holy temple

holytemplenet's blog

මතකයෙන් ගිලිහුනු යුදෙව් අනාථයෝ-දෙබිඩි පිළිවෙත-Fogotten Jewish Refugees- Double Standard

මතකයෙන් ගිලිහුනු යුදෙව් අනාථයෝ-දෙබිඩි පිළිවෙත-Double Standard
1948 දී ඊශ්‍රායෙලය පිහිටුවනවාත් සමඟම අරාබි රාජ්‍යයන්හී වර්ෂ දහස් ගනනාවක් තුල වාසය කල යුදෙව් ජාතිකයන් ලක්ෂ 08 කට වඩා එම රටවලින් නෙරපා හැරින.ඔවුන්ගේ වත්කම් සියල්ලම රාජසන්තක කරන ලදී.
ඉරාකයේ සිටි යුදෙව්වන්ගේ ඉතිහාසය ක්‍රි.පූ. 598දී හා ඊට පසුව  බබිලෝනියේ හා අසිරියාවේ විප්‍රවාසයට රැගෙන යන ලද ඉපැරනි ඊශ්‍රායෙල් හා යුදෙව් ජන වාර්ගීකයන් දක්වා දිව යයි.වර්තමාන ඉරාකය පිහිටා ඇත්තේ පැරනි බබිලෝනියානු දේශපාලන සිතියම ඇතුළතය.
ඒ අනුව ඉරාකයේ යුදෙව්වන්,  ඉස්ලාම් ආගම බිහිවීමට (ක්‍රි.ව. 690 ) ශත වර්ෂ දහස් ගනනකට  පෙර සිට එරට වාසය කළේය.
ඊජිප්තුවේ සිටි යුදා ජාතිකයින් අතිශයින් සමෘධිමත් ජන කොටසක් වූහ.ඇලෙක්ෂන්ඩ්‍රියාව,කයිරෝව ඇතුළු නගරවල සිනගෝග (යුදාගමීක නැමදුම් හල් )සිය ගණනාවක් පිහිටා තිබින.
ඔවුන්ට වෙනම පාසැල් තිබින.ඔවුන් සුව පහසු නිවෙස්වල වාසය කලහ.
1948 දී ඩේවිඩ් බෙන් ගුරියන් විසින් ඊශ්‍රායෙල් දේශය ප්‍රකාශයට පමුනුවනවාත් සමඟම යේමනයේ සිටි යුදෙව්වන් 45,000ක් එක් කණ්ඩායමක් ලෙස ඊශ්‍රායෙලය බලා පිටත් වූහ. යේමනයේ යුදෙව්වන් වාසය කළේ වැඩි වශයෙන් පිටිසර බද ප්‍රදේශවලය.එකල සංනිවේදන ක්‍රමයන් නොදියුනු තත්ත්වයේ පැවතියද ඊශ්‍රායෙලය ස්ථාපනය කිරීමේ ප්‍රකාශය ඔවුන් අතර විදුලි වේගයෙන් පැතීර ගියේය.එසකියෙල් දිවැසිවරයාගේ පොතෙහි සඳහන් ඊශ්‍රායෙල් රාජ්‍ය දැන් පිහිටුවා ඇති බව යුදෙව් රබ්බී වරුන් විසින් සිය ජනතාවට පවසන ලදැයි කියනු ලැබේ.
‘ඔපරේෂන් මැගික් කාපට්’ Operation Magic Carpet නැමැති මෙහෙයුමෙන් ඔවුන්ව ගුවන් මඟින් ‘පොරොන්දු දේශය’ වෙතට රැගෙන යනු ලැබීය.ජීවිතයේ පළමු වරට ගුවන් යානාවක් දුටු යේමානු ජාතික යුදෙව්වන් ගුවන් යානවලට ගොඩවීමට මැළි වූහ.ඊශ්‍රායෙල් දේශය නැවත ප්‍රතිස්ථාපනය කල විට යුදා හා ඊශ්‍රායෙල් ජාතිකයන් ‘රාජාලි පියාපත් මතින් ‘ ඊශ්‍රායෙල් දේශයට පැමිනෙන බවට එසකියෙල් හා යෙසාය දිවැසිවරුන් විසින් පවසා ඇති අනාගත වාක්‍ය සඳහන් ශුද්ධ ලියවිලි පාඨ යුදෙව් ධර්මාචාර්ය වරුන් හෙවත් රබ්බි වරුන් විසින් පෙන්වා දෙනු ලැබීය.යේමානු ජාතික යුදෙව්වන් ගුවන් යානාවලට ගොඩවූයේ ඉන් පසුව බව සඳහන්ය.
පහත දැක්වෙන වීඩියෝ හා ඡායාරූප වලින් දැවෙන්නේ 1948දී ඊශ්‍රායෙල් දේශය ස්ථාපනය කිරීමත් සමඟම අනාථයන් ලෙසින් අරාබි රටවලි නෙරපා හරින ලද අමතක කරන ලද යුදෙව්වන් පිළිබඳ කථාවයි.
පලස්තීන ‘අනාථයන්’ ගැන පුන පුනා කථා කරන අය යුදෙව් අනාථයන් ගැන මුනිවත රකින්නේ මන්ද? ලිබියාවේ සමහර යුදෙව් නැමදුම්හල් /සිනගෝග ,මුස්ලිම් පල්ලි බවට පත් කල බව සඳහන්ය.
මේ සියල්ලම් එක වචනයකින් සඳහන් කල හැක.දෙබිඩි පිළිවෙත! Double Standard


Libyan Israeli /Jewish refugees are fleeing from their motherland-Libya in 1948

Libyan Jewish/Israeli refugees are fleeing from their motherland-Libya in 1948

Jewish refugees are fleeing from Libya in 1948

  Jewish refugees boarding on a ship from a port in Libya in 1948

 

About these ads

October 2, 2012 - Posted by | news from israel

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 35 other followers

%d bloggers like this: