ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ටීවී චැනල්වල TV Chanells පාලනාධිකාරීන් වෙත ඉදිරි පත් කෙරෙන කාරුණික ආයාචනයක්

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ටීවී චැනල්වල  පාලනාධිකාරීන් වෙත ඉදිරි පත් කෙරෙන කාරුණික ආයාචනයක්

ශ්‍රී ලංකාවේ මාධ්‍යයන් විසින් නත්තල් සමය තුල සිය වැඩ සටහන් ප්‍රචාරය කිරීමේදී පිනි මුවන් විසින් අදිනු ලබන දිඟු රැවුලකින් යුතු හිම මත ලිස්සා යන ස්ලෙජ් කරත්තයක් මත හිඳ ගෙන සිටින තෙවන ශත වර්ශයේ සුළු ආසියාවේ හෙවත් වර්තමාන තුර්කියේ මයිරා නැමැති නගරයේ ජීවත්වූ නිකොලොස් නැමැති ක්‍රිස්තියානි පූජකවරයෙකුවූ   ‘නත්තල් සීයා’ හෝ කොටුවේ සාප්පු වලින් මිළදී ගත හැකි වෛවාරන සැරසිලි හෝ දැල්වුනු ඉටි පන්දම් හෝ දක්වනු ලැබේ.

එහෙත් මවිතයට කරුනක් වනුයේ නත්තලේ ප්‍රධාන චරිතය වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන ඇඟවුමක් වත් නොකිරීමයි! ටීවී චැනල් පාලනාධිකාරි මහතුනි, කරුනාකර මෙම නත්තල් සමය තුල ඔබගේ වැඩ සටහන් අතරතුර වානිජ ප්‍රචාරයන් කරන අවස්ථාවන්හීදී  ඉහත සඳහන් දෑ වෙනුවට මතෙව්ට අනුව ලියන ලද ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචි පොතේ කන්ද උඩ දේශනාවෙන් ( මතෙව් 5,6 හා 7 පරිඡේදයන් ) උපුටා ගන්නා ලද කොටස් හෝ අලුත් ගිවිසුම පුරා දැක්වෙන ක්‍රිස්තු ඉගැන්වීම් හෝ කරුනාකර ඇතුළත් කරන්න.

එසේත් නැතිනම් යෝසෙප් මරියා හා බිළිඳු යේසුස් වහන්සේ සිටිනා ගවහල දැක්වෙන රූසටහන් හෝ දේව දූතයන් අහස් කුස ගීත ගායනා කරනා ආකාරය හෝ එඬේරුන් ගවහලට පැමින යේසු දරුවා නමදින ආකාරය හෝ කරුනාකර පෙන්වන්න.

Lorenzo Costa, 1490

Paintings of the Birth of Christ, Lorenzo Costa, Birth of Jesus, 1490

Baby Jesus in the stable with the shepherds

angels singing in Bethlehem Hills

to god in highest and peace to everyone on earth

Mary and  Joseph  sitting before the cradle of baby Jesus, while shepherds are looking on

Come with us to see all this for yourself in the Holy Land. We have ...

Magis came from eastern countries following the Bethlehem Star

ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් ආශිර්වාද වාක්‍ය සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝය,මක්නිසාද ඔවුන් සනසනු ලබන්නෝය. මොලොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය,මක්නිසාද ඔවුන් පොලොව උරුම කර ගන්නෝය. ධර්මිශඨකමට සාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුහූ තෘප්තියට පැමිනෙනෝය. දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුහූ දයාව ලබන්නහුය. සිතින් පවිත්‍ර වන්නෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුහූ දෙවියන්වහන්සේ දකින්නනෝය. සමාදාන කරන්නෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුහූ දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ යයි කියනු ලබන්නෝය.( මතෙව් 5: 3-9 දක්වා පද )

Advertisements

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s