විදේශීය කිරි පිටි ගොවියන්ගේ මඩිය හිස් කරමු! දේශීය කිරි ගොවියන්ගේ අත මිට සරු කරමු!!
විදේශීය කිරි පිටි ගොවියන්ගේ මඩිය හිස් කරමු!
දේශීය කිරි ගොවියන්ගේ අත මිට සරු කරමු!!
පසු ගිය දිනෙක අප ජීවත් වන අර්ධ නාගරීක ප්‍රදේශයේ ‘හන්දියේ’ කඩ සාප්පු වලට මා ගියේ සම්පූර්න යොදය සහිත කිරි පිටි පිළිබඳව සමීක්ෂණයක් පැවැත්වීම සඳහාය.ලංකාවේ ජනප්‍රිය, විදේශයන්ගෙන ගෙන් වනු ලබන සම්පූර්න යොදය සහිත කිරි පිටි සෑම කඩ සාප්පුවකම ගොඩ ගසා තිබෙනු දක්නට ලැබින.එහෙත් මෙරට නිපදවන ‘හයිලන්ඩ්’ සම්පූර්න යොදය සහිත කිරි පිටි එකම කඩ සාප්පුවකවත් අලෙවියට තබා නොතිබින.
මෙරට TV චැනල මඟින් කෙරෙන දැවැන්ත ප්‍රචාරයට අප මුලාවී ඇති තරම!
මෑතකදී වෙළඳ පොලේ මිළ වැඩි කිරීමෙන් පසුව වුවද මෙම තත්ත්වයේ වෙනසක් නොපෙනේ.
හයිලන්ඩ් කිරි පිටි දිය කරන විට කැටි ගැසෙන බවට ප්‍රචාරය කර ඇත්තේ යක්ෂයා විසින් විය යුතුය.එය අසත්‍යයක් බව මම ප්‍රායෝගිකවම දනිමි.
වසර ගණනාවක් විදේශීය කිරි පිටි පානය කිරීමට හුරු පුරුදුවී සිටි අප දැන් හයිලන්ඩ් පානය කරන්නෙමු.
රූපවාහිනී චැනලවල දැන්වීම් ප්‍රචාරය සඳහා මිලියන ගණන් වැය කරමින් බහු ජාතික සමාඟම් විසින් කොපමන අසත්‍ය ප්‍රචාර කලත් ‘හයිලන්ඩ්’ පිටි කිරි හොඳ රසයකින් යුතු බව කිව යුතුය.
අප බහු ජාතික වෙලඳ ප්‍රචාර වලට කොපමන අසුවී සිටිනවාද යන්න එක සරල නිදසුනක් පහත දක්වමි.
මා කලකට පෙර කිසියම් කාර්යයක් සඳහා කොළඹ ගොස් ආපසු කොටුව බස් නැවතුමට පැමිනෙමින් සිටියදී එක්තරා බහු ජාතික සමාඟමක් විසින් එක්තරා …… ‘රසැති’ (පානයක්) -දියර වශයෙන් නොවේ- ( මෙය තේ වතුර හා කලවම් කර හෝ නොමැතිව හෝ පානය කල හැක. ) අඩංගු පැකට්ටු නොමිලයේ බෙදා දෙනු ලැබීය.එයින් එකක් ලබා ගත් මා එදින සිට අධි සීනි රසයකින් යුතු මෙම ……….පානය උදේ හවස පානය කිරීමට පුරුදු වීමි.
පසුව මගේ මිතුරෙකු විසින් මෙම …. රසැති …. ලංකාවට ආනයනය කරන ආකාරය ගැන මා දැනුවත් කලේය.ඒවා ආනයනය කරනු ලබන්නේ පාන් ගෙඩි මෙන් හතරැස් මේධ කැට වශයෙනි!!
තව කලක් මම මේ …. රසැති .… පානය කලේ නම් දිය වැඩියා හෙවත් බ්ලඩ් ග්ලූකෝස් රෝගයට ගොදුරුවනවා නොඅනුමානය.
හුදෙක් දැවැන්ත දැන්වීම් ප්‍රචාරය කිරීම නිසා තමන්ට ලැබෙන මිලියන ගනන් මුදල් ගැන පමනක් නොව අපේ අහිංසක දේශීය කිරි ගොවියන් හා ඔවුන්ගේ දූ දරුවන්ගේ හෙට දවස ගැනත් ජනතාවගේ සෞඛ්‍ය ගැනත් කල්පනා කරන ලෙස මම මෙරට TV චැනල පාලනාධිකාරි වලින් ආයචනා කරමි.



Sinhala Unicode
හයිලන්ඩ් වලට එවන් ප්‍රචාරයන් කළ නොහැක්කේ ඇයි?? ආනයන බදු නැති දේශීයව නිපදවන කිරි පැකට්ටුව සහ ආනයන බදු ගෙවමින් මිලියන ගනන් ගෙවමින් දැන්වීම් ප්‍රචාරය කරන පිටරට කිරි පැකට්ටුවල මිලෙහි වෙනස කොපමනද??
ඔබ අසන පැනයට හයිලන්ඩ් පාලනාධිකාරිය විසින් පිලිතුරු දෙනු ඇත.
නේපාලය වැනි රටවල වියලි පිටි කිරි නොමැත.
එලකිරි දියර වශයෙන් විකිනීමට තබා ඇත.දැනට අඹේවෙල ගොවිපලෙන් බෙදා හරිනු ලබන ශීත කරන ලද කිරි බෙදා හැරීම වඩාත් විධිමත් කල යුතුය.
වර්තමානයේ මේවා රජයේ රෝහල් තුල අලෙවි කවුලු මඟින් බෙදා හරිනු ලැබේ.
නියමු ව්‍යපෘතියක් වශයෙන් කොළඹ දිස්ත්‍රීක්කයේ නාගරීක පාසැල් කිහිපයක මෙවැනි අලෙවි සැල් පිහිටුවා පාසැල් දරුවන් අතර අබේවෙල කිරි භාවිතය ප්‍රචලිත කල හැක.
ළදරු කර්මාන්ත ආරක්ෂන න්‍යායට අනුව මේ සඳහා රාජ්‍ය භාංඩාගාර මුල්‍ය ආධාර ලබා දිය යුතුය.
සම්පූරන යොද සහිත විදේශීය කිරි පිටි පිළිබඳව කෙරෙන TV channel ප්‍රචාර තහනම් කල යුතුය.
සිගරට් දුම් වැටි TV channel ප්‍රචාරය තහනම් කල හැකි නම් මෙය කල නොහැක්කේ මන්ද?
මගේ මතය නම් දැනට TV channel මඟින් කෙරෙන දැවැන්ත ප්‍රචාරය නතර කල හොත් විදේශීය කිරි පිටි අලෙවි ප්‍රවර්ධනය අඩාල වනු ඇති බවය.
විදේශීය සම්පූර්න යොදය සහිත කිරි පිටි ආනයනය කිරීම සීමා කල නොහැකිද?
වෙළඳ අමාත්‍යංශය මඟින් අර්තාපල්, බොම්බයි ලූනු හා වී ගොවියන්ගේ නිෂ්පාදන ආරක්ෂා කිරීමට කලින් කලට ඒවා ආනයනය කිරීම සීමා කිරීම කරනු ලැබේ.
ග්‍රාමීය හා යටි තල පහසුකම් අමාත්‍යංශයටද මෙම පූර්වාදර්ශය අනුගමනය කල හැක.
විදේශීය කිරි පිටි ගොවියන්ගේ මුදල් පසුම්බිය බින්දුවට බස්වමු!
දේශීය කිරි පිටි ගොවියන් විසින් දේශීය ආර්ථිකයට කෙරෙන දායකත්වය අගය කිරීමට පෙල ගැසෙමු!!