යෙරුසලම මම ඔබ කෙසේ අමතක කරම්ද?-If I forget thee, O Jerusalem, let my right hand forget her cunning- Psalms 137:05
මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ ක්‍රි.පූ. 586දී බබිලෝනියානු රජවූ නෙබුකද්නේසර් රජු විසින් යුදා රාජ්‍ය ආක්‍රමනය කොට යෙරුසලමත් දෙව් මැඳුරත් විනාශ කොට දමා යුදා වැසියන්(ඊශ්‍රායෙල් )බබිලෝනියාවට විප්‍රවාසයට රැගෙන යාමෙන් පසුව ඔවුනට එරටේදී මුහුන දීමට සිදුවූ තත්ත්වයත්, බබිලෝනියාවේ විප්‍රවාසිව සිටියදී ඔවුන් යෙරුසලම සිහිපත් කොට දුක් ගීත ගායනා කල ආකාරයත්ය.
ශ්‍රී ලාංකීය ඉතිහාසයේදීද මෙවැන්නක් සිදුවී ඇත.ගජබා රජ සමයට පෙර , සොලී රජුන් මෙරට ආක්‍රමනය කොට මෙරට වැසියන් එරටට විප්‍රවාසයට රැගෙන ගිය බවත් පසු කාලීනව ගජබා රජු සොලී රටට ගොස් යුධ කොට මෙරට වැසියන් නිදහස් කොට ගෙන පැමිනි බවත් , ඒ සමඟම සොලී රටෙන්ද වැසියන් මෙරට විප්‍රවාසයට රැගෙන ආබවත් සඳහන් වෙයි.
මෙසේ රැගෙනා ආ වැසියන් නුවර පලාතේ පදිංචි කරවන ලද බවත් ඔවුන්ට සිය ගේ දොරවල් පරිත්‍යාග කල සංසිද්ධිය මුල් කොට ගෙන උඩ රට අද දක්වාම එක්තරා කුල හෙවත් වර්ග නාමයක් හැඳින්වෙන බවත් ම විසින් අසා ඇත.
සොලී රටෙන් රැගෙන එන ලද වැසියන් ලක්දිව එක්තරා ප්‍රදේශයක පදිංචි කරවන ලද බවත් ඔවුන් අද දක්වාම මෙරට වසන බවත් සඳහන්ය.
This video is shared from the You Tube
[You Tube http://www.youtube.com/watch?v=hirqJx6pth8&w=420&h=315%5D
Scenes of the Holy city

Dead sea scrolls house here මළ මුහුද අසල කුම්රාන් ගුහා වලින් 1947දී හමුවූ මළ මුහුදේ ඇකුළුම් ලියවිලි Dead sea scrolls ලෙස ප්‍රකට ලියවිලි සංරක්ෂනය කොට ඇත්තේ මෙහිය.

Second and Third Holy Temples once stood here. පලමු හා දෙවන ශුද්ධ දෙව් මැඳුරු පිහිටා තිබුනේ මෙතැනය.පලමු දෙව් මැඳුර සොලමන් රජු විසින්ද දෙවැන්න දිවැසිවර නෙහෙමියා හා සෙරුබ්බාබෙල් විසින්ද ගොඩ නඟන ලදී.පසු කාලීනව හෙරෝද් නරපතියා විසින් දෙවැන්න පිලිසකර කරනු ලැබීය.ක්‍රිස්තුස් වහන්සේ යාම් ඊම් කළේ මෙම දෙව් මැඳුරටය.
පලස්තීන අධිකාරිය බෙත්ලෙහෙමේ ක්‍රිස්තියානි දෙව්මැඳුරක් තහනම් කර වසා දමති!
http://www.cbn.com/media/player/?s=cbnlive-3.
පලස්තීන අධිකාරිය
බෙත්ලෙහෙමේ
ක්‍රිස්තියානි දෙව්මැඳුරක්
තහනම් කර වසා දමති!
බෙත්ලෙහෙමේ ප්‍රථම බැප්ටිස්ට් ක්‍රිස්තියානි සභාව/සංඝය වසා දමන ලෙස පලස්තීන අධිකාරිය විසින් පසු ගිය සෙනසුරාදා එනම් 03.03.2012 දින නියෝග කරනු ලැබූ බව ‘මෙසියානික යුදෙව් ඇදහිලිවතුන්ගේ සංගමයේ’ (ක්‍රිස්තුස්වහන්සේ මෙසියස්වහන්සේ බව පිළි ගන්නා යුදෙව් ඇදහිලිවතුන්) රසල් රෙස්නික් රබ්බිවරයා පවසයි.බැප්ටිස්ට් සංඝයේ ප්‍රධාන දේව ගැති නයීම් කෝරිගේ පුත් ස්ටීවන් කෝරි දෙව් ගැතිඳුන් විසින් මේ බව පැවසූ බව ඔහු පවසයි.
බෙත්ලෙහෙමේ පිහිටි සිය පියාගේ දෙව් මැඳුරට පැමිනි පලස්තීන අධිකාරියේ නියෝජිතයන් විසින් තමන්ට මෙසේ දැන්වූ බව ස්ටීවන් කෝරි විසින් තමන්ට දන්වන ලද බව රෙස්නික් වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම බෙත්ලෙහෙම් දෙව් මැඳුර පලස්තීන අධිකාරිඅය විසින් වසා දැමීමට විශේෂිත හේතුවක් ඔවුන් විසින් සඳහන් නොකලද තමන් ( දේවධර්මානුකූල ) වශයෙන් ඊශ්‍රායෙලයට සහාය දැක්වීම මෙයට හේතුවිය හැකි බව ඔහු විසින් සඳහන් කර ඇත.
ඊශ්‍රාරායෙල්වරුන් සිය මව් බිමේ නැවත ස්ථාපනය කිරීම පිළිබඳ (බයිබලීය දිවැසාවලි හා ඉගැන්වීම් )පිළි නොගන්නා බෙත්ලෙහෙම මුල් කොට ගනිමින් පිහිටුවා ඇති කිතුනු සභාවන් විසින් සංවිධානය කරන ලද ‘ක්‍රයිස්ට් ඇට් ද චෙක් පොයින්ට් ‘ Christ at the check point’ නැමැති සම්මේලනය පවත්වා දිනකට පසුව මෙම තීරනය ගැනීම බලවත් සැකයට හේතුවක් බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
මෙසියානික ක්‍රිස්තියානි බ්ලොගයක් වන රෝෂ් පිනා වැඩ සටහනට අනුව පලස්තීන අධිකාරියේ අගමැති සලාම් ෆයියාඩ් ඉහත කී සමුළුවට මීට ටික දිනකට පෙර සහභාගි වූ බවත් එය ඇමතූ බවත් එම බ්ලොගය සඳහන් කරයි.
CBN රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට 2009 දී සහභාගිවූ ස්ටීවන් කෝරි විසින් බෙත්ලෙහෙමේ ක්‍රිස්තියානි ප්‍රජාව හිරිහැරවලට ලක්වී සිටින ආකාරය පෙන්වා දෙනු ලැබීය. එම VIDEO ව පහතින් දැක්වේ.
බෙත්ලෙහෙමේ ක්‍රිස්තියානි
ප්‍රජාවගේ ආගමීක නිදහස ලබා
දෙන ලෙස පලස්තීන අධිකාරියේ
නායකයින්ගේ සිත් වෙනස් කරන
ලෙස සියළුම ඇදහිලිවතුන් විසින්
දෙවි සමිඳුන්ට සිය යාඤාවලදී
සඳහන් කල යුතුය.මන්ද යත්
කිතුනුවන්ගේ බලවත්ම අවිය යැදුම
බැවිනි.
‘Palestinian Eskimos and Israel’s vanishing species’







