ක්‍රිස්තුස් සමිඳුන්ගේ ඉගැන්වීම් ඇතුළත් සම්පුර්න චිත්‍රපටය-නත්තල නිමිත්තෙන් පළවන 01 බ්ලොග් සටහන


නත්තල යනු ක්‍රිස්තු උපත සිහි කිරීමට සම්මත කරගත් දිනයකි.එදිනට කාබී, ඇඳ පැළඳ නෑදෑ හිතවතුන් මුනගැසී ප්‍රීතිය බෙදා හදා ගෙන , දෙව් මැඳුරේ පැවැත්වෙන දේව මෙහෙයට අනිවාර්යයෙන්ම සහභාගිවීමත්,අනතුරුව මස් මාංශයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක් සිය පවුල සමඟ ගැනීමත් අනිවාර්යය කරුනකි.

නත්තලට අලුත් ඇඳුම් පැළඳුම් මිළදී ගැනීම,තෑගි බෝග දීම,සැරසිලි කිරීම,විචිත්‍ර නත්තල් ගස් සෑදීම,කෑමට බීමට ආදි වශයෙන් වියහියදම් කිරීම විවේචනය කරන්නන්ද සිටිති.
එහෙත් මොවුන් නොදන්න එක කරුනක් නම් සමාජයේ ආර්ථික ප්‍රගමනය සඳහා අත දිගහැර වියදම් කිරීමද අවශ්‍ය බවය.රටක ආර්ථික වෘද්ධිය සඳහා එය අත්‍යාවශ්‍ය සාධකයකි.

එහෙයින් කිසියම් රටක මිනිසුන් ඉහත සඳහන් පරිදි සිය මුල්‍ය ප්‍රභවයන් වානිජ,තාක්ෂනික,මුල්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනය නොකරන්නේ නම් , හා විනෝදාස්වාදි සේවා වෙත දායක නොවන්නේ නම් නුදුරේදීම එරටේ මිනිසුන් මානසික රෝගීන් වනු ඇත, රටද ‘බංකලොත්’වනු ඇත!

ආර්ථික විද්‍යානුකූලව කිසියම් රටක,භාංඩ හා සේවා වෙලදාමේ වර්ධනය රඳා පවතින්නේ රටේ ජනතාව විසින් ඒවා මිලදී ගැනීම , හුවමාරු කිරීම ,ඒවා වානිජ වශයෙන් උපයෝගි කිරීම ආදි ක්‍රියාදාමයන් මඟින් පමනි.

අනෙක් කරුන වන්නේ එයින් ලැබෙන මානසික සුවයයි.

මෙ රටේ ක්‍රිස්තියානි සංඝයන් ප්‍රධාන වශයෙන්,රෝමානු කතෝලික හා රෙප්‍රමාදු/ප්‍රොතෙස්තන්ත වශයෙන් ප්‍රධාන කොටස් 02 කට වාර්ගීකරනය කල හැකිය.
රෝමානු කතෝලික සංඝයට නත්තලට අතිරේකව වසරේ කැලැන්ඩරයේ උත්සවයන් ගණනාවකි.

එහෙත් සෙසූ ක්‍රිස්තියානිවරුන්ට ඇත්තේ නත්තල් උත්සවය පමනක් බවද කිව යුතුය.
එහෙයින් නත්තල් උත්සවයට අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරන බවට මැසිවිලි නගන අය එසේ කීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු ය.

According to the Bible ‘ HOLY” is the one name of Lord , God. Therefore scripture define our Lord as the ‘ HOLY FATHER’. ALMIGHTY, IS THE ONLY  HOLY FATHER !!!

Advertisements