාවේ යෙදෙන සංඝයක් බවට පත්වීම- ක්‍රියා 2:42
(V)ගෝල සමූහයා තුල සහභාගිකම වර්ධනය වීමේ ප්‍රතිඵලය වන්නේ ඔවුන් සැම දෙනා තුලම ඒකත්වයක් ඇතිවීමයි.එනම් ආත්මයානන්වහන්සේ තුල සැම දෙනාම එක ඇදහිල්ලක්,එක බෞතීස්මයක්,එක දෙවිඳුන් පමනක් ඇතිව සිටී.මේ නිසා ගෝල සමූහයා තුල යහපත් ගුනධර්ම වර්ධනය වෙයි,ඔවුන් සදාචාර සම්පන්න වෙයි,ඔවුන්ගේ ජීවිත තුල බලය,ජීවනය,මහිමය හා ප්‍රීතිය ඇතිවෙයි.ඔවුන්ගේ ජීවිත දිනපතාම අළුත් වෙයි.
(V1)ගෝල සමූහයා disciples ශුද්ධාත්ම දීමනා වලින් පූර්න වෙයි.ඒවා නම්,උවදෙස් දීමේ ප්‍රඥාව counseling ,ධර්මය පහදා දීමේ හැකියාව,ශුද්ධාත්යාණන් තුල නොසෙල්වෙන ඇදහිල්ල,සුව කිරීමේ දීමනාව,හාස්කම් කිරීමේ බලය,දිවැසි වැකි කීමේ බලය prophecy ,ආත්ම විසඳීමේ හෙවත් වෙන කෙනෙකුගේ මනස/සිත තේරුම් ගැනීමේ හැකියාව,නානා වර්ග භාෂා කථා කිරීම,එම ආගන්තුක භාෂා තේරුම් කරදීමේ හැකියාව ආදියයි.    01 කොරෙන්ති 12:04-11
08. කිසියම් ගෝලයෙකු (ඇදහිලිවන්තයෙකූ) තුල ආත්මයානන් වහන්සේ ක්‍රියා කරන බවට ඵල කවරේද? ඔවුන්ගේ ජීවිත තුළ ප්‍රේමය,ප්‍රීතිය,සමාදානය,ඉවසිලිවන්තකම,කරුනාවන්තකම,යහපත්කම,විශ්වාසකම,මෘදුකම හා පමන දැන ක්‍රියා කිරීම යන මේවා ඇති වීමය.

ගලාති 5:22

ප්‍රශ්න Questions
01.මනුෂ‍යෙකුගේ ජීවිතයට ශුද්ධාත්ම බලය ලැබුනු කල ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ඇතිවිය හැකි වෙනස්කම් කවරේදැයි ඔබ සිතන්නේද?
2009 විභාග ප්‍රශ්න
02.ලංකාවේ පෙන්තකොස්ත සභා කවරේද? ඒවායේ ඉගැන්වීම මොනවාද?

ලංකා පෙන්තකොස්ත සභාව (CPM)හා එයට අනුබද්ධිතව දිවයින පුරාම පිහිටි දේවස්ථාන හා පෙන්තකොස්ත සම්ප්‍රදායට අයත් වෙනත් සභාද ‘ පෙන්තකොස්ත’ සභා ලෙස දැක්විය හැක.

ලංකා පෙන්තකොස්ත සභාවේ මූලික ධර්ම හා ඉගැන්වීම්

ලංකාවේ මුල්ම පෙන්තකොස්ත සභා දේව සේවකයා වන්නේ වෝල්ට ක්ලිෆඩ්ය.
මුල්ම පාස්ටර් වරුන් වන්නේ  පාස්ට පෝල් හා පාස්ටර් ඇල්වින් R.D. අල්විස්ය.
ලංකා පෙන්තකොස්ත සභාව මෙරට ඇරඹුනු අතර එහි ජාත්‍යන්තර මූලස්ථානය  ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායිහී පිහිටුවා ඇත.
එහි ශාකා ලංකාවේ මෙන්ම,ඉන්දියාව,නේපාලය,මැලේසියාව,සිංගප්පූරුව,හොංකොං,ඕස්ට්‍රෙලියාව,නවසීලන්තය,කැනඩාව,ඇමරිකා එක්සත් ජනපදය,අප්‍රිකාව,කැරීබියානු දූපත් හා මැද පෙර දිග රටවලද පිහිටුවා ඇත.
මූලිකත්වය Leadership
ලෝක ව්‍යප්ත ලංකා පෙන්තකොස්ත සභාවේ නායකයාව ජීවිත කාළය සඳහාම පත් කරනු ලැබේ.
එහි ධර්මානුකූල ඉගැන්වීම්
ත්‍රීත්වය,නව උත්පාදය හා වතුර බෞතීස්මය හා ශුද්ධාත්ම බෞතීස්මය( අන්‍ය භාෂා වලින් කථා කිරීම මඟින් එය පෙන්නුම් කරනු ලැබේ)
වෙන්වූ ජීවිතය,දිව්‍ය සුවය,පූර්න පාරිශුද්ධකරනය,(ශරීරය,ආත්මය හා ප්‍රානය ),ජීවිතය ජය ගැනීම,තෝරා ගන්නා ලද දේව සේවය,ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිනීමේදී ඇදහිලිවතුන් එතුමන් වෙතට ඇද ගැනීම,පීඩා කාලය,මහා පීඩා කාලය,මලවුන්ගේ උත්ථානය,යුගාන්ත පාලනය,මහා ධවල සිහසුන් විනිශ්චය හා සදාතන ජීවිතය
සභා මූල ධර්ම
(1)බයිබලය දේව අනුභාවයෙන් රචිත වූවකි. එය නොවරදින සුළු, අධිකාරි බලයෙන් යුතු, පරම සත්‍ය අඩංගු පොතකි.
(11)ගැළවීම ලැබිය හැක්කේ ක්‍රිස්තුස්වහන්සේ තුලිනි. උන්වහන්සේගේ කන්‍යා උත්පත්තිය හා උත්ථානය සර්ව සම්පූර්න හා මුළුමනින්ම නිවැරදි වෙයි.
උත්ථානවූ විමුක්තිදායකයා හා සමිඳානන් වන ක්‍රිස්තුස් වහන්සේ තුලවූ ඇදහිල්ලෙන් හා දෙවිඳුන් යැදීම මඟින් නැවත උත්පත්තිය/ගැළවීම අත්දැකිය හැක.
(111)ශුද්ධාත්ම බෞතීස්මයේ ප්‍රතිඵලය වනුයේ අන්‍ය භාෂා වලින් කථා කිරීමයි.
ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් පවිත්‍ර කරනු ලැබූ සැමට වතුර බෞතීස්මයෙන් පිරිසිදුවීම අනිවාර්ය වෙයි.එය ශුද්ධාත්මයෙන් පරිපූර්න දේව සේවකයකු විසින් සිදු කිරීම අනිවාර්ය වෙයි.පියානන්,පුත්‍රයානන් හා පුත්‍රයානන්ගේ නාමයට බෞතීස්ම් කල යුතු වෙයි.
(1V)ශුද්ධාත්මයානන්ගේ පවිත්‍රකරනයේ බලය තුලින් පමනක් ඇදහිලිවතුන්ට සිය ජීවන ගමනේදී සත්‍ය පාරිශුද්ධභාවය හා මාංසය,ලෝකයා හා යක්ෂයා පරදවා ජය ලැබිය හැක.
(V)ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිනීමේදී , එයට සූදානම්ව සිටින හා උන්වහන්සේගේ ආගමනය බල සිටින අය පමනක් එතුමන් වෙතට ඇද ගනු ලැබේ.
(V1)දමිටුවන්ගේ හා අදමිටුවන්ගේ උත්ථානයක් ඇත.දමිටුවන් සදාතනික ජීවිතයටද, අදමිටුවන් සදාකාලික නිරයටද පත් කරනු ලැබේ.
ලෝකයේ සමහර රටවල පෙන්තකොස්ත සභා සාමාජිකයන් ස්වර්නාබරන පැළඳීමත්,කාන්තාවන් විසින් කලිසම් ඇඳීමත් අධෛර්යමත් කරන අතර (අසනීපවලදී ඖෂධ භාවිතයට වඩා) දිව්‍ය සුවය ගැන විශ්වාසය තබති.රූපවාහිනි නැරඹීමත්,චිත්‍රපට නැරඹීමත්. සංගීතයට සවන් දීමත් අධෛර්යමත් කරනු ලබන්නේ ඒවායින් දේව මහිමය වර්නනා නොකරන බැවිනි.
ඔවුන් විශ්වාස කරනුයේ ඔවුන්ගේ නීති රීති හා  අනු නීති පැවැත්වීම  මඟින් ඇදහිලිවතුන් මෙම ලෝකයට සිරවීම වලක්වනු ලබන බවය.
ඔවුන් ලෝකයාගෙන් වෙන්වූ ජීවිතයක් ගැන උගන්වති, දේශනා කරති.එසේ කරනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිනීමට ඔවුන්ව සූදානම් කරනු සඳහාය.

\The Pentecostal Mission From Wikipedia, the free encyclopediaThis article is about The Pentecostal Mission (20th century). For the Pentecostal Mission (19th century), see Church of the Nazarene.The Pentecostal Mission (TPM) or New Testament Church (NTC) formerly known as Ceylon Pentecostal Mission (CPM), is a pentecostal denomination which originated in Ceylon, now Sri Lanka. The international headquarters is now situated in Chennai, Tamil Nadu, India. It is one of the largest (around 7 million+ members worldwide) Pentecostal denominations.[citation needed] The mission was founded in Colombo, Sri Lanka in 1923 by a Hindu convert, Ramankutty – later known as Pastor Paul.[1][2] It now has churches (or Faith Homes) in many parts of Sri Lanka, as well as India, Nepal, Malaysia, Singapore, Hong Kong, Australia, New Zealand, Canada, USA, Europe, Africa, the Caribbean Islands and the Middle East.History

According to historian, somarathna,[1] “The Ceylon Pentecostal Mission owes its origin to the ministry of Walter Clifford.” The church was founded by Pastor Paul along with Pastor Alwin R. de Alwis. Pastor Paul was born to Hindu parents in the district of Trichur in Kerala, India.[4] While in Sri Lanka, at the age of 18, he became a Christian. Later, he felt a strong call from the Lord for his life and began to preach and share the gospel in various parts of Kerala, Tamil Nadu and Sri Lanka. In the initial stages, he had worked with other evangelists. The CPM espoused an ascetic approach to spirituality. The church also instituted indigenous forms of worship.[5]

[edit] Church leadership

TPM worldwide is led by a Chief Pastor, who is usually appointed for life. Leadership is passed down after death to the next in seniority. The current chief pastor, Pastor Wilson Joseph, succeeded the late T.U. Thomas (died on 6 November 2006).In America most of the church work was pioneered by Don M Spiers who also worked with Oral Roberts ministries.[6]

[edit] Doctrines and teachings

The doctrines of the church include: Trinity, New Birth, Water Baptism , Baptism of the Holy Spirit as evidenced by speaking in unknown tongues, Separation , Divine Healing, Entire Sanctification (of the Body, Soul and Spirit), Overcoming Life, Consecrated Ministry, Rapture, Tribulation and Great Tribulation, Resurrection, The Millennial Reign, The Great White Throne Judgement, and Eternity.[7][edit] Basic doctrines

As per the church the doctrines are:There is one God, eternally existent as God the Father, God the Son, and God the Holy Ghost.

  1. The Bible is God’s only inspired, written, Word to mankind – trustworthy, authoritative, and infallible.
  2. The work of redemption by Jesus Christ – His virgin birth, atoning death, burial, and resurrection – is complete and prefect. Salvation (new birth) must be preceded by sincere repentance toward God and faith in Christ as risen Savior and Lord.
  3. Water Baptism by immersion is mandatory for all who have been cleansed by the blood of Christ, and provides a further work of grace in the believer’s life. It must be administered by a spirit filled minister in the name of the Father, the Son, and the Holy Spirit.
  4. The Baptism in the Holy Spirit, with the evidence of speaking in tongues, is the promise of the Father for all of His children. Only through the sanctifying power of the Holy Spirit can the believer live a life of true holiness and victory over the flesh, the world, and the devil.
  5. Jesus Christ is coming back soon for a “glorious church, not having spot or wrinkle”. Only those who are thus prepared, those who ardently love His appearing, will be caught up to reign with Him as His Bride.
  6. There will be a resurrection of the just and the unjust – the one to eternal life, other to eternal damnation. Further, in some parts of the world they do not encourage in wearing jewellery, makeup or pants for women, and encourage divine healing rather than depending on medicine. They discourage watching television or visiting the cinemas and listening to music that does not glorify God. They believe that their rules and regulations prevent the believer from being trapped in the world. They preach and teach separation from the world, to prepare themselves for the second coming of Jesus Christ.

ආශ්‍රිත ලේඛණ

1පූර්න ජීවනය-ජාතික ක්‍රිස්තියානි මංඩලය2.Wikipedia, the free encyclopedia-web

ගෝල සමූහයා desciples වෙත ශුද්ධාත්ම ප්‍රදානය වූ ආකාරය පෙන්නුම් කරන චිත්‍රයක්.

පහත දැක්වෙන link එක double click කිරීමෙන් අවශ්‍ය චිත්‍රය ලබා ගත හැකිය.

http://upload.wikimedia.org/wikipedia/commons/3/32/Jean_II_Restout_-_Pentec%C3%B4te.jpg

Western depiction of the Pentecost, painted by Jean Restout, 1732

June 4, 2011 - Posted by | Sunday School Text books notes

No comments yet.

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 49 other followers

%d bloggers like this: