ඊජිප්තියානු Egyptian කෝප්ටික් ක්‍රිස්තියානි වරුන් නව පාප් වහන්සේ කෙනෙක් සිය සංඝයට පත් කර ගැනීමට සැරසේ.

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර පිහිටි ශුද්ධවර මාර්ක් නමට කැපකළ මහ දෙව් මැඳුරේ අභ්‍යන්තර පෙනීම Interior of the St. Mark Cathedral in Alexandria,Egypt
ඊජිජ්තියානු සමූහාන්ඩුවේ (මිසර )කෝප්ටික් ක්‍රිස්තියානි ඇදහිලිවතුන්ගේ සංඝයන් විසින් 111 වැනි ශෙනව්ඩා පාප් වහන්සේ වෙනුවට වෙනත් පාප්වහන්සේ කෙනෙකු පත් කර ගැනීමට ඡන්දය භාවිතා කළහ.
ඔවුන් 05 දෙනෙකුගෙන් යුතු ලැයිස්තුවකින්, සභා නායකයන් 02 හා පැවිද්දෙකු 118 වැනි පෝප් වරයා වශයෙන් තෝරා ගැනීම සඳහා අවසාන වටයට තෝරා ගත්හ.
මෙම පුද්ගලයන් 03 නාගේ නම් කඩදාසි කැබලි වල ලියා බඳුනක බහා කයිරෝහී පිහිටි මාර්ක් ශ්‍රාවකයා නමට කැපවුනු මහ දෙව් මැඳුරේ ඇතුළු වැට(අල්තාරය )මතුයෙහි තබා ඇත.
දෑස් ආවරනය කරන ලද දරුවෙකු විසින් නොවෙම්බර් 04 වෙනි දින මේ නම් අතුරින් එකක් තෝරා ගැනීම මඟින් නව පාප් වහන්සේව පත් කර ගැනීමට නියමිතය.
එසේ තෝරා ගත් පුද්ගලයා නොවෙම්බර් 18 වන දින නව පාප් වහන්සේ වශයෙන් පත් කරනු ලැබේ.
පසු ගිය සඳු දින වැඩ බලන පාප් වහන්සේ වන පැඛොමියස් පවසා සිටියේ ඡන්දය දීමට සුදුසුකම් ලැබූ පුද්ගලයන්ගෙන් 2400 ගෙන් 93%ක්ම සිය ඡන්දය පාවිච්චි කර ඇති බවය.
කිතුනු සංඝය විසින් ඡන්දය දීම සඳහා තෝරා ගත් නියෝජිත්යින් අතර සංඝයේ ක්‍රියාශීලි පුද්ගලයින්,ප්‍රකට පුද්ගලයන් හා ඊජිප්තියානු කෝප්ටික් කිතුනු සංඝය හා ඓතිහාසික සම්බන්ධකම් පවත්වන ඉතියෝපියානු කිතුනු සංඝයේ නියෝජිතයන්ද වෙයි.
කෝප්ටික් සංඝයේ උත්තරීතර අධිකාරිය වන සිනොඩ් සමුළුවේ සාමාජිකයෙකු හා හිටපු පාප් වරයාගේ සහායෙකුවන 54 හැවිරිදි සභා නායක රෆායෙල්ද,සිනොඩ් සම්ළුවේ සාමාජිකයෙකු හා සංඝයේ වැඩ බලන නායකයාගේ සහායකයෙකුවන 60 හැවිරිදි සභා නයක සභානායක ටව්ඩ්‍රොස්ද සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ පැවිද්දෙකු වන රෆයෙල් අව මිනා පියතුමාවද, ඔවුන් තෝරා ගත්හ.
මෙම අපේක්ෂකයන් 03 නා අතුරින් වැඩි මහළු අය වන්නේ 70 හැවිරිදි රෆායෙල් අව මිනා පියතුමාය.
නව නායකයා ඊජිප්තියානු නව ජනාධිපතිවරයා හා සම්බන්ධකම් පවත්වන සංඝයේ ප්‍රධාන පුරුක වනු ඇත.
“අපි සැම විටම දේශයේ ඉතිහාසයේ සන්ධිස්ථානයක නව පාප් වරුන් තෝරා පත් කර ගන්නෙමු, පසු ගිය පාප් වරුන් 02කු තෝරා ගන්නා ලද්දේ ඊජිප්තියානු ජනාධිපතිවරුන් 02 කුගේ පාලන කාලයන් හී ආරම්භයත් සමඟය” යි ස්වෙච්ඡා සේවක ශාක ටලාට් ප්‍රංශ පුවත් සේවයට පැවසීය.
“අපි සැම දෙනම ඊජිප්තුවේ තත්ත්වය ගැනත්,ඉස්ලාම් වරුන් බලයට පත්වීම ගැනත් බෙහෙවින් කනස්සල්ලෙන් සිටිමු,නුමුත් කෝප්ටික් සංඝයේ ඇදහිලිවතුන් සැමවිටම හිංසා වලට ලක් කරන බවද මග්ඩි හෙල්මි නැමැති 53 හැවිරිදි කෝප්ටික් සංඝයේ ඡන්දදායකු වන සමුළු නියෝජිතයෙකු රොයිටර් සේවයට පැවසීය.
සංගය අයහපත් කාලයන් ජයගත හැකි දැනුමැත්තෙකු වී අතැයි ඔහු වැඩි දුරටත් පවසීය.
88 වියෙහි පසුවූ 11 වන ශෙනෙව්ඩා පාප් වහන්සේ පසු ගිය මාර්තු 17 වෙනි දින පිළිකා රෝගි තත්ත්වයෙන් මිය ගියේය.
පසු ගිය වසරගනනාවක් තුල කිතුනු දෙව් මැඳුරු ගොඩනැඟිලි වලට ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් ඔහු රාජ්‍ය බලදාරීන් දැනුවත් කළේය
ලොව පිහිටි ඉපැරනි කිතුනු සභා සංඝයකට ඔහු දශක 04 තුල නායකත්වය දුන්හ.
තරුන කෝප්ටික් කිහුනුවෝ,ශීඝ්‍රයෙන් වෙනස් වන පශ්චාත් මුබාරක් සමයේ ඊජිප්තුවේ කෝප්ටික් සංඝයේ කාර්ය භාරය නැවත සකස් කල් හැකි නායක යෙකු ගැන බලා සිටිති.
BBC වෙබ් අඩවියෙන් මෙහි දැක්වෙන සමහර විස්තර උපුටා ගෙන ඇත.
මුල් ගෝල 12 ට අයත් මාර්ක් අපෝස්තුළුවරයා විසින් කෝප්ටික් ක්‍රිස්තියානි සංඝය ගොඩ නැඟු බව සාම්ප්‍රදායික කෝප්ටික් මතයයි.
කෝප්ටික් ක්‍රිස්තියානි දෙව්මැඳුරු පින්තුර සඳහා මෙම සබැඳියාව භාවිතා කරන්න.
No comments yet.








Sinhala Unicode