ආදර්ශ ප්‍රශ්නෝත්තර-111-දක්ෂිණ දිසා බයිබල් පාසල් විභාගය-2012
01.බැබිලෝනියේ නෙබුකද්නේසර් රජුගෙ හමුදා විසින් යුදා දේශය සම්පූර්නයෙන්ම යටත් කර ගනු ලැබුවේ
(1) ක්‍රි.පූ. 598 (11)ක්‍රි.පූ.400 (111)ක්‍රි.පූ.500 (1v) මේ කිසිවක් නොවේ.
02.බැබිලෝනියන් විප්‍රවාසය දක්වා සාවුල්ගෙන් ඇරඹි රාජ වංශය ශත වර්ෂ කීයක් පැවතුනිද?
(1)02 (11) 04 (111) 03 (1v) මේ කිසිවක් නොවේ
නෙබුකද්නේශර් රජු විසින් යුද දේශයෙන් විප්‍රවාසයට රැගෙන යන ලද්දේ
(1)රටේ උසස් පංතිවල ජනයා
(11)රටේ දුප්පත් පංතිවල ජනයා
(111)රටේ උසස් හා දුප්පත් පංතිවල ජනයා
(1V) මේ කිසිවක් නොවේ
බැබිලෝනියේ සිට යුදා දේශයේ පදිංචිය සඳහා පාලක පංතියේ අය පැමිනියේද?
05.යුදා රාජ්‍ය අභාවයට යෑම යුදෙව්වන් විසින් තේරුම් ගත්තේ කෙසේද?
06.යුදෙව්වන් බබිලෝනියේ ජීවත්ව සිටියේ
(1)සිරකරුවන් ලෙසය(11)යම් තාක් දුරට නිදහස ඇත්තන් ලෙසය.(111)මේ කිසිවක් නොවේ.
07.ඔවුන් විසින් භුක්ති විඳි ඓතිවාසිකම් මොනවාද? එසකියෙල් 3:15,යෙරමියා 29:05,එසකියෙල් 33:30-33
08.බබිලෝනියේ විප්‍රවාසයට රැගෙන යන ලද උසස් පංතියේ යුදෙව්වන් නෙබුකද්නේශර් රජු යටතේ
A: විදේශීය රටක දේශීය මමත්වය ආරක්ෂා කලහ
B: 7 වන දින සබත නොපැවැත්වූහ
C: කෙත් වතු වගා කර අස්වන්න ලබා ගත්හ
D: ආපසු යෙරුසලමට යන දිනය ගැන පුලපුලා බලා සිටියහ
E :නිදහසක් නොලදහ
මින් වරදි වගන්ති ඇත්තේ කුමන ඛාණ්ඩයේද?
(1)A,B හා E (11) B,C හා D (111) A,B හා C (1V) A,C හා D
09.බැබිලෝනියේ විප්‍රවාසයේ සිටි යුදෙව්වන් සම්බන්ධයෙන් වැරදි අර්ථ දැක්වීම වන්නේ
(1)ඔවුන් සබත් දින පැවැත්වූහ.
(11)ඔවුන් එක් රැස්වූ විට ප්‍රශ්ංසා ගීතිකා ගයමින් දේව නමස්කාරයට සහභාගි වූහ.
(111)ඔවුන් චර්මඡේදන චාරිත්‍රය පැවැත්වූහ.
(1V)ඔවුන් අනිවාර්ය රාජකාරි ඉටු නොකලහ.
10.බබිලෝනියාව අපිරිසිදු දේශයක් ලෙස යුදෙව්වන්ට පෙනුනේ මන්ද?
(1)යුදාගමීක චාරිත්‍ර අනුව සකස් නොකල අපිරිසිදු ආහාර අනුභව කිරීමට සිදුවීම
(11)7 වන දින සබත් දවස පැවැත්වීමට නොහැකි වීම
(111)දේව නමස්කාරය පැවැත්වීමට නොහැකි වීම
(1V) මේ කිසිවක් නොවේ.
11.බබිලෝනියෙහි විප්‍රවාසිව සිටි යුදෙව්වන් ජාතික මමත්වය ආරක්ෂා කලේ කෙසේද?
(1)යම් යම් ආගමීක සිරිත් විරිත් උනන්දුවෙන් අනුගමනය කිරීමෙන්
(11)ඔවුන්ගෙ අතීතය පිළිබඳව නිරතුරුවම සිහිපත් කිරීම
(111)යුදා දේශයෙහි ඉතිරිව සිටි ජනතාව සමඟ නොකඩවා සම්බන්ධකම් පැවැත්වීම
(1v) ඉහත සඳහන් සියළුම කරුනු
12. බැබිලෝනියන්වරුන්ට වඩා තමන් වෙනස් සෙනඟක් බව යුදෙව්වන් ප්‍රකාශ කලේ කවර සිරිතක් පැවැත්වීම මඟින්ද?
13. බබිලොනියෙහි විප්‍රවාසිව සිටි යුදෙව්වන් මෙන් ,ක්‍රිස්තියානිවරුන්ද මේ ලෝකයෙහි විප්‍රවාසිව සිටී. කරුනු 04 ක් දක්වන්න.
14.බබිලෝනියාවේ විප්‍රවාසයට රැගෙන යන ලද යුදෙව්වන්ගේ දුක් ගැහැට හා බලාපොරොත්තු ක්‍රිස්තියානිවරුන් අද විඳින දුක් පීඩා හා බලාපොරොත්තු හා සමඟ සංසන්දනය කරන්න.
15.වර්තමාන ක්‍රිස්තියානිවරුන් ජීවත් වනුයේ අමුතු සමාජයකය. මෙම ප්‍රකාශය නිවැරදිදැයි කරුනු 04 ක් ඉදිරි පත් කරන්න.
16.වත්මන් සමාජය හා ගැටීම නිසා මරනයට පත්වූ ක්‍රිස්තියානිවරුන්ගේ ලේඛනයක් පිළියෙල කරන්න.
18.ක්‍රිස්තියානිවරුන් කෙතරම් දුරට තමන් ජීවත් වන සමාජයේ චාරිත්‍ර අනුගමනය කල යුතුද?කොතරම්දුරට ඒවායින් වෙන්වී ක්‍රිස්තියානි ප්‍රතිපත්ති වලට සාක්ෂි දැරිය යුතුද?
19.දේව රාජ්‍ය යනුවෙන් යේසුස් වහන්සේ විසින් අදහස් කලේ කුමක්ද?
දෙවියන්වහන්සේ පියෙකු වශයෙන් රජකම් කරන අප සම දෙනා එකිනෙකාට ප්‍රේම කරන නව යුගයයි.
20.දේව රාජ්‍ය පැහැදිලි කරන අති විශිෂ්ඨ සංකේතය කුමක්ද?
ශුධවු සහභාගි සක්‍රමේන්තුවයි
21.යේසුස්වහන්සේ විසින් වදාල උපමා කථා අපට කිසි දිනෙක අමතක නොවන්නේ
මන්ද?
ඒවා ලමයින්ට පවා තේරුම ගතහැකි සරල ඒවා වීම හා ඒවායේ නියම අර්ථය සඟවී තිබීම විශේෂ ලක්ෂනයක් වීමතය.
22.රොටි බෙදා ගෙන …….
කුසලානෙන් පානය කිරීමට…..
මේ ගැලවීමේ පංගුකාරයන් වීමට නම් අප විසින් දෙවියන් වහන්සේ සමඟත් අසල්වැසියන් සමඟත් සම්බන්දකම් පැවැත්විය යුතුය. ඔබට හැඟෙන පරිදි ශුද්ධ සහභාගිකමේ සක්‍රමේතුව පිළිගැනීමට අප සුදුස්සන් වන්නේ කෙසේද?
ශුද්ධවූ සහභාගි සක්‍රමේන්තුව තරාතිරමක් නොමැතිව එකට දන ගසා ලබා ගැනීම
අප හා අසල් වැසියන් අතර සම්බන්ධකම් යහපත් තත්ත්වයෙන් පවත්වා ගැනීමෙන්.
එකිනෙකා සමඟ ප්‍රේමයෙන් යුතුව ජීවත්වීමෙන්
23.යේසුස්වහන්සේගේ ඉගැන්වීම්වලින් 2/3 ක්ම උපමා කථා වේ.උන්වහන්සේ උපමා මාධ්‍ය බහුලව භාවිතා කලේ මන්දැයි කෙටියෙන් විස්තර කරන්න.
24.කිරිඳි හා තිරිඟු උපමාවෙන් යේසුස් වහන්සේ ඉගන්වූයේ කුමක්ද?
දේව රාජ්‍ය වර්ධනය කිරීමේ ප්‍රයත්නයන් අසාර්ථක කිරීමට සතුරෝ වෙහෙසෙති.එහෙත් නොපැකිල ඉදිරියට යායුතු බවය.
25.මුහුන් පිළිබඳ උපමාවෙන් යේසුස් වහන්සේ ඉගැන්වූයේ කුමක්ද?දේව රාජයයේ බලයේ උල්පත දෙවිඳුන්ය.එහෙයින් දේව බලය මුහුන් මෙන් ක්‍රියා කරයි.දේව රාජ්‍යයේ සාර්තකත්වය මුලුමනින්ම රඳ පවතින්නේ මිනිසා මත නොවේ.
26.දේව රාජ්‍යයේ ප්‍රතිපත්ති පැහැදිලි කරමින් යේසුස් වහන්සේ විසින් යහපත් සමාරිතයාගේ උපමා කථාවෙන් ඉගැන්වූයේ කුමක්ද?
දේව කාර්යයට වඩා අසල්වැසියාට උදවු කිරීම ප්‍රමුකය.
දේව රාජ්‍ය තුල පංති,වර්න,ජාති ආදි භේද නොමැත.අප සියළුම දෙනා සහෝදරයන් බැවින් හැකි පරිදි සැමට සේවය කල යුතුය.
27.නය කාරයන් 02 ගේ උපමාවෙන් ඉගැන්වූයේ කුමක්ද?
එකිනෙකාට කමා කිරීම,වෛර නොකිරීම හා එකමුතු වීම දේව රාජ්‍යයේ ප්‍රතිපත්තියක් බව
28.නැතිවූ, කාසිය/බැටළුවා/පුත්‍රයා උපමාවලින් ඉගැන්වූයේ කුමක්ද?
සෑම අයෙකුගේම ඓතිවාසිකම් හා සහජ වටිනාකම් අප විසින් රැකිය යුතු බව
29.මිදි වත්තේ කම්කරුවන්ගේ උපමාවෙන් ඉගැන්වූයේ දෙවියන් වහන්සේ විසින් අපට විපාක දෙන්නේ අප විසින් ඉටු කල ක්‍රියා අනුව නොව තනිකරම දේව ප්‍රේමය මත බව
30.දේව රාජයයේ පුරවැසියන් විය හැක්කේ කාටදැයි දැක්වීම සඳහා යේසුස් වහන්සේ විසින් වදාල උපමා කථාව කුමක්ද?
*නගුලට අත තැබීම,තලෙන්ත,මුතු වෙලෙන්දා හා ඵරිසියා හා සුංගම් අයකරන්නා යන උපමා කථා
31.කිරිඳි උපමාව අනුව උදව් නොදෙන ජනතාවක් අතරේ වුවද ක්‍රිස්තියානි ඇදහිලිවතුන් සමූහයන් එනම් සභාවන් තුල දේව රාජ්‍ය වර්ධනය සිදුවන බව ශ්‍රී ලංකාව හෝ වෙනත් ආසියාතික රටක් විස්තර කරමින් පෙන්වා දෙන්න.
32.(1)මුතු වෙළෙන්දාගේ උපමාව:අර්ථය-දේව රාජ්‍යයේ සේවයට ඉදිරිපත්වන සියළුම දෙනා තම ආසාවන් අතහැර එම සේවය පමනක් තෝරා ගත යුතුය.
(11)නගුලට අත තැබීමේ උපමාව:අර්ථය-දේව රාජ්‍යයේ සේවයට ඉදිරිපත් වූවිට ආපස්සට හැරීමක් නොමැත
(111)තලෙන්ත උපමාව:තලෙන්තයන් හෙවත් හැකියාවන් දී ඇත්තේ දේව රාජ්‍යයේ සේවය සඳහාය.ඒවා ප්‍රගුන නොකරන විට ඒවා අහිමි වෙයි.
(1v)මංගල උත්සවයේදී උසස් ස්ථාන්යේ අසුන් සෙවීමේ උපමාව:දේව රාජ්‍යයේ උසස් ස්ථාන ඇත්තේ පහතින්ය.යටහත්තු උසස් ස්ථානවලට පැමිනෙති.
(V)ඵරිසිවරයා හා සුංගම් අයකරන්නා පිළිබඳ උපමාව:දේව රාජ්‍යට ඇතුළුවන්නන් තමන්ගේ නොවටිනා කම් පිළිගත යුතුය.
33.මිනිස් සමාජය තුල දේව රාජ්‍ය ක්‍රමයෙන් වර්ධනය වී ඇත. මේ මතයට ඔබ එකඟ වන්නේද?කරුනු දක්වන්න.
34.බයිබලය අපට වැදගත් වන්නේ මන්ද?එය යේසුස් වහන්සේට සාක්ෂි දරන තරමටය.එසේම දෙවියන්වහන්සේ විශ්වය තුල ක්‍රියා කල ආකාරය එහි දැක්වෙන බැවිනි.
35.නිවැරදි වගන්තිය තෝරන්න.
(1)පැරනි ගිවිසුමෙන් මඟ පෙන්වීමක් නැත
(11)බයිබලය වැදගත් වන්නේ එය ක්‍රිස්තුස් වහන්සේ ගැන සාක්ෂි දරන තරමටය.
(111)මැවීමේ කථාව විවිධාකාරයෙන් බයිබලයෙහි දැක්වෙයි.
(1v)බිඳුනු සිත් ඇත්තන් දුර්වලය.
36.කාතේජ් මංත්‍රන සභාව කැඳවනු ලැබුවේ කාගේ මූලිකත්වයෙන්ද? ජෙරෝම්ගේ නායකත්වයෙනි. කාතේජ් මංත්‍රන සභාව අළුත් ගිවිසුමේ පොත් ශුද්ධ ලියවිලි වශයෙන් පිළි ගැනීමට භාවිතා කල මිණුම් දණ්ඩ කුමක්ද?
යේසුස් වහන්සේට සමීපව ජීවත්වූ ගෝලයන් විසින් ලියන ලද පොත් හෝ එම ගෝලයන් හා සමීප ආශ්‍රයන් ඇති කර ගත් ලූක් හා පාවුල් වැනි අය විසින් විසින් ලියන ලද පොත්.
37.පලමු ශුභාරංචි 03 සම දර්ශක ශුභාරංචි ලෙස හඳුන්වන්නේ මන්ද?
ඒවා බොහෝ දුරට යේසුස් වහන්සේගේ මෙහෙය පිළිබඳව සමාන හා සරල විස්තර සපයන බැවිනි.
38. Q ලියවුනේ ක්‍රි.ව.50 දී අන්තියෝකියේදී
L ලියවුනේ ක්‍රි.ව.60 දී කායිසාරියේදී
මාර්ක් ලියවුනේ ක්‍රි.ව. 60 දී රෝමයේදී
ලූක් ලියවුනේ ක්‍රි. ව. 80 දී කොරින්තියේදී
මතෙව් ලියවුනේ ක්‍රි.ව. 85 දී අන්තියෝකියේදී
(1) මේ සියළුම වාක්‍ය කණ්ඩ නිවැරදිය.
(11)Q හා L ලියැවුනු ස්ථාන වැරදිය.
(111)ලියැවුනු වර්ෂ වෙනස්වී ඇත.
(1v)මේ පිළිබඳ නිශ්චිත නිගමන නැත.
39.ලූක්ගේ ශුභාරංචියෙහි පමනක් සඳහන් වන ඇති විස්තර වන ලක්ෂන මොනවාද?
යේසුස්වහන්සේගේ, ළමා කාලය හා ඉගැන්වීම් පිළිබඳ විස්තර
40.යේසුස් වහන්සේ උපමාවලින් දේශනා කලේ දේව රාජ්‍ය ගැනය. නුමුත් හට ගත්තේ දේව රජ්‍යයයි.
කුඩා රැල,රූපක,දේව රාජ්‍යය් න්‍යෂ්ඨිය,ප්‍රතිපත්ති ගරුකවීම,ව්‍යාප්ත කිරීම යන කරුණු ඔස්සේ ඉහත පාඨයන්ට සුදුසු පිළිතුරක් ගොඩ නඟන්න.
*දේව රාජ්‍යයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන හා වර්ධනය කරන කුඩා පිරිස හැඳින්වූ නම:කුඩා රැල
*කුඩා රැල හා දේව රාජ්‍ය අතර සම්බන්ධය විස්තර කලේ:ලුනු,ආලෝකය හා මුහුන් යන රූපක මඟින්
*දේව රාජ්‍යයේ න්‍යෂ්ඨිය කුමක්ද:දේව සභාවයි
*දේව සභාවේ කාර්යයන් මොනවාද:දේව රාජ්‍යය ආරක්ෂා කිරීමයි,පිරිසිදුව තබා ගැනීමයි,ප්‍රතිපත්ති ගරුකව පැවැත්මයි,ව්‍යාප්ත කිරීමයි
41.ගෝලයන් යන්න විග්‍රහ කරන්න
(1)යේසුස් වහන්සේට සමීපව ජීවත්වූ කුඩා පිරිස
(11)උන්වහන්සේ තමන්ගේ නායකයා/ගුරුවරයා ලෙස පිළිගත් සාහෙන පිරිසක්
(111)අදහාගත් සියල්ලන්
42.ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයකු වීමට ඔබ කැමතිද?යේසුස් වහන්සේගේ ඉගැන්වීම් හා ක්‍රියා පොත ඇසුරෙන් නියම ගෝලයකුට තිබිය යුතු ලක්ෂන පහදා දෙන්න.
43.පෙන්තකොස්ත දිනයේ ශුද්ධාත්ම ප්‍රධානය නිසා ක්‍රිස්තියානි සභාව/ඇදහිලිවතුන් තුල ඇතිවූ වෙනස්කම් මොනවාද?
(1)ඇදහිලිවතුන් තුල පොදු ජීවිතයක් ඇතිවෙයි
(11)එකිනෙකාට ප්‍රේම කරන සභාවකි
(111)විවිධ දීමනා ඇති අය සහිත අපෝස්තලික සභාවකි
(1V)ඇදහිලිවතුන් තුල ඒකත්වයක් ඇතිවෙයි
44.A :අදහාගත් සියල්ලන් අළුත් ගෝලයන් වේ.
B :සැහෙන ගෝල පිරිසක් සිටි බව
C :කුඩා රැළක්
නව ගිවිසුමේ ගෝලයන් හඳුන්වා දීමේදී ඉහත පිළිවෙලට විස්තර දක්වා ඇත්තේ
(1) A-මතෙව් ශුභාරංචිය, B-ලූක් ශුභාරංචිය C-යොහන් ශුභාරංචිය
(11) A-මාර්ක් ශුභාරංචිය, B -ක්‍රියා පොත, C- මතෙව් ශුභාරංචිය
(111)A -ක්‍රියා පොත, B-ලූක් ශුභාරංචිය C-මාර්ක් ශුභාරංචිය
(1V) A-ලූක් ශුභාරංචිය, B-ක්‍රියා පොත, C-මතෙව් ශුභාරංචිය
46.ශුද්ධාත්ම ප්‍රධානය නිසා ඇදහිලිවතුන් තුල ඇතිවන්නාවු නව ජීවිත වෙනස්වීම මොනවාද?
(1)ඇදහිලිවතුන් නව මැවිලි වන්නෝය
(11)යහපත් ගුනධර්ම වර්ධනය වෙයි
(111)ඇදහිලිවතුන් තුල සදාචාරය වර්ධනය වෙයි
(1V)ඇදහිලිවතුන් සියල්ලන් අතරත් මුළු විශ්වයේත් දේව කාර්යයන්හී නියුක්ත වෙයි
(V)ඇදහිලිවතුන්ගේ ජීවිත තුල් විෂේෂ ලකුණු එනම් බලය,ජීවනය,මහිමය හා ප්‍රීතිය ඇතිවෙයි.
47.ශුද්ධාත්ම දීමනා නම් කරන්න.
*උවදෙස් දීමේ ප්‍රඥාව counseling
*ධර්මය පහදා දීමේ ඥානය
*ශුද්ධාත්මයානන් තුල නොසෙල් වෙන ඇදහිල්ල
*සුව කිරීම
*හාස්කම් කිරීම
*දිවැසි වැකි කීම
*ආත්ම විසඳීම හෙවත් වෙනත් අයගේ සිත් කියවීමේ හැකියාව
*අන්‍ය භාෂා වලින් කථා කිරීමේ හැකියාව
*එම භාෂා තේරුම් කර දීමේ හැකියාව
48.ආසියාතික ක්‍රිස්තියානි සම්මේලනය Conference of Asia මඟින් ආසියාවේ අන්‍ය ආගමීකයන් අතර හොඳහිත දියුණු කිරීම තම වැඩ පිළිවෙලට ඇතුලත් කර තිබේ.ශ්‍රී ලංකාවේ කිතුනුවන් ; බෞද්ධ,හින්දු,මුස්ලිම් ජනතාව සමඟ සුහදත්වය වර්ධනය කර ගැනීම කල හැක්කේ,
A:පාලක පක්ෂයට ලංවීමට වඩා දුගී ජනතාවට ලංවී සිටින පිරිසක් වීම
B:ලාංකීය සංස්කෘතියට නැඹුරු වීම
C:අන්‍ය ආගමීක ධර්ම අගය කිරීම
නිවැරදි කණ්ඩය වන්නේ
(1) A හා B
(11) B හා C
(111) A හා C
(1v) මේ සියල්ලම
49.1948 චීන කොමියුනිස්ට් ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේ එහි කිතුණුවන්ට තම කටයුතු කරගෙන යාමට අවසර ලැබුනු එක් කොන්දේසියක් වනුයේ
(1)ඉරිදා දිනවල දේව මෙහෙයන් නොපැවැත්වීම
(11)විදේශීය ආධාර මුදල් නොගැනීම
(111)නව සාමාජිකයන් බඳවා නොගැනීම
47.ආසියානු ක්‍රිස්තියානි සභා එක්සත්වී පිහිටුවා ඇති සංවිධානයේ නම
(1)ආසියාතික ක්‍රිස්තියානි සම්මේලනය
(11)ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය
50 .Three Self Movement යටතේ චීනයේ ප්‍රොතෙස්තන්ත සභා සංවිධානයවී සිටිති.එහි අරමුණ වන්නේ
චීන ඇදහිලිවතුන්ගේ සභාව,
(1)ස්වයංපාලනය යෙහි නියුක්තවීම
(11)මුදලින් ස්වයම්පෝෂිතවීම
(111)ස්වශක්තියෙන් කටයුතු කිරීම
(1v)ඉහත සියල්ලම සහිත සභාවක් වීම
51.1948 කොමියුනිස්ට් ආණ්ඩුවක් චීනයේ බලයට පත්වීමත් සමඟම චීන ක්‍රිස්තියානි ඇදහිලිවතුන්ගේ සභාව ඉදිරියට ගෙන යාමට ආසර ලැබුනේ කවර කොන්දේසි යටතේද?එම කොන්දේසි නම්,
(1)විදේශිය මුදල් ලබා ගැනීම තහනම් විය.
(11) ,, මිෂනාරි පාලනය තහනම් විය.
(111) ,, මිෂනාරිවරුන්ගේ සේවය ලබා ගැනීම තහනම් විය
52.ආසියාතික ක්‍රිස්තියානි සම්මේලනය විසින් කරනු ලබන කාර්යයන් මොනවාද?
*ආසියාතික ධර්මදූත හෙවත් මිෂනාරි ව්‍යාපාර ප්‍රෂ්න විසඳීම
*සංවර්ධනය හා යුකතිය පිළිබඳ ප්‍රෂ්න විසඳීම
*ආසියාතික සභා අතර සමඟිය ඇති කිරීමට උත්සාහ දැරීම

පෙන්තකොස්ත දින ශුද්ධාත්ම ප්‍රධානයවූ ස්ථානය ලෙස සැලකෙන උඩුමහල් මැඳුර පිහිටි ස්ථානය The Cenacle on Mount Zion, claimed to be the location of the Last Supper and Pentecost. Bargil Pixner[8] claims the original Church of the Apostles is located under the current structure.

Kathmandu, 8th April 2012
Passover service organized by Kathmandu Valley Churches was held in Tundikhel, Kathmandu on Sunday. Thousands of Christians were gathered Kathmandu, 8th April 2012
Passover service organized by Kathmandu Valley Churches was held in Tundikhel, Kathmandu on Sunday. Thousands of Christians were gathered together from various Churches of Kathmandu and Lalitpur to mark the Resurrection of Jesus Christ. During the procession thousands of gospel tracts were distributed.

Roman catholic church in yangjing viliage Tibet-1877, China Inland Mission by Hudson Taylor sent a missionary to Tibet and he visited some places, not Lhasa. Prior to that, according to Tibet Daily (11-13-2011) , in 1865 two foreign Catholic missionaries came to today’s Yan-jing village, Naxi town, Yankang county of Tibet, where bordered with Sichuang and Yunnan provinces (西藏芒康县纳西乡上盐井村), founded a Catholic church with a church building. It is the only Roman Catholic Church in Tibet and still active (no doubt in a form of state-sanctioned 3-self system not under Vantican) with members mostly from the village of about one thousand population. See two photos of the church building below:

Wolvendaal Church in Colombo is the oldest Protestant church of Sri Lanka. The church is named after the place Wolvendaal. The floor tiles of the church are made from the Dutch church in the fort and were brought here in 1813. The Dutch reformed church came to Sri Lanka in 1642. The governing body of the church was established in 1658 introducing the Protestant church or what they called ‘True Christian Reformed Church’. Church councils were set up in Colombo, Galle and Jaffna propagating conversion measures. The Dutch assumed the administration of Colombo and its outskirts, whereby the surrounding region of the church was called Wolvendaal (Valley of Wolves). John Penry Lewis his work List of Inscriptions on Tombstones and Monuments in Ceylon (1913) refers to ‘a marsh or a swamp frequented by jackals.’ Features of Wolvendaal Church in Colombo: – The church celebrated its 255th anniversary recently. – The hill which houses the church is believed to have derived its name from the milieu. Several versions of the name Wolvendaal were used in the colonial times including Wolfendhal and Wolfendahl. – The Wolvendaal Church in Colombo is located on a hill offering breathtaking views of the Colombo harbor and the fort. – The Dutch decided to build this fascinating church in Wolvendaal to replace the old Roman-Catholic church, the Church of St. Francis, situated in the former Gordon Gardens in the Colombo Fort. – Construction work of the church began in 1749 during the term of office of Governor Julius Valentijn Stein Van Gollenesse (1743-51). His initials J.V.S.V.G. are inscribed to commemorate his contribution to the building. – The building exemplifies Doric form of architecture and the base is in the shape of a cross. The church is thus called Kruiskerk in Dutch. – The roof in the center of the building resembles a dome supported by concrete walls of coral and lime plaster. – The church is a surviving example of Dutch colonial architecture, echoes the Dutch Christian ethos and a striking amalgamation of Dutch and Sri Lankan cultures.
No comments yet.








Sinhala Unicode