සයිටම් SAITM විරෝධය වහාම අකුලා ගනු! උසාවි තීන්දුවට අවනත වනු!!

සයිටම් SAITM විරෝධය වහාම අකුලා ගනු
උසාවි තීන්දුවට අවනත වනු

මෙ රටේ නීතියේ ආධිපත්‍ය අන් සැමටම වඩා ඉහලින් ඇත.
එයට ගරු කරනුවා විනා, විවිධ දේශපාලන කරුවන් හා වෙනත් ව්‍යාපාර හරහා තර්ජන, වර්ජන ගර්ජන, උද්ගෝෂන පැවැත්වීමෙන් , රටේ නීතියට බලපෑම් කිරීමට තැත් කිරීම කිසි සේත් අනුමත කල නොහැක.

වෛද්‍ය කවුන්සලය විසින් දැන් කල යුතු වන්නේ අභියාචාධිකරනයේ තීන්දුවට අනුව කටයුතු කිරීමයි.එනම් සයිටම් වෛද්‍ය සිසුන් ලියා පදිංචි කිරීමයි.එසේ නොමැති නම් නියමිත කාළ සීමාව තුළ ශ්‍රේෂ්ඨාධිකරනය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමයි.

බොර දියේ මාළු බෑමට සමත් සමහර දේශපාලන කරුවන් විසින් සයිටම් විරෝධය උපයෝගි කර ගෙන සිය දේශපාලන පටු පරමාර්ථයන් ඉටු කර ගැනීමට අසාර්ථක ප්‍රයත්නයක යෙදුනි.මෙයට අන්තවාදි දේශපාලන කරුවන් විසින් මෙහෙයවනු ලබන්නේ යයි සඳහන් වන අන්තරේ කරුවන්ද එකතු විය!

එහෙත් යට සඳහන් නියෝජනයන් නිසා එම පියවරයන් ලත් තැනම් ලොප් වූ බව කිව යුතුය.!!

මෙම ලේඛකයා අද දින මීගමුව මහ රෝහල් පරිශ්‍රය අසලින් යන අතර දුටුවේ අපූරු දසුනකි!!! ඉතාමත් හීනියට ඉරා ගත් කළු පැහැති  කුඩා පොලිතින් වැල් දෙකක් එතරම් නොපෙනෙන පරිදි දෙපැත්තේ දමා තිබින.
මෙය සමහර විට ඇල්පිටියට රෝහල් සිද්ධියට ප්‍රතිචාරයක් විය හැක.
මෙසේද සිතමු.විරෝධය?? දැක්වීමට කළු පොලිතින් පටි වැල් යොදනවා  සේම ,තව පිරිසක් නගරයේ වෙනත් තැන්වල වර්නවත් පොලිතින් වැල් දැමුවොත් ??? තත්ත්වය කෙසේ වෙයිද?

ඉතාම වැදගත් කරුන වන්නේ රාජ්‍ය සරසවි වල වෛද්‍ය පීඨාධිපතිවරුන් 08 දෙනෙකු විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ඉදිරි පත් කරන ලද යෝජනා වලියයි.
සයිටම් වෛද්‍ය සිසුන් වෛද්‍ය කවුන්සලයේ ලියා පදිංචි කරන ලෙසත් , රජයේ රෝහල් වලදී ඔවුන්ට අවශ්‍ය සායනීක පුහුනුව ලබා දෙන ලෙසත්, වෛද්‍ය කවුන්සලය මඟින් පැවැත්වෙන පරීක්ෂනයකින් පසු ඔවුන්ව තෝරා ගන්නා ලෙසත් ඔවුන් විසින් නිර්දේශ කර ඇත.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වත් සමූහයක් විසින් ඉදිරි පත් කරන ලද මෙම මතයත් සමඟම මෙම කරුන අරබයා පැවති අවිනිශ්චිත තත්ත්වය පහවී ඇති බව කිව යුතුය.

Advertisements

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s