ගෝලීය ආර්ථික ප්‍රවනතා මත තෙල්මිල උච්චාවචාන වීම අනුව රුපියල අවප්‍රමානවීම මෙන්ම දේශීය, භාංඩ සේවා මිළ අඩු වැඩිවීම තේරුම් නොගෙන ගැලරියට ඇමතීම


ජේවීපී මහත්වරුනි, දුෂීත, රාජපක්ස රෙජිමය පලවා හැරීමටත්, වත්මන් යහ පාලන ගෙන ඊමටත් ඔබලාත් දායක වූ බව අමතකද?

ගෝලීය ආර්ථික දුෂ්කරතා අප රටට බලපාන විට ඔබලා විසින් කල යුත්තේ ගැලරියට ආමන්ත්‍රනය කර ‘මතු යම් දිනෙක’ ඔබලා විසින්ම දුෂීත,අපරාධකාරි රෙජිමයක් ලෙස පුන පුනා සඳහන් කල උක්ත කන්ඩායම නැවත උඩට ගෙන ඒමට හොර පාරක් කැපීමද?

මා කලින් සිතුවේ ජාවීපේයේ සිටිනුයේ උගත් බුද්ධිමතුන් ලෙසය. දැන් බලන විට සිදුවී ඇත්තේ එහි අනිත් පැත්තය. මහත්වරුනි,ගැලරියට ආමන්ත්‍රනය කිරීමට පෙර ,

01.ලංකාවේ ඛනිජ තෙල් නැත.ඒවා ගෙනෙන්නේ ඉරානය,හා ගල්ෆ් කලාපීය රටවලිනි. ඇමරිකන්කාරයා එම රටවලට ආර්ථික සම්බාධක පනවන විට, ඉරාන තෙල් හෝමුස් සමුද්‍ර සංධිය හරහා එහා මෙහා යාමට නොහැකි විට ආර්ථික න්‍යානුකුලව බොර තෙල් මිල වැඩි වන බව ඔබලා දන්නේ නැද්ද.

එවිට ප්‍රවාහන හා වෙනත් පිරිවැය නිසා මෙරටට අපනයන කරන අනිකුත් භාංඩ හා සේවා මිළ වැඩි වන බව ඔබලා නොදන්නේ නම්,බන්දුල මහාතාගෙන් ටියුෂන් ලබා ගන්න!!  

02.සුදු පාලකයන් විසින් ජපනුන්ගේ බෝම්බ ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන පරිදි ත්‍රිකුනාමලයේ ස්ථාපනය කර ඇති තෙල් ටැංකි වලින් කොටසක් ඉන්දියානු සමාගමක් හා එක්ව හවුල් සමාගමකට පැවරීමට විරුද්ධ වීම නොකල යුතු දෙයකි.

ස්වභාවික ඛාදනයට වැඩි කල් නොයවාම ලක්වී විනාශවීමට ඉඩ නොදී තවමත් ඔඹ පක්ශය තුළ හොල්මන් කරන ‘රෝහන විජේවීරගේ කුප්‍රකට පංති 5 හේ ඉන්දියානු සෙවනැලි ”භීතිකාව” දැන්වත් ඉවත් කර ගන්න!!!!

ඔරුව පෙරළුන විට ඒ පැත්තට වඩා මේ පැත්ත හොඳයි කියමින් සුරුට්ටුව උරමින් සිටි හම්බ සහෝදරයා මෙන් , ගෝලීය ආර්ථික බලපෑම් අප රටට දැනෙන විට ‘සුරුට්ටු පත්තු කිරීම නොකරන්න!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

 
Image may contain: indoor
 
 
Advertisements

ඉරානය ,ටෙල් අවිව් වලට පහර දුනහොත් අප ටෙහෙරාන් වලට පහර දෙනවා- ඊශ්‍රායාල ආරක්ෂක ඇමති ලිබර්මන් සවුදි අරාබි පුවත් පතකට ප්‍රකාශ කරයි



Photo: Avi Moalem, AP

ඉරානය ටෙල් අවිව් වලට පහර දුනහොත් අප ටෙහෙරාන් වලට පහර දෙනවා- ඊශ්‍රායාල ආරක්ෂක ඇමති ලිබර්මන් සවුදි අරාබි පුවත් පතකට ප්‍රකාශ කරයි.
ලන්ඩනය මාද්‍ය කොට පිහිටා ඇති එලාෆ් පුවත් පත හා සාකච්චාවකට එක් වෙමින් ඉරානය සම්බන්දයෙන් දැඩි ස්ථාවරයක පිහිටා කරුනු දැක්විය.සිරියාවේ ඉරාන හමුදා කටයුතු නැවැත්වීමටත්, ප්‍රතිඵලය කෙතරම් බරපතල වුවද ගොලාන් කඳුකරය ආසන්නයට අති නවීන අවි ආයුද ගෙන ඒමට ඉරානුවන්ට ඉඩ නොතබන බවට සඵත කළේය.

ඉරානය ටෙල් අවිව් නගරයට පහර දුනහොත් අපි ටෙහෙරාන් වලට පහර දෙනවා;සිරියාවේ පිහිටා අති සියළුම ඉරාන යුධ මෙහෙයුම් ස්ථාන විනාශ කර දමනවා. ඔහු තව දුරටත් පවසුවේ ඉස්ලාමීය ජනරජ රෙජිමයේ ආයු කාලය දින ගනනව්කට සීමාවී ඇති බවය.
තව දුරටත් ඔහු ” අපට කිසිවෙකු සමඟවත් යුද වදීමට අවශ්‍ය නැහැ, එසේම ප්‍රතිඵලය කවරක් වුවද ඉරානුවන්ට , සිරියාවේ රැඳී සිටීමට ඉඩ දෙන්නේ නැහැ”

මෙම සම්මුඛ සාකඡාව පළකල සවුදි පුවත් පතට මෙයට කලින් ප්‍රකාශයක් කල ඉශ්‍රායල හමුදා කාර්ය මංඩල පොරදානි එලික්සනෝල් විසින් පවසුවේ ‘ඉරානයට එරෙහිව ජාත්‍යන්තර සංධානයක් පිහිටවිය යුතු බවය.
“අපි සිරියාවේ සිවිල් යුද්දයට මැදිහත්වන්නේ නහැ, එහෙත් ඉරානයට සිරියාවේ හමුද කඳවුරු ඉඳි කිරීමටත් ඒවායේ අති නවීන අවි ආයුද වලින් සන්නද කිරීමටත් එමඟින් අපට ප්‍රහාර එල්ල කිරීමටත් තැත් කරනවා’

ඉරානුවන් ගෝලාන් උස් බිම්වලට ආසන්නයේ සිට විවිද ක්‍රියාදාමයන් සිදු කරමින් හිස්බුල්ලාවරුන්ට, සිරියාවට හා ලෙබනොනයට සහාය දක්වද්දී අපට නිකම බලා සිටිය නොහකි’
සිරියාවේ ටී-4 ගුවන් හමුදා කඳවුරට මෑතකදී පහර දෙනු ලබුවා, එය ඊශ්‍රායලයේ ක්‍රියාවක් බවට චෝදනා නගෙනවා.
එම කඳවුරේ අති නවීන ගුවන් ආරක්ශක පද්දතියක් ඉරානුවන් විසින් ස්තාපනය කර අති බවට ඊශ්‍රායලය විසින් චෝදනා කරනු ලබුවා.
ඔහු විසින් තව දුරටත් පවසුවේ,සිරියාවේ ස්ථානගත කිරීමට තත් ්කරනු ලබන සියලුම ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති , කවර කවර කැප කිරීමක් යටදේ වුවද අප විසින් ඒවා විනාශ කරන්නෙමු; ඒවා ඉඳි කිරීමට ඉඩ දෙන්නේ නහැ. ඔවුන් විසින් කරනු ලබන තර්ජන අපට ඇසෙනවා,ටෙල් අවිව් වල නිහැඬිතාවයක් නොමැති නම් ටෙහෙරාන් වලත් නැහැ!ඔහු වැඩි දුරටත් පවසා සිටියේ රුසියාව හා ඉශ්‍රායලය අතර ගැටුමක් ඇති නොවීම සඳහා දැනට සාකඡ්චා පැවතෙමින් ඇති බවයි.
මා කියන්නේ කවරඉක්දැයි මා දන්නවා,ඕනාම අවස්තාවකට අප සූදානම්,ඉරාන න්‍යශ්ටික ගිවිසුම දෙසට හරෙමින් ඔහු කියා සිටියේ ඉරාන මුල්‍ය ඒකකය පහත වටෙමින් තිබෙන බව්ය,ඇමරිකානු ජනාදිපතිවරයා ගිවිසුමෙන් ඉවත්වීමට තීරනය කිරීම නිස මෙසේ සිදුවී ඇත.
න්‍යශ්ඨික එකඟතාවයෙන් අමරිකානුවන් ඉවත්වීම ගන ඉරානුවන් භීතියට පත්වී අත.ඉරාන ආර්ථිකය ක්ඩා වැටෙනු අත.පාලකයන්ට එරෙහිව ඉරාන ජනාතාව වීදි බසින ආකාරය මම දුටිමි.ම්නට පෙනෙනවාඅ ඉතා ශීග්‍රයෙන් අගය හීනවී යන ඉරාන මුදල් ඒකකය,ඉරාන පාලනය ඉක්මනින් බිඳ වැටේවි, ඒ බව ඔවුන් දන්නවා!

ලිබර්මන් යෙරුසලම හා අනිකුත් අරාබි රටවල් හා අතර ඇති තානාපති සබඳතා ගනද කථා කලේය.නිහඬව හා ගැඹුරු ලෙසින් අරාබි රටවල් හා සාකඡා හා කෙරෙමින් පවතිනවා!මෙම සකච්චා නිවැරදි දිසාවට ගමන් කරන බවද ඔහු පැවසීය.

කෙසේ වතුදු එකී රටවල් හා ඊශ්‍රායෙලය අතර ආරක්ෂක සහයෝගිතාවයක් ඇතිද යන පැනයට පිළිතුරු දීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
අන්වර් සදාත් මෙන් පැමිනෙන ලෙස ඔහු වැඩි දුරටත් ආරාදනා කළේය

දැක්මක් ඇති නායකයො



වියට්නාමයේ, හනෝයි නුවර පවැත්වූ ලෝක ආර්ථික සංසදයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික මෙන්ම සමුළු සම සභාපතිත්වය ද දැරූ බොර්ජ් බ්‍රෙන්ඩ්, සමුළුව නිමාවේ ප්‍රකාශ කරමින් සමුළුව ඇමතූ අවස්තාව



ලෝක ආර්ථික සංසදයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික මෙන්ම සමුළු සම සභාපතිත්වය ද දැරූ බොර්ජ් බ්‍රෙන්ඩ් සමුළුව නිමාවේ ප්‍රකාශ කළේ, ASEAN රටවල අනාගතය පිළිබඳ ගැඹුරු සංවාදයක් ඇතිවූ බවය. එම රටවල වෙනසක් ඇති කිරීමට මෙම සමුළුව ඉවහල් වේය යන්න ඊට සහභාගිවූ ඇතැම් ප්‍රධානීන්ගේ ද අදහස වී තිබේ.

“හතරවැනි කාර්මික විප්ලවය සහ ව්‍යවසායකත්වය” තේමාකොටගනිමින් ලෝක ආර්ථික සංසද – ඒසියාන් (WEF on ASEAN) සමුළුව ඉකුත් 11 – 13 දිනවල වියට්නාමයේ හැනෝයි නුවරදී පැවැත්විණි. ලෝක ආර්ථික සංසදය නියෝජනය කරන ලෝක ආර්ථික හා කාර්මික බලවතුන්, ඒසියාන් සාමාජික රටවල නායකයන් ඇතුළුව දේශපාලන, ව්‍යාපාර, ඇකඩමික හා සිවිල් සමාජ ක්ෂේත්‍රවල 1000කට ආසන්න පිරිසක් ඒ සඳහා සහභාගි වී සිටියහ. ලෝක ආර්ථික සංසද වාර්ෂික සමුළුවේ සහභාගිත්වයද එබඳුය. මෙය හුදෙක් රාජ්‍ය නායකයන්, ආණ්ඩු ප්‍රධානීන් පමණක් සහභාගි වන සමුළුවක් නොවේ. සමාගම් හිමිකරුවන් රාශියක් ඊට සහභාගිවන අතර ඊට අමතරව පෙර සඳහන් කළ ක්ෂේත්‍ර ද ඇතුළුව නොයෙක් ‍ක්ෂේත්‍ර නියෝජනය කරන දහසකට වැඩි පිරිසක් ද සහභාගි වෙති.

‘ලෝක ආර්ථික සංසදය’ යනු ස්විට්සර්ලන්තය පාදක කොටගත් ලාබ නොලබන පදනමකි. වර්ෂ 2015දී ස්විස් රාජ්‍ය මඟින් එය “වෙනත් අන්තර්ජාතික කණ්ඩායම්” යටතේ එය පිළිගන්නා ලදී. මෙම සංසදයේ මෙහෙවර වශයෙන් ප්‍රකාශයට පත්ව ඇත්තේ, ව්‍යාපාර, දේශපාලන, ඇකඩමික ක්ෂේත්‍ර සහ සමාජයේ වෙනත් ක්ෂේත්‍රවල නායකයන්ගේ ද සහභාගිත්වය කලාපීය, ගෝලීය හා කාර්මික ක්ෂේත්‍රවල වැඩසටහන් සඳහා ලබාගැනීමය. එහි ආදර්ශ පාඨය, ලෝකය අද පවතින තත්ත්වයට වඩා ඉහළට ගැනීමය. ලෝක ආර්ථික සංසදයේ ආරම්භය 1971 ජනවාරි දක්වා දිවයයි. එහි නිර්මාතෘවරයා මහාචාර්ය ක්ලවුස් ෂ්වැබ්ය. ‘යුරෝපා කළමනාකරණ සංසදය’ යනුවෙන් මුලින් ඇරැඹි එය 1987 පටන් ‘ලෝක ආර්ථික සංසදය’ යනුවෙන් හැඳින්වේ. මේ සංසදය වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ජනවාරි මාසයේදී ස්විස්ටර්ලන්තයේ, දවෝස් හිදී පවත්වන වාර්ෂික සමුළුව නිසාය. ලෝක වෙළෙඳ සංවිධානය අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතනවලට මෙන්ම ලෝක ආර්ථික සංසදයට එරෙහිව ද ගෝලීයකරණ විරෝධීන්ගේ හඬනැඟීම් උත්සන්නවී ඇත. ඔවුන්ගේ එක් චෝදනාවක් නම් ලෝකය සමාගම් විසින් හසුරුවන තැනකට රැගෙනයමින් ඇති බවය. ජනවාරියේ පැවැත්වෙන එම ප්‍රධාන සමුළුවට අමතරව වසරක් තුළදී කලාපීය සමුළු 6 – 8 ක් පමණ පැවැත්වෙන අතර දින කිහිපයකට පෙර පැවැති සමුළුවද එවැන්නකි.

චීන බලපෑම

හැනෝයි සමුළුවේදී කලාපය සම්බන්ධයෙන් චීනයේ බලපෑමද අවධානයට ලක්විය. එහිදී චීන උප අගමැතිවරයා ප්‍රකාශ කළේ වෙළෙඳාම සම්බන්ධයෙන් බලපවත්වන ආරක්ෂණවාදී පිළිවෙත් ප්‍රතික්ෂේප කළ යුතු බවය. ASEAN රටවල පැහැදැලි ‍මතය වී ඇත්තේ වොෂින්ටනය මඟින් හසුරුවන ද්වීපාර්ශ්වීය ගනුදෙනු වෙනුවට චීනයේ බහුපාර්ශවීය වෙළෙඳාම අනුමත කළ හැකිය යන්නය.

ජාතික හා කලාපීය වැදගත්කම දෙසට අවධානය යොමුකරමින්; ව්‍යවසායකත්වයේ පටන් ආර්ථිකයේ හා වෙළෙඳාමේ ගතිකත්වය පවත්වාගැනීම දක්වා බලපාන උපායමාර්ගික ගැටලු දෙසට මෙම සමුළුවේදී ප්‍රමුඛ අවධානය යොමුවිය. විශේෂයෙන් 4 වෙනි කාර්මික විප්ලවය මඟින් ASEAN රටවලට ඇතිකර ඇති බලපෑම් දෙසට ‍එහි අවධානය යොමුව තිබිණි. නිදසුනක් ලෙස එම බලපෑම් ශ්‍රම වෙළෙඳපොළට බලපාන ආකාරය දැක්විය හැකිය. ඉදිරි වසර 15 ඇතුළත ASEAN රටවල ශ්‍රම බලකාය සෑම දිනකම 11000 කින් වැඩිවනු ඇතැයි අපේක්ෂිතය. එතරම් විශාල ශ්‍රම බලකායකට කෘත්‍රිම බුද්ධිය එනම් රොබෝ තාක්ෂණය මඟින් විය හැකි බලපෑම, දැනටමත් මෙම කලාපයේද දැකිය හැකිය. රියැදුරන් රහිත රථවාහන සුලබ වුවහොත් විය හැකි තත්ත්වය වැනි කාරණා මේ යටතේ සාකච්ඡාවට ලක්ව ඇත.

සමුළුවේ ප්‍රමුඛතාව

ගිනිකොණදිග ආසියානු රටවල් (ASEAN) සිය සංවිධානයේ 50 වෙනි සංවත්සරය සැමරුවේ 2017 වර්ෂයේදීය. එහි ඉතිහාසය ලෝක ආර්ථික සංසදයේ ආරම්භයට වඩා වසර කිහිපයකින් එපිටට ගමන්කරයි. ඉදිරි වසර 50ට අදාළ වන පරිදි සිය රටවල වෙළෙඳ – ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීම මේ සමුළුවේ ප්‍රමුඛතාවක් බව පෙනෙන්නට ඇත.

ගෝලීය ආර්ථිකයේ වර්ධනය මෑත වසර ගණනාවක් තිස්සේම මන්දගාමී විය. එය ASEAN රටවල ද බලපෑවේය. සිංගප්පූරුවේ ආර්ථික වර්ධනය 2016 වසරේදී ගෝලීය සාමාන්‍ය අගය වන 2% ටත් වඩා පහළට වැටිණි. ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, තායිලන්තය හා වියට්නාමය වැනි නැඟීඑන ආර්ථීක බලවතුන්ගේ පවා එය 4.9%ක් විය. 2010 වසරේදී එම වර්ධනය සටහන් වූයේ 6.9%ක් වශයෙනි. මෙබඳු පසුබිමක කලාපයේ ඇතැම් රටවල් දැනටමත් 4 වෙනි කාර්මික විප්ලවයේ බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීම අරඹා තිබේ. එකී බලපෑම්වලට අමතරව, නිෂ්පාදන වර්ධනයට සිදුව ඇති බලපෑම්, වයෝවෘද්ධ ජනගහනය වැඩිවීම, අඩු යටිතල පහසුකම් වැනි කාරණාද ASEAN රටවල හමුවේ ඇති අභියෝග වෙති.

කලාපීය සහයෝගීතාව

කලාපයේ සෑම රටකටම ඔවුන්ගේම ‍වන අභියෝග ජයගැනීමට සිදුව ඇති අතර සාමූහික වර්ධනයක් අත්කර ගැනීමේදී කලාපීය සහයෝගිතාව අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස මතුවේ. ASEAN රටවල් අතරින් ඉහළ ආදායම් ලබන වෙළෙඳපොළට අදාළව සිංගප්පූරුව හා බෲනයි රාජ්‍ය ඉහළින් ඇත. දෙවනුව මැලේසියාව හා තායිලන්තය එම වර්ගීකරණය යටතේ ඇත. වියට්නාමය අනතුරුවය. ඉන්දුනීසියාව හා පිලිපීනය මැදි ආදායම් වෙළෙඳපොළ රටවල් ලෙස ඊළඟට වර්ගීකරණය වී තිබේ. අවසන් මට්ටමේ සිටින්නේ කාම්බෝජය, ලාඕසය හා මියන්මාරයයි.

වෙළෙඳ, සෞඛ්‍ය, ප්‍රවාහන ආදී නොයෙක් ප්‍රමුඛ ක්ෂේත්‍රවල අභියෝග ජය ගැනීමට අදාළව පාරිභෝගික භාණ්ඩ, නිෂ්පාදන සමාගම්, වෛද්‍ය උපකරණ හා ඖෂධ සමාගම් ආදියේ භූමිකාව ලෝක ආර්ථික සංසදයේ සාකච්ඡාවට ලක්වෙමින් පවතී.

හනෝයි සමුළුවේදී භූ දේශපාලනික දෘෂ්ටිය පිළිබඳ පැවැති සාකච්ඡාවන්ට අදාළව ශ්‍රී ලංකා අගමැතිවරයාගේ අදහස් දැක්වීමක් ද සිදුවිය. ඊට අමතරව දකුණු කොරියන් හා වියට්නාම විදේශ ඇමැතිවරුන්ගේ ද සහභාගිත්වය ඊට ලැබිණි. සමුළුවේ ප්‍රධාන හා දීර්ඝම සැසිය 4 වෙනි කාර්මික විප්ලවයේ බලපෑම් ගැන අවධානය යොමුවූ සැසියය.

ලෝක ආර්ථික සංසදයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික මෙන්ම සමුළු සම සභාපතිත්වය ද දැරූ බොර්ජ් බ්‍රෙන්ඩ් සමුළුව නිමාවේ ප්‍රකාශ කළේ ASEAN රටවල අනාගතය පිළිබඳ ගැඹුරු සංවාදයක් ඇතිවූ බවය. එම රටවල වෙනසක් ඇති කිරීමට මෙම සමුළුව ඉවහල්වේය යන්න ඊට සහභාගිවූ ඇතැම් ප්‍රධානීන්ගේ ද අදහස වී තිබේ. මෙම එකතුවට අයත් රටවල් අතර වෙළෙඳාම තාක්ෂණ භාවිතය වේගවත් කිරීම, වැනි මාතෘකා වැඩි අවධානයට ලක්විය. තාක්ෂණයට ශීඝ්‍රයෙන් වෙනස්විය හැකි වුවද මිනිසුන්ට සහ ආණ්ඩුවලට එපමණ වේගයෙන් වෙනස්විය නොහැකි බව එහිදී මතුවූ අදහසකි. ඒ සඳහා මිනිසුන් පුහුණුකළ යුතු බව වියට්නාමයේ තොරතුරු හා සන්නිවේදන වැඩබලන ඇමැති න්හුයෙන් හන්ග් ප්‍රකාශ කර තිබිණි. එහිදී තාක්ෂණික පුහුණුව ලබාදීම පමණක් ‍ප්‍රමාණවත් නොවන බව අවධාරණය කළ ඔහු මෘදු කුසලතා (Soft Skills) ද ප්‍රගුණ කළ යුතු බව සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ 4 වෙනි කාර්මික විප්ලවය යනු මනස හැඩගැස්වීමේ විප්ලවයක්ද වන බවය.

4 වෙනි කාර්මික විප්ලවයත් සමඟ තම රටවලට ලබාගත හැකි අවස්ථා මොනවාද යන්න මෙන්ම ඒ වෙනුවෙන් ගතයුතු සූදානම සමුළුවට සහභාගි වූ රටවල නායකයන්ගේ අවධානයට ලක්විය. එම අපේක්ෂාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිපත්තිමය හා උපායමාර්ගික වෙනස්කම් සිදුවීමට ඉඩ තිබේ.

ලිබරල් ධනවාදය

අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි මාතෘකාවලට මේ සංවාදයේදී වැඩි අවධානයක් යොමුවිය යුතු බව මුල පටන්ම අවධාරණය වූ කාරණයකි. කාන්තාවන් අධ්‍යාපන ක්‍රියාවලියේ පෙරට එමින් සිටීම වැනි කාරණා දෙසටද එහිදී අවධානය යොමුවී තිබේ.

ඉකුත් දශක කිහිපය තුළ සිය ඉලක්ක සපුරාගැනීමේ ASEAN රටවල් සතුටුවිය හැකි ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය. එම ඇතැම් රටවල් ආර්ථීක වශයෙන්ද ඉදිරියට ගමන­්කර තිබේ. වියට්නාමය ද ඊට හොඳම නිදසුනකි.

ලෝක ආර්ථික සංසදය, ලෝක වෙළෙඳ සංවිධානය වැනි හවුල්වල ප්‍රතිපත්ති දැඩිව විවේචනය කරන අය නව ලිබරල් ධනවාදයට රටවල් යටත්කර ගැනීමට ඉඩදීමට එරෙහිව හඬ නඟමින් සිටිති. පසුගිය වසර ගණනාවක් තිස්සේ වර්ධනය වූ ලෝක ආර්ථික අර්බුදය මඟින් පෙන්වා දුන්නේ නිදහස් වෙළෙඳ ආර්ථිකය එකම මොඩලය නොවන බවය. ධනවාදයට අනුගත රටවලට ද විකල්ප දහරාවන් පිළිබඳ අවම වශයෙන් සිතන්නට හෝ සිදුවී ඇත්තේ අර්බුදයේ කරවටක් ගිලීමට සිදුවූවිටය.

කෙසේවුවද ඵලදායී සංවාදයක් තිබීම යහපත්ය. විවිධ මාදිලි හා අදහස් සළකාබැලීම වැදගත්ය. බාහිර පාර්ශවයක් මඟින් පැටවීමට වඩා තමන්ට ගැලපෙන මාදිලිය තෝරාගැනීමට ඒ ඒ රටවලට ඉඩහැරීම ඊටත් වඩා වැදගත්ය.EmailFacebook0TwitterGoogle+



http://www.dinamina.lk/2018/09/15/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/60377/%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%84%E0%B7%99%E0%B6%A7-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7-%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8

බබිලෝනියානු, ඇසිරියානු හා ක්‍රි.ව.70-133 දක්වා පැවති රෝම අධිරාජ්‍යවාදි ආක්‍රමනික හමුදා වලට එරෙහි සටන් වලදී දිවි ගලවා ගැනීම සඳහා ලොව දස දෙස රටවලට පලා ගිය, ඉපැරනි යුදා,ඊශ්‍රායල් හා යුදා-සමාරියානු රාජ්‍යවල ජනතාව, වසර 1000 ගනනකට පසු සිය ගම් බිම් බලා ආපසු පැමිනෙති. කොතරම් සතුටුදායක අවස්ථාවක්ද?


බබිලෝනියානු, ඇසිරියානු හා ක්‍රි.ව.70-දක්වා 133  පැවති යුදෙව්-රෝමානු සටන් වලදී දිවි ගලවා ගැනීම සඳහා ලොව දස දෙස රටවලට පලා ගිය, ඉපැරනි යුදා,ඊශ්‍රායල් හා යුදා-සමාරියානු රාජ්‍යවල
ජනතාවගෙන් පැවතෙන්නන් , වසර 1000 ගනනකට පසු සිය ගම් බිම් බලා ආපසු පැමිනෙති. කොතරම් සතුටුදායක අවස්ථාවක්ද?

ක්‍රි.පූ. 600 දී බබිලෝනියානු ආක්‍රමනයට එරෙහිව යුදා-ඊශ්‍රායල ජනරජ හමුදා සටන් වැදි ආකාරය ඓතිහාසික සිතුවම් තුලින්

Image result for images Romans destroying the temple of jerusalem
ක්‍රි.ව. 70 දී පවති යුදා-ඊශ්‍රායල් විමුක්ති හමුදා හා රෝමානු අදිරාජ්‍යවාදි හමුදා අතර පැවති සටන්වලදී ජීවග්‍රහයෙන්   අල්වා ගන්නා ලද  , යුදා විමුක්ති හමුදා ප්‍රදානීන් වන යොහන් ගිස්චා හා සීමොන් ගේ රුව රෝමයේ ටයිටස්ගේ කුළුනේ කොටා ඇති ආකාරය (තවමත් දැකිය හැක.)

 

Image result for images Romans destroying the temple of jerusalemImage result for images Romans destroying the temple of jerusalemImage result for images Romans destroying the temple of jerusalem

Image result for images Romans destroying the temple of jerusalem
යෙරුසලමේ ශුද්ධ දේව මංදීරය ආක්‍රමනික රෝම අධිරාජ්‍යවාදි හමුදා විසින් විනාශ කරන ආකාරය

බ්‍රිතාන්‍යයේ වෛද්‍ය කවුන්සලයෙ අඩකට වඩා සිටිනුයෙද වෙනත් වෘත්තිකයන්. මෙරටද වෛද්‍ය කවුන්සිලයේද බ්‍රිතාන්‍යයේ මෙන් හරි අඩක් වෙනත් විද්වත් වෘත්තිකයන්ගෙන් යුක්ත,වන පරිදි වෛද ආඥා පනත වහාම සංශෝධනය විය යුතුය.


ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සෞඛ්‍ය ඇමතිවරයා හා ඩොලර් මත යැපෙන ස්වේච්ඡා සංවිධාන කිහිපයක නියෝජිතයන් කිහිපදෙනෙකු උත්සාහ කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඉන් පසුව සෞඛ්‍ය අමාත්‍යවරයාට අවනත වන අධිකාරියක් පිහිටුවීමට උත්සාහ කරමින් සිටින බවත්, මේ නිසා ඒ පිළිබඳ අද (06දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැමිණිලි කළ බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

 

අගමැති තුමාගේ ගම් පෙරළිය ග්‍රාමීය යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අවධානයටයි මේ සටහන


මාර්ග සංවර්ධන අධිකාරියේ මීගමුව කාර්යාලයේ  විෂය පථයට අයත්-

කොලඹ -මීගමුව පාරේ සීදුව පටන් මීගමුව දක්වාම වම් පසින් මීගමුව කලපුව .
ඒත් වැස්සකට පස්සේ ලියනගෙමුල්ල හරියේ ජලය බැස යන කාණු උතුරනව!

කාණු සුද්ද කරල ගොඩ දැම්මට මදි.කාණු වල උතුරන ජලය පාර හරහට , පාර යටින් අගල් හාරා අනිත් පස ඉඩම්  හරහා මීගමුව කලපුවට බැස්සවිය යුතුය.
මෙය නොකලොත් හැම දිනම මහ පාර දෙපස ඇති අගල් උතුරනව!!
පැලැස්තර අලවා ඇති වැඩක් නැහැ!!

පැරනි ව්‍යවස්ථා සම්පාදකයෝ ඕනෑම පෞදගලීක ඉඩමක උඩින්, යටින් හෝ හරහා ජලය බැස්සවීමට,විදුලි බල රැහැන් ඇදීමට අවශ්‍ය නෛතිමය ප්‍රතිපාදන සලසලයි තිබෙන්නේ.

 මාර්ග සංවර්ධන අධිකාරියේ මීගමුව කාර්යාලයේ  හා  අගමැතිවරයාගෙ  ගම පෙරළිය ව්‍යාපෘතියේ අවධානයටයි මේ!!

02.   කටුනායක, නායක පාර හා රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැලේ සිට සිසිල් පාර දක්වා ,කොළඹ- මීගමුව මහා මාර්ගයෙහි වම් පසින් ජලය බැස යන්න කානුවක් නැත.
දකුණු පස නම් කාණුවක් ඇත.
නායක පාර දෙපසින් මහ පාරට ජලය බැස යන කාණුවේ පස් පිරිල. කානුවෙත් ජලය හිරවෙලා.
මෙව ශුද්ධ කල යුතුය.

කොළඹ මීගමුව මාර්ගයෙහි කටුනායක, නායක පාර හා රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැලේ සිට සිසිල් පාර දක්වා , මහ මාර්ගයෙහි වම් පසින් කානුවක් වහාම කපන්න ඕන!!!
ගම පෙරළියේ සංවර්ධන ව්‍යාපෘතියේ අවධානයටයි මේ!!

කෝකටත් තෛලය බැඳුම් ක- රේ, බැඳුම් ක-රේ බැඳුම් ක- රේ බැඳුම් ක-රේ බැඳුම් කරේ


කෝකටත් තෛලය බැඳුම් ක- රේ බැඳුම් ක-රේ

බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ
දැන් ලංකාවෙ ප්‍රශ්න නැත. ඇත්තේ එකම ප්‍රශ්නයයි.
වේලි වේලි සිටි දේශපාලන විරුද්ධවාදීන්ට උඩ පැන පැන කෑගැසීමට සරුව පිත්තල ඉල්ලමක් පෑදි අත.
ආන්ඩුව නයකර විකුනා ගත් ආයෝජන මුදල වලට ඵලදාව ලබෙන්නේ වසර 30 කට පසුවයි!!
ඒක පැත්තකින් තිබුනාවෙ.
ලංකාවේ අර්ධ නාගරීක හා ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රශ්න, දේශපාලන විරුද්ධවාදිනි ඔබලාට නොපෙනේද?
එසේත් නැතිනම් දේශපාලන ‘අන්ධ භාවය’ නිසාද ඔබලාට අනිකුත් ජනතා ප්‍රශ්න නොපෙනෙන්නේ?
බැඳුම් කරේ බැඳුම් කරේ
කෝකටත් තෛලය, බැඳුම් කරේ බැඳුම් කරේ
කොලඹ -මීගමුව පාරේ සීදුව පටන් මීගමුව දක්වාම වම් පසින් මීගමුව කලපුව .
ඒත් වැස්සකට පස්සේ ලියනගෙමුල්ල හරියේ ජලය බැස යන කාණු උතුරනව!
බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ!!!!
ඒවාටත් කෑගහනවලකො!!
හරි ඔහෙල යන්නෙ රෝද 4 න්නෙ!!!
බැඳුම් කරේ බැඳුම් කරේ!!!
ඕන ඉඩමක් මතින් ජලය කලපුවට බැස යන්න කානු කපන්න ආඥා පනත් වලින් බලය තියෙනව!!
බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ!!
දිගට හරහට කානු සාදා කලපුවට ජලය බැස යන්න කටයුතු කරන්න ඔබලාට උවමනාවක් නැද්ද්?
හැම උලව්වකටම බැඳුම් කරේ බැඳුම් කරේ
මේ පැත්තෙ අයට ජලය කරේ ජලය කරේ!!!
කටුනායක, රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැලේ සිට සිසිල් පාර දක්වා ,වම් පසින් ජලය බැස යන්න කානුවක් නැත.
යාර 10-15 එහායින් මීගමුව කලපුව පිහිටා ඇත.
බැඳුම් කරේ බඳුම් කරේ
වැස්ස ඇති දිනට පාසැල ඉදිරිපස ජලය පිරී ඇත. තණ කොළද වැවී ඈත.
ඇයි ඔබලා මේවාට බෙරිහන් නොදෙන්නේ?
බැඳුම් කරේ බැඳුම් කරේ බැඳුම් කරේ

හරහට කානු සාදා කලපුවට ජලය බස්සන්න හරි අමාරුයි නේද?
බැඳුම් කරේ බැඳුම් කරේ
මෙහෙ අයට මීගමු කලපු කරේ!!!!
දේශපාලන ජිල්මාට් කාරයිනි, අද ඉඳල සැබෑ ජනතා ප්‍රශ්න මොනවාදැයි හරියට හොයල බල්න්න ගම් බහිනවල!!!!!!!
ඔය වසර 30 කට පසු කල් පිරෙන බැඳුම් කර ගැන පොර ටෝක් දුන්නට ,
01. නාගරීක
02. අර්ධ නාගරීක
03. ග්‍රාමීය
ප්‍රදේශවල ජීවත් වන පුරවැසියනට ඔය ‘ බැඳුම් ක-රෙ න් වැඩක් නැත.
මහ පාරේ කානු නිසි පරිදි නැතිවීම ගැන
මහ පාර දෙපස ජලය බැස යන කාණු නිසි පරිදි නඩත්තු කිරීම ආදි කරුනු ගැන උද්ගෝෂනය කරනු!!!!
නැවත
බැඳුම් ක-රේ !!! උද්ගෝෂනයෙන් තඹ සතේක වැඩක් නැත.

 

ඊශ්‍රායලයේ හ්‍යිෆා නැව් තොට දුම් රිය මාර්ගයන් මඟින් යුරෝපයේ මද්‍යධරනියට හා යොර්දාන් රාජ්‍යයයේ ප්‍රාදේශීය ප්‍රවාහන මද්‍යස්ථානයටත්, එතැනින් සෞදි අරාබිය ඇතුළු අනෙකුත් අරාබි රටවලටද සම්බන්ධන්ද කිරීමේ ‘ කලාපිය සාමයේ දුම්රිය ප්‍රවාහන ජාලයක්’ ස්ථාපනය කිරීමේ යෝජනාවක් අගමැති බෙන්යමින් නෙතනියාහු ඉදිරිපත් කරයි.


Israel to begin promoting railway linking Haifa seaport with Saudi Arabia.

Transportation minister says he has begun consulting with leaders of relevant countries regarding plan that would give Gulf easier access to Europe

Government officials taking part in a test ride on a new train route near the northern city of Carmiel on March 21, 2017 (Basel Awidat/Flash90)

Prime Minister Benjamin Netanyahu and Transportation Minister Israel Katz agreed this week to begin promoting their “Tracks for Regional Peace” initiative that is intended to create a trade route connecting Europe with the Persian Gulf and Israel, Hadashot news reported Saturday evening.

“Tracks for Regional Peace” is based on the planned extension of railway tracks in northern Israel, which would link Haifa’s seaport to Jordan’s rail network, which in turn will be linked with that of Saudi Arabia and other Sunni Arab states.

The network is envisioned as creating a regional transportation system to enhance trade relations and promote peaceful coexistence.

Introduced in a new PR video from Netanyahu and Katz’s offices, the initiative will see the eastward extension of the Haifa-Beit She’an rail line to the Jordanian border and will also include a stop in Jenin, connecting the Palestinians to the broader plan.

Goods would be shipped from Europe to Haifa, allowing them to bypass civil war-torn Syria.

“There are two central components at the heart of this initiative,” Katz explained when discussing the plan back in April. “Israel as a land bridge between Europe and the Mediterranean and Jordan; and Jordan as a regional transportation hub, which will be connected to a railroad system to Israel and the Mediterranean in the West; to Saudi Arabia, the Gulf states and Iraq in the East and southeast; and to the Red Sea, through Aqaba and Eilat, in the south.”

“Beyond its contribution to Israel’s economy, the Jordanian and the Palestinian economies, the initiative will connect Israel economically and politically to the region and will consolidate the pragmatic camp in the region,” he claimed.

The existing transportation infrastructure in Israel, Saudi Arabia, and the Gulf will allow for the application of the initiative in a relatively short amount of time, the PR video said.

The initiative is said to also offer shorter, cheaper, and safer trade routes in light of regional instability threatening passageways through the Strait of Hormuz in the Persian Gulf and the Bab al-Mandab Strait at the southern end of the Red Sea.

In a meeting this week, Katz and Netanyahu reached an agreement regarding the details of the initiative, with the latter instructing his office to begin advancing the plan in consultations with the US, European Union, and various countries in the Middle East and Asia.

Israel is expecting the US to play an important role in providing political backing for the plan.

Responding to a Times of Israel query on behalf of Greenblatt in April, a White House official said the proposal was “interesting,” but said the US does not yet have an informed position on it.

While Katz has said that he has spoken with the leaders of the relevant countries regarding the initiative, there is no indication that any of them have agreed to its application.

The transportation minister, who opposes Palestinian statehood, has argued that connecting Israelis and Palestinians with the Sunni Arab world would dramatically increase trade and lay the groundwork for a future regional peace.

READ MORE

Reaching out to Palestinians, Kushner says he’s willing to work with Abbas

 

දැන්වත් බ්‍රේක් ඔයිල් දමල ඔලුවෙ තියෙන මලකඩ සුද්ද කරගෙන යථාර්තය අවබෝධ කර ගන්නව!!!!!


ඉල් ලංකාවේ හැටි හොඳින් නිරික්ෂනය කරවු!!!!!
01.ඉල් ලංකාවේ අපරාධ මර්දනය කල නොහැකි හේතුව,කොන්ත්‍රාත්තුවට මිනිමරනවා, ඇතුලට යනවා, ආංඩුවේ වියදමින් කනවා- බොනව, එලියට එනවා, නැවත කොන්ත්‍රාත්තුවට මිනි මරනවා.
02. මිනිසුන් 10 දෙනෙකු සපාකෑ දිවියෙකු මරා දැම්ම ගැන ‘පරිසරවේදීන් ‘ කියන්නෙ අපූරු කතා!
ඔය පොර ටෝක් දෙන පරිසරවේදින්ගේ- හක්කෙ දඩ මස්-බොක්කෙ බුදු රැස් කාරයින්ගෙ හා සත්ව මිත්‍ර’ සංවිධාන අයියලාගේ කාට හරි දිවියෙක්,අලියෙක්,අයාලේ යන බලු හුරතලෙක්,විසකූරු නයෙක් පොලඟෙක් දෂ්ට කරල, පහර දීල- හපා කාලා අනිත් ලෝකෙට චුත කරපු දවසට තමයි තේරෙන්නෙ අපේ චින්තනය පුස් කාලා ,පිළුනු වෙච්ච, එලොවටයි මෙලොවටයි දෙලොවටම නැති එකක් බව!!!!!!
එතකොට පරක්කු වැඩි
දැන්වත් බ්‍රේක් ඔයිල් දමල ඔලුවෙ තියෙන මලකඩ සුද්ද කරගෙන යථාර්තය අවබෝධ කර ගන්නව!!!!!

මෙරට පාරවල් ඇත්තේ මහජන ප්‍රයෝජනය සඳහාද ? එසේත් නැතිනම් අයාලේ යන බල්ලන්ගේ ප්‍රයෝජනය සඳහාද?


නගරාශ්‍රිත බලු ගහනය වර්ධනයවීම හේතුවෙන් අද දින වන විට ලංකාවේ පාරවල්වල ගමන් කිරීම අනතුරුදායකවී ඇත.

පළාත් පාලන ආඥා පනත යටතේ , අයාලේ යන බල්ලන් විනාශ කිරීමේ ප්‍රතිපාදන දක්වා ඇත.
එයට අනුව පළාත් පාලන අධිකාරීන් ක්‍රියා නොකරන්නේ මන්ද?
මෙරට පාරවල් ඇත්තේ මහජන ප්‍රයෝජනය සඳහාද ? එසේත් නැතිනම් අයාලේ යන බල්ලන්ගේ ප්‍රයෝජනය සඳහාද?

මා දන්නා එක්තරා නගරයක සමහර දිනවල උදයේ අපූරු දසුනක් දැකිය හැක. අයාලේ යන අති විශාල ගවයෙක් බස් ගමන් කරන මාර්ගය අසල සිටින ආකාරය දැකිය හැක.

පාසැල් යන දරුවන්, කාර්යාල සේවකයන් රැගත් වාහන විශාල සංඛ්‍යාවක් මෙතැන පසු කර යනු දැකිය හැක.මෙහි විශේෂත්වය වන්නේ ගවයා රැඳී සිටින ස්ථානය හතර වටේම ගොඩනැගිලි ඇති බැවින් ඉඩ කඩ ඉතා සීමා සහිතවීමයි!නාගරීක අධිකාරිනි මෙය ඔබලාගේ අවධානය පිනිසයි!

කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩා වැදුනු ගැමියන් 10 දෙනෙකු පමන සපාකෑ දිවියාට, ආත්මාරක්ෂාව සඳහා පොලු පහරදී මරා දැමීම මඟින් ගැමියන් කදිම පාඩමක් අවශ්‍ය අයට උගන්වා ඇත.

මට මතක ඇති පරිදි නාඋල ? ප්‍රදේශයේ මව සමඟ ගඟේ දිය නෑමට ගිය දරුවෙකුගේ ජීවිතයට කිඹුලෙකු විසින් අනතුරු කිරීම නිසා කුපිතවූ ගැමියන් විසින් පසු දින කිඹුලන් 13 දෙනෙකු මරා දමා ඇත.

ගැමියන් හපාකෑ දිවියා පොලු පහර කා මරුදකී


සිතුම් චතුරංග

කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු අද (21) උදෑසන වනජීවි නිලධාරියකු ඇතුළු එම ගම්මානයේ පුද්ගලයින් දසදෙනකු පමණ සපාකා ඇති බව ප‍්‍රදේශවාසීහු කියති.

ගම්මානයේ ගවයින් හා එළුවන් දඩයම් කිරීම සඳහා උදෑසන ගම්වැදුණු දිවියා ගම්වාසින් සිව්දෙනකුට ප‍්‍රථමයෙන් පහරදී සපාකා ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.

පහරදීමෙන් පසු දිවියා ප‍්‍රදේශයේ වගාබිමකට ගොස් සැගවී සිටි අතර එම අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් ද හට ගැණින.

දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණි කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය නිලධාරී බී. ගිරිදරන් මහතා ප‍්‍රමුඛ වනජීවි නිලධාරී කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුම අතරවාරයේ දී දිවියා විසින් වනජීවි නිලධාරියකුට පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.

ගම්වාසීන් අවට ප‍්‍රදේශවල රැදී සිටීම හේතුවෙන් මෙහෙයුම සිදුකිරීමේ අපහසුතාවයක් ඇති බවට වනජීවි නිලධාරීන් ගම්වාසීන්ට දැනුම්දී ඉවත්වන ලෙස දන්වා තුවාලකරු රැගෙන වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගියබව අම්බාලකුලම් ප‍්‍රදේශවාසීන් පවසා සිටියහ.

වනජීවි නිලධාරීන් ඉවත්වීමත් සමඟ ගම්වාසීන් පිරිසක් පොලූ මුගුරු අතැතිව දිවියා මරාදැමීම සඳහා සොයමින් සිටියදී එහි සිටි පිරිසට නැවත වරක් පහරදුන් දිවියා පුද්ගලයින් පස්දෙනකු සපාකෑහ.

දිවියාගේ පහරදීමත් සමඟ එම ස්ථානයට පැමිණි සෙසු ප‍්‍රදේශවාසීන් දිවියාට පොලූ මුගුරු වලින් පහරදී මරාදමණු ලැබීය.

දිවියාට පහරදී මරාදමන අවස්ථාවේ වන ජීවි නිලධාරීන් ඉවත්ව සිටි බව ප‍්‍රදේශවාසීන් කියති.

වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති මරාදැමුණු දිවියා දිගින් අඩි පහක් පමණ හොදින් වැඩුණු සත්වයකු බව කිලිනොච්චිය වනජීවි කාර්යාලය සඳහන් කරති.

%d bloggers like this: