‘යොර්දානය’ යනු පලස්තීනය යන විකල්පය නැවත සලකා බැලීම

යොර්දාන් සාධකය Jordanian opportunity

අබ්දුල්ලාගෙන් පසු යොර්දාන් රාජ්‍යයේ අනාගතය- ‘යොර්දානය’ යනු පලස්තීනය යන විකල්පය නැවත සලකා බැලීම

යෝඑල් මෙල්ට්සර් ගේ ලිපියක පරිවර්තනයකි.

එක්සත් ජාතීන් හමුවේ ඇති පලස්තීන රාජ්‍යයක් ලෙස පිළි ගැනීමේ යෝජනාව ඵලදායක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් නුවුවහොත් ඊශ්‍රායෙලයට හා කලාපයට විකල්ප යෝජනාවක් ඉදිරි පත් කිරීමේ දුලබ අවස්ථාව ලැබී තිබේ.

සිරියාවේ අසාඩ් පාලනය බිඳ වැටුනහොත් හිස්බුල්ලා සංවිධානයට සිරියාවේ සහාය අහිමි වනු ඇත.සිරියානු ආඥාදායකයා බලයෙන් පහ කිරීම යොර්දානයේ හැෂ්මයිට් පාලනයට බරපතල ඵලවිපාක උදා කරනු ඇත.

අබ්දුල්ලා රජ ,අනුකම්පා විරහිත ආඥාදායකයෙකු වන අසාද්ට සමාන නොවුනද, අබ්දුල්ලාගේ අතිශයින්ම සුළුතරයක්වූ පාලනයක් නියෝජනය කිරීම මඟින් සිරියානු පාලකයාට සමාන වෙයි.සිරියාවේ සුලුතරයක්වූ අලවයිට්ස්වරු පාලකයන් වන අතර යොර්දානේදී හැෂ්මයිට් පාලකයන් සුලුතරයක් වීමෙන් ඔවුන්ට සම වෙයි. එයට අමතරව රජයේ වැඩි බලයක් සංකේන්ද්‍රනය වී ඇත්තේ හැෂ්මයිට්වරු හා ඔවුන්ට සම්බන්ධ බෙඩුයින්වරුන්ට වන අතර, 70% වන පලස්තීනුවන් බහුතරය තමන් යටපත් කර හෝ පීඩනයට පත්කර ඇතැයි සිතති.එහෙයින් යොර්දාන් පාලනයේ සැබෑ වෙනසක් ඇතිවීම පලස්තීනුවන් විසින් පිළි ගනු ඇත.

යොර්දානයේ විරෝධතා රැල්ල අනිකුත් අරාබි රටවල තත්ත්වයට පත් නොවුවද ඔවුන් අනවතරයෙන්ම ඉල්ලා සිටිනුයේ පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති කරන ලෙසය.ඒ හැරෙන්නට රජු විසින් විරෝධතා කරුවන් වෙත විවිධාකාර ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරි පත් කරනලදද , ඒවා සියල්ලම ප්‍රතික්ෂේප කරන ලද්දේ එමඟින් පරම බලතල රජු වෙත තබාගෙන ඇති බැවිනි.

විරෝධතාවයන් වැඩි වන විට සිරියාවේ සිදුවීම් දෙස රජු විමංශනාක්ෂියෙන් යුතුව බලා සිටිනු ඇත.අනුක්ම්පා විරහිත ආඥාදායකු වන අසාද්ද,දිඟු කලක් බලයේ සිටි පාලකයන් වන මුබාරක් හෝ ගඩාෆි වැනි අරාබි නායකයින්වද ජනතාව විසින් බලයෙන් පහ කිරීමටත්, පෙරලා දැමීමටත් හැකි නම් දුර්වල පාලකයෙකු වන අබ්දුල්ලාට යොර්දානයේ පාලකයා වශයෙන් සිටිය හැකි කාලය සීමා සහිත බව වැටහෙනු ඇත.කොටින්ම,ප්‍රදේශය හරහා හමායන ආංඩු පෙරලි සුනාමිය නැවැත්විය නොහැක.

අපගේ නැඟෙනහිර අසල්වැසියා මහජන විරෝධතා වලින් වෙළී යනතුරු බලා නොසිට ‘දිනෙන් පසු’යොර්දානය ගැන day after Jordan සැලසුම් කිරීමට ඊශ්‍රායෙලය හා ඇයගේ සහායකයන් විසින් ඇරඹිය යුතුය.මෙ මඟින් දේශ සීමාවල ස්ථාවරත්වය රැකීම පමනක් නොව මුළු මහත් ප්‍රදේශයටම පලස්තීන ප්‍රශ්නය අවසන් වශයෙන් සමතයකට පත් කිරීමේ ඓතිහාසික අවස්ථාවක්ද උද්ගත වෙයි.

සැප්තෑම්බරයේ එක්සත් ජාතීන්ගේ මංඩලයේ සිදුවීම පසෙකින් තැබුවද,අනාගතයේදී තවදුරටත් ඊශ්‍රායෙලය විසින් සිය රාජ්‍ය පාලන ප්‍රදේශ තව දුරටත් සහනදායි ලෙස පැවරීම, යුධ ප්‍රයාමයන් උග්‍ර කිරීමක් වන බැවින් ඔස්ලෝ සම්මුතියේ දැක්වෙනද්විරාජ්‍ය සංකල්පය අසාර්ථක වන බව දැනටමත් පැහැදිලි වී ඇත.අයින්ස්ටයින්ට අනුව’උමතුව,වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් එකම දෙය යළි යළිත් කරනු ලබයි’. එවැනි වාතාවරනයක් තුල ආරවුල සමතයකට පත් කිරීමේ ආකාරය වෙනස් කල යුතුය.

මේ හේතුව නිසා ඊශ්‍රායෙලය හා ඇයගේ සහයකයන් විසින් විචක්ෂනශීලි ලෙස යොර්දාන් විකල්ප විරුද්ධ පාක්ෂික නායකයන් සමඟ සම්බන්ධවීමට පටන් ගැනීම ඥානවන්ත වනු ඇත.එවැනි එක් නිදහස් මතදාරියෙකු වන්නේ මූඩාර් සහරාන්ය Mudar Zaharan .ඔහු පෙර යොර්දාන් දේශපාලනඥයෙකුව සිට පසුව රාජ්‍ය විවේචකයකු බවට පත්විය.ඔහු ‘යොර්දානය පලස්තීනයයි’ Jordan is Palestine යන සංකල්පය විවෘතවම ඉදිරි පත් කරයි.ඔහුට අනුව ප්‍රදේශයට සැබෑ සාමයක් හා ස්ථාවරත්වයක් ලබා දිය හැකි එකායන විසඳුම මෙයයි.

ඔහුගේ ඉල්ලීම වනුයේ ඊශ්‍රායෙලය සමඟ සාමකාමි සම්බන්ධතා පවත්වන සංවර්ධනය තේමා කොට ගත් යුදය හා සමාරියාවේ Judea and Samaria පමනක් නොව ලෝකය වටාම සිටින පලස්තීනුවන්ට පැමින ජීවත් විය හැකි ප්‍රජාතන්ත්‍රවාදි යොර්දාන රාජ්‍යයක් Democratic Jordanian State ස්ථාපනය කිරීමයි.දශක ගනනාවක් තුල පවතින මානුෂික ප්‍රශ්නය විසඳීමේ එකම යථාර්තවාදි මඟ එයයි.

ඊශ්‍රායෙලය හා ඇයගේ සහායකයන් විසින් පලස්තීන ප්‍රශ්නය අවසන් වශයෙන් සමතයකට පත් කිරීමට මෙම අවස්ථාව ග්‍රහනය නොකලහොත්,අබ්දුල්ල පාලනය බිඳ වැටීමත් සමඟම ඇතිවන රික්තය ඊශ්‍රායෙල් විරෝධි හා ඇමරිකානු විරෝධි බල වේගයන් විසින් පිරවීම සිදු වනු ඇත.

Yoel Meitzer                  

http://www.ynetnews.com/articles/0,7340,L-4116381,00.html

 

Revolution coming to Jordan

Advertisements

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s