මතක තබා ගන්න!!!! රවෛසංගම්කාරයිනි, ඔබලා ඉගෙන ගත්තේ මෙරට අහිංසක පුරවැසියන්ගේ බදු මුදලෙනි. ඔබලා දැන් කොකා පෙන්වන්න යන්නේත් එම අහිංසක පුරවැසියන්ටමය.

යෝජිත රාජ්‍ය විරෝධි වැඩවර්ජනය හේතුවෙන් 01ක රෝගියෙකු හෝ  මරනයට පත්වීමට ඉඩ නොදෙනු!!
රෝගීන්ගේ ජීවිතවලට අනතුරුවීම වැළැක්වීමට රජයේ රෝහල් හමුදා ආරක්ෂාවට ගනු!!!

රවෛ සේවකයන්ගේ රාජ්‍ය විරෝධි වැඩ වර්ජනය වැනි ඒවාට මුහුන දීමට රජය සූදානම්ද?දැන් ඉවසුවා හොඳටම ඇතිය.හෙට දිනයේ පැය 24 ක් වැඩ වරන්නේ රජයට හා උසාවියට බලපෑම් කිරීමටය.මෙකී වෘත්තීය සමිති කාරයෝ   තමන්ගේ ‘සීමාව’ නොදනිති.වෘත්තීය සමිති වල කාර්යය වනුයේ සේවක සුභ සාදනයයි.රාජ්‍ය ප්‍රතිපත්ති තීරනය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි.
දැනට ඉදිරි පත්ව ඇති විවිධ යෝජනා
ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ගෙන්වීම (දැනටමත් ඉන්දියානු වෛද්‍යවරුන් මෙරට සේවය කරති )
යුධ,නාවික හා ගුවන් හමුදාවල වෛද්‍යවරුන් හදිසි අවස්ථාවල සේවයට යෙදවීම
මෙවැනි හදිසි අවස්ථා සඳහා යෝජිත ඇමති කමිටුව වහාම ක්‍රියාත්මක කල යුතුය.
කොළඹ ජාතික රෝහල හා අනිකුත් රෝහල් වල රෝගීන් මියයාම වැලැක්වීම සඳහා හා කඩාකප්පල් ක්‍රියා සිදු කිරීමට නොහැකි වන පරිදි හමුදා වෛද්‍යවරුන් සේවයට යෙදවිය යුතුය.සියලුම වැඩ වර්ජනයට සම්බන්ධ වන රෝහල් හමුදා ආරක්ෂාව යටත්ට ගත යුතුය. වැඩ වර්ජකයන්ට වැඩ බිම් වලට ඇතුලු වීමට ඉඩ නොදිය යුතුය.
මතක තබා ගන්න!!!! රවෛසංගම්කාරයිනි, ඔබලා ඉගෙන ගත්තේ මෙරට අහිංසක පුරවැසියන්ගේ බදු මුදලෙනි. ඔබලා දැන් කොකා පෙන්වන්න යන්නේත් එම අහිංසක පුරවැසියන්ටමය.
මෙම ආන්ඩු විරෝධි වැඩ වර්ජනයට ඛනිජ තෙල් බෙදා හැරීම් , විදුලි බල වැනි ආයතවල සේවකයන්ද සම්බන්ධ වුවහොත් ඒවාද හමුදා ආරක්ෂාව යටතට වහාම ගත යුතුය.

Advertisements

3 thoughts on “මතක තබා ගන්න!!!! රවෛසංගම්කාරයිනි, ඔබලා ඉගෙන ගත්තේ මෙරට අහිංසක පුරවැසියන්ගේ බදු මුදලෙනි. ඔබලා දැන් කොකා පෙන්වන්න යන්නේත් එම අහිංසක පුරවැසියන්ටමය.

  1. garzia

    ලංකාවේ තත්වය මත ඔය කියන දේවල් කරන්න අමරුයි. හොදම දේ රජය මැදිහත්වෙලා ප්‍රශ්නය විසදෙන එක. ETCA හරි වෙනත් දෙයක් මගින් හරි ශ්‍රමිකයෝ හරි වෘතිකයෝ ආනයන කරාට ප්‍රශ්නය සර්ව සම්පුරණයෙන් විසදන්න අමාරුයි

    1. ප්‍රජාතන්ත්‍රවාදි රජයකට පවතින නීති යටතේ කටයුතු කල හැකි සීමාවක් තිබෙනවා.
      01. රජයේ වෛද්‍ය සංගමිකයන් සිතා සිටිනුයේ ඔවුන්ට පාර්ලිමේන්තු බලතලත් තිබෙනවාය කියා!
      ඔවුන් දුම්රිය රියදුරන්,ගුරුවරුන්, කලමණකාර සහකරුවන් ලෙසින් ‘රජයේ සේවකයන්!! රජයට අන දෙන්න ඔවුන්ට බැහැ. ස්වාමියා රජයයි.ඔවුන් සේවකයන්.!!!!
      මේ යථාර්තය ඔවුන්ට කවදද තේරෙන්නෙ?
      මා මෙයට කලිනුත් දක්වා සිටියා මේ සියළුම ‘බේත්’ හරි නොගියහොත් අවසානයේ අකමැත්තෙන් වූවත් ‘තිත්ත කසාය’ දීමට සිදුවන බව.!!!!
      02. රජයේ වෛද්‍ය සංගමිකයන් අඛණඩ වැඩවර්ජනයක් ඇරඹුවහොත් රෝගීන්ගේ ජීවිත රැක ගැනීම සඳහා , මහ යුධ කාලයේ රට ආපදා තත්ත්වයකට පත්වූවාසේ සලකා ජන ජීවිතය රැකීමට සලකා ක්‍රියා කලාසේ සලකා මාර්ෂල් ලෝ Marshal law පැනවීමට සිදුවිය හැකි!!!!!

      1. garzia

        රජය කෙදිනකවත් ජනතාව වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි සිතීමට අමාරුයි. ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ පැවැතම උදෙසා පමණයි.
        වෛද්‍ය හෝ මොනයම් හෝ වෘත්තිකයන් වේවා ඔවුන්ද එසේමයි. ස්වාමියා රජය නොව ජනතාවයි. රජය යනු ස්වාමියාගේ පත්කල නියෝජිතයා පමනයි.

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s