We urge the Government to install a Livestock Development Ministry in Sri Lanka- නොපමාව පශු සම්පත් පාලන අමාත්‍යංශයක් ස්ථාපනය කරනු!ආගමීක පූජකවරුනි,පැවිද්දෙනි, ජනතාව කන බොන දැයට අත නොතබනු!ඔබලාගේ රාජකාරි පල්ලියේ,පංසලේ,කෝවිලේ බිත්ති හතරට සීමා කරනු!!.

Image result for images of beef stalls in america

නොපමාව පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශයක් ස්ථාපනය කරනු! ආගමීක පූජකවරුනි,පැවිද්දෙනි, ජනතාව කන බොන දැයට අත නොතබනු!

ඔබලාගේ රාජකාරි පල්ලියේ,පංසලේ,කෝවිලේ බිත්ති හතරට සීමා කරන්න.

ලංකාවේ විවිධ ජන වාර්ගීකයන් වෙසෙති.ඔවුන් කන-බොන,අඳින- පලඳින,ආදි සංස්කෘතික චාරිත්‍ර වෙනසි.සමහරු ගව මස්කති. සමහරු ඌරු මස් කති. සමහරු කුකුළු මස් කති.තවත් සමහරෙකු එළු මස්ද, තවකෙක් මාළුන්ද කති.

මෙරට ජනතාවට ප්‍රෝටීන් ලබා ගැනීමේ පහසුම මාර්ගය ගව මාංස පාරිභෝජනය බව අමතක නොකළ යුතුය.දරුවන්ට ප්‍රෝටීන් බහුල පහසුවෙන් ලබා ගත හැකි හරක් මස් ලබා නොදීම නිසා විවිධාකාර ප්‍රෝටීන් ඌනතාවයන්ට මුහුණ දීමට සිදුවෙයි.

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදි රටකි.එහෙයින්අනෙකා කන- බොන දැයට එරෙහිව යටිකූට්ටු ක්‍රියා නොකළ යුතුය.

ගවයන් ගව ඝාතනාගාර වෙත පහසුවෙන් ප්‍රවාහනය කල හැකි පරිදි රෙගුලාසි හා පරිපාටි සකස් කල යුතුය.මේ සඳහා නීතියෙන් ඇති බාධා සම්පූර්නයෙන්ම ඉවත් කල යුතුය.හරක් මස් කිලෝවක මිල ගනන් වහාම පහත හෙලිය යුතුය.

ලංකාවේ පශු පාලන කර්මාන්තයට එරෙහිව සමහරු කැමොර ගසති.පශු පාලන කර්මාන්තයේ මෙරට පවුල් අති විශාල ගණනක් නියැලී සිටිති. රජයක් පත් වන්නේ සියළුම දෙනාගේ ඡන්දයෙනි.බොහෝ විට පශු පාලනයේ නියුක්තව සිටිනුයේ ග්‍රාමීය ප්‍රදේශවල ගොවි පවුල්ය. පශු කර්මාන්තයට අනවශ්‍ය බාධා පමුනනවා යනු මෙකී ගොවි පවුල්වල ආර්ථිකය කඩා බිඳ දැමීමයි.

පශු පාලනයෙහි යෙදෙන ගොවි පවුල්වල ආදායම් මාර්ග සුරක්ෂිත කිරීමේ යෝග්‍ය ක්‍රියා මාර්ගය වන්නේ වෙනත් රටවල මෙන් පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශයක් පිහිටවීමයි.Livestock Development Ministry රජය විසින් නොපමාව මෙය කළ යුතුය.

ධීවර අමාත්‍යංශයක් ඇත්නම් පශු සම්පත් අමාත්‍යංශයක් ස්ථාපනය කිරීමට බැරි මන්ද? එයට ගම් මට්ටමේ සිට ගවයින්, ගව මස් සැකසුම් මද්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම හා පාරිභෝගිකයන් අතට ගව මස් ලැබීමේ ක්‍රියාවලියට අදාල සියළුම පියවරයන්, එහි විෂයයන්ට අයත්විය යුතුය.

ධීවර කර්මාන්තය සඳහා ධීවර අමාත්‍යංශයක් ඇත්නම්, කෘෂිකර්මය සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයක් ඇත්නම්,සත්ව පාලන කටයුතු සඳහා සත්ව පාලන අමාත්‍යංශයක් ස්ථාපනය කල නොහැක්කේ මන්ද? සත්ව පාලන අමාත්‍යංශයේ විෂයන් අතරට සතුන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම,සතුන් ආහාරය සඳහා පාරිභෝගිකයා වෙතට පත් වන තුරු ගනු ලබන සියලුම ක්‍රියා මාර්ග අයත් විය යුතුය.

දැව සඳහා ගස් කැපීම,ගස් ලී මෝල් වෙත ප්‍රවාහනය කිරීම ආදි කටයුතු ග්‍රාම නිලදාරි/ප්‍රාදේශීය ලේකම් විසින් කරනු ලබන අයුරින්ම සතුන් ප්‍රවාහනය කිරීමේ බල පත්‍ර නිකුත් කිරීම් අරබයාද එම ක්‍රියා මර්ගයම ගත හැකිය.

දැන් දැන් ලංකාව ආගමීක අන්තවාදයට ඇදගෙන යාමට සමහර අන්තවාදීන් උත්සාහ දරනු පෙනේ.ශත වර්ෂාධික කාලයක් තුළ යම් යම් දෑ හැඳින්වීමට මෙරට ව්‍යවහර වන වචන, අන්තවාදීන්ගේ නිර්වචනයන්ට අනුව වෙනස් කිරීමට කිසිසේත් ඉඩ නොදිය යුතුය.
මට මතක ඇති පරිදි (කරු. මා වැරදි නම් නිවැරදි කරන්න. ) එන්.එම්. පෙරේරා යුගයේ රා මැදීම යම් තාක් දුරකට ලිහිල් කරන ලද්දේ අඩු ආදායම්ලාභි ජනතාව විෂ මත් පැනින් මුදවා ගැනීමටය.මෙම කරුන මෙරට පාලකයන්ගේ අවධානයට යොමුවිය යුත්තකි.

Advertisements