පාලකයෙනි,අයාලේ යන බල්ලන්,ජනතාවට තර්ජනයක් වන අලින්,කිඹුලන් හා ගෘහාශ්‍රිත මීයන්ගේ ගහනය පාලනය කිරීමට වහාම පියවර ගන්න!රාජ්‍ය පාලනයට ආගම පටලවා නොගත යුතුය.-GOVERNMENT AUTHORITIES OF SRI LANKA IMMEDIATELY TAKE MEASURES TO CONTROL THE STRAY DOGS IN STREETS AND WILD ELEPHANT, CROCODILE POPULATION WHICH ARE TERRORIZING COUNTRYSIDE !


 

Image result for images of mad dogs

 

Image result for images of elephants attacks

Image result for images of crocodile

 

Image result for images of rats

Image result for images of mad dogs

පාලකයෙනි,අයාලේ යන බල්ලන්,ජනතාවට තර්ජනයක් වන අලින්,කිඹුලන් හා ගෘහාශ්‍රිත මීයන්ගේ ගහනය පාලනය කිරීමට වහාම පියවර ගන්න!රාජ්‍ය පාලනයට ආගම පටලවා නොගත යුතුය.-GOVERNMENT AUTHORITIES OF SRI LANKA IMMEDIATELY TAKE MEASURES TO CONTROL THE STRAY DOGS IN STREETS AND WILD ELEPHANT, CROCODILE POPULATION WHICH ARE TERRORIZING PEOPLE!

 

අයාලේ යන බල්ලන් අල්ලා විනාශ කිරීම වසර 06-07 කට පමන පෙර නාගරීක අධිකාරීන් විසින් සිදු කරන ලදී.
හිටිහැටියේම අයාලේ යන බල්ලන් විනාශ කිරීම නතර විය.
මෙය සිදුවූයේ රාජ්‍ය පාලනයට ආගම පටලවා ගැනීම නිසාද?
එහි ප්‍රතිඵලය දැන් ඇස් පනාපිට පෙනේ.
අයාලේ යන බල්ලන් පාරවල් අරක් ගෙන සිටිති.පාසල් දරුවන් අතුළු පදිකයන් ගේ ජීවිත ජල භීතිකා රෝගයෙන් මෙන්ම බල්ලන් සපා කෑම නිසාද අනතුරේ පවතී.!

සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන් වෙතට. අයාලේ යන බල්ලන් සපා කෑම නිසා අනතුරු සිදුවීම හා ජල භීතිකා රෝගය වැලඳීම සම්බන්දයෙන් පාසල් සිසුන් හා ජනතාව දනුවත් කිරීම සඳශා සමාජ ජාල , පාසල් ආදිය තුලි දැනුවත් කිරීම වහාම ආරම්භ කල යුතුය.

පාලකායන්ගේ ඇස් ඇරෙන්නේ කවදාද?

02.මිනිස්සුන්ට මරනය ගෙන දෙන අලි කරුනාව

අලින් බහුලව වෙසෙන පලාත්වල අලින් පහර දීමෙන් අපේ ජනතාව එකා දෙන්නා වරින්වර මියයයි.අලින්ට නඩු නැත.බැරි වෙලාවත් අලියෙක් මරුවොත් වන ජීවි පනත යටතේ නඩු දමනු ලැබේ.

මරනයට මුහුනදී සිටින අපේ සහෝදර ජනතාව බේරා ගත හැකි ක්‍රම කීපයක් ඇත.
(1)නියෝජ්‍ය ඇමති පරනනවිතාන මහතා විසින් පැවසූ ලෙස වැඩි අලින් පිට රටට විකිනීම ,ඝාතනය කිරීම ආදි ක්‍රම භාවිතා කිරීමයි. රජය මේ යෝජනාව ගැන මනා අධ්‍යනයක් කල යුතුය.
(11) අලින් ජීවත් වන ප්‍රදේශ උන්ට වෙන්කර දී අපේ ජනතාව පහත රට ඇතුලු වෙනත් ප්‍රදේශවල නැවත පදිංචි කිරීමයි! අලින්ටයි මිනිස්සුන්ටයි එකට ජීවත් විය නොහැක.මේ බව අපේ දේශපාලන පන්ඩිතයන් විසින් තේරුම් ගත යුතුය.

(111)මිනිසුන්ට වින කරන මිනිමරු කිඹුල් උවදුර ගැනද කිව යුත්තේ මෙයයි.වන ජීවි පනත යටතේ කිඹුලන් මැරීම නීති විරෝධි වෙයි.හැබැයි මෙම පනතේ අඩු පාඩුව වනුයේ කිබුලන් විසින් මිනිසුන් මැරූවිට කිඹුලාට කවර දඬුවමක් දිය යුතුදැයි සඳහන් නොවීමයි!!කිඹුල් ගහනය පාලනය කිරීමට නොහැකි නම් ගංගා ආශ්‍රිතව ජීවතව ජනතාව වහාම වෙනත් ප්‍රදේශවල පදිංචි කිරීමට පියවර ගත යුතුය.කිබුලන්ට හා මිනිසුන්ට එකට ජීවත් විය නොහැක.

යල් පැන ගිය මෙවැනි නීති වලට එරෙහිව ජනතාව පෙල ගැසුනේ ගල්නෑවේදීය. සිය මව සමඟ දිය නෑමට ගඟට ගිය දරුවෙකුගේ ජීවිතයට කිඹුලෙකු විසින් අනතුරු කරන ලදී.කෝපයට පත් ගල්නෑව ජනතාව පසු දින වන විට මිනිමරු කිඹුලාද ඇතුළු කිඹුලන් 13 දෙනෙකු ඝාතනය කලහ.
මේ ජනතාව නීතිය සිය අතට ගත් අවස්ථාවකි.!!

(1ව්)අළුත්ම සත්ව කරුනා විගඩම වන්නේ දරුනු රෝග කාරක විශබීජ පතුරුවන මීයන් ඝාතනය කිරීමට එරෙහිව කිඹුල් කඳුලු හෙලීමයි.

සමාජ ජාල හරහා මෙවනි ප්‍රචාර සිදු වනාතර , වර්තමානයේ සමාජ ජාලා ප්‍රබල මාද්‍යයක් බැවින් අපේ දරුවන් මෙවැනි දැයට නොරැවටීම සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය බලඩාරීන් විසින් වහාම මීයන්ගෙන් බෝවන මාරක රෝග සම්බන්දයෙන් ජනතාව දනුවත් කිරීමට  කටයුතු කළ යුතුය.

Advertisements

සුපර් මාර්කට් ජිම් ස්ටික්


මීගමුව ආසන්න නගරයක සුපර් මාකට් එකක මා මුහුන දුන් අත් දැකීම් කිහිපයක් පහතින් දැක්වේ.

01. මෙයට වසර් 03-04 කට පමන පෙර එක්තරා සුපිරියකින් මට කිසියම් දෙයක් මිළදී ගැනීමට අවශ්‍ය විය.එයට ඇතුළුවත්ම මා නෙත ගැටුනේ වෙළඳ ප්‍රවර්ධන දැන්වීමකි.එහි සඳහන්වූයේ සෑම බිල්පතකටම අවසාන දිනුම් ඇදුමකින් ත්‍යාගයක් හිමිවීමේ අවස්ථාවක් ඇති බවය. ඒ සඳහා ගනුදෙනුකරුවාගේ හැඳුනුම් පත් අංකය ඇතුළු කරවා ගන්න ලෙස සඳහන් කර තිබින. මා මිළදී ගත්තේ කිරි පිටි පැකට්ටුවක් වැනි නිශ්චිතවම මා මිළ හොඳින් දන්නා භාංඩයකි.එහි රාක්කයෙන් එය රැගෙන, කැෂියර් තරුනියට දුන් අතර ඇය ඝනක මෂිමෙන් බිල් පත යාන්ත්‍රිකව සටහන් කල අතර මගේ හඳුනුම් පත් අංකයද අසා එයද ටයිප් කලේය.

ඉතාම හදිසියෙන් යායුතුවූ බැවින් භාංඩය ලබා ගැනීමෙන් අනතුරුව බිල් පත ගැන නොවිමසා එළියට පැමිනියෙමි.සත්‍ය වශයෙන්ම ඇය මට බිල් පත ලබා දුන්නේ නැත.

මා එළියට පැමිනෙත්ම පෙරකී දැන්වීම මගේ නෙත ගැටුනි! ඒ අසල සිටි සිකියුරිටි ගෙන් එහි සඳහන් දැන්වීම ගැන විමසුවෙමි.ඔහු පවසා සිටියේ ත්‍යගයක් ලැබුනහොත් එය ලබා ගැනීම සඳහා හැඳුනුම් පත් අංකය ඇතුලත් කළ බිල් පත අවශ්‍ය බවය.
මම වහාම ආපසු ගොස් කැෂියර් තරුනියගෙන් බිල් පත ඉල්ලා සිටියෙමි!!යම් තරමක් වික්ෂිප්තයකට පත් ඇය බිල් පත මා වෙත ලබා දුන්නේය.

මම බස් රථයට යනාතර එය කියවා බැලීමි. එකක් හැරෙන්නට අනිත් සියල්ලම සටහන්ව තිබින. නුමුත් හැඳුනුම් පත් අංකය සඳහන් තීරුව වැරදීමකින් මෙන් ඉරා දමා තිබින!!!

මට මෙහි ‘ජිම් ස්ටික් එක ‘ හොඳින්ම් වැටහින. කැෂියර් තරුනිය ඇයගේ හැඳුනුම් පත් අංකය එහි සටහන් කර ඇති බව නිසැකය. මා බිල් පත ඉල්ලු විට කල හැකි දෙයක් නොවූ ඇය එම කොටස ඉරා බිල් පත මට ලබා දුනි!!!!

මේ ගැන මා ජර මර කිරීමට ගිය හොත් ඇයගේ රැකියාවට ප්‍රශ්නයක් විය හැකි බැවින් ත්‍යාගය ඇදුනත් එය ඕන දෙයක් වුනාදෙන් කියා නිහඬව සිටියෙමි.!!!!!

02.මේ මා කියනා සුපිරිය රටේ ඉහල සන්නායමක් සහිත එකකි!මසකට වරක් මේදය රහිත කිරි පිටි පැට්ටුවක් මිලදී ගැනීම කළෙමි.එහි මිළ කට පාඩම්ය.
දැනට මාස 4-5 කට පමන පෙර පුරුදු පරිදි එම පැකට්ටුවක් මිලදී ගතිමි.
මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු වන්නේ කැෂියර් මැෂිමේ මිළ ටයිප් කරනාතර එම කරුනු සටහන් වන ‘පරිගනක’ තිරය දෙස මා නොසැලී බලා සිටි බවය.
මාර වාසියකි.එම අවස්ථාවේ රු. 45/= ක ඩිස්කවුන්ටියක් නොහොත් වට්ටමක් දී ඇති බව ‘තිරයේ සටහන් විය.එවැනි වට්ටම් කතාවක් රාක්කවලවත් භාංඩයේවත් සටහන් කර තිබුනේ නැත.
මට මතක ඇති පරිදි එකල පැකට්ටුවක මිළ රු. 450/= ක් විය.
මම රු. 500/= ඔහුට දුනිමි.ඔහු ඉතිරි මුදල වශයෙන් රු.50/=මට ලබා දුනි.

ඔහුද බිල් පත් මට ලබා දුන්නේ නැත.
මෙහිදී සිදුවී ඇති ‘ජිම් ස්ටික්’ එක මගේ සිතට එක් වරම වැටහුනි!!

වට්ටමක් දෙන බවට කොහේවත් ප්‍රසිද්ධ දැන්වීම් සවි කර නොමැති බැවින් ඔහු පැකට්ටුවේ සඳහන් නියමිත මිලම මගෙන් අය කළේය.!!!!

සිදුවී ඇති හරිය මට හොඳ හැටි වැටහුනි.!!!!!
මම බිල් පත ඉල්ලා සිටියෙමි.

එය දෙන අතරම ඉතිරි රු.45/=ද ම හට ලබා දුනි!!!!
සුපිරියකින් බඩු ගන්නා විට ‘පරිගනක’ තිරයේ සටහන්වන් සංඛ්‍යා දෙස හොඳින් බලා සිටීම ඇඟට හා මුදල් පසුම්බියට ගුනදායකය.

03.මෙය තරමක අමිහිරි අත් දැකීමකි.
කඩේ යන විට සල්ලි භාග කලිසමේ සාක්කුවේ රුවා ගෙන යාම මගේ සිරිත විය.වරක් ඉහත සුපිරියට ගිය මා සාක්කුව ඇද්දෙමි පුදුමයකට මෙන් සාක්කුවේ රුවා ගෙන ආ මුදල් නෝට්ටු හෝ බඩු ලයිස්තුව හෝ නැත.!!! මෙය මඟ වැටීමට නොහැක.මෙය සිදුවූයේ සුපිරියට ඇතුළුවන ස්ථානයේමය.මා මේ බව කැෂියර් තරුනියට කීවිට ඇය cctv කමරා පරික්ෂා කිරීමට වහාම ගියාය.එහෙත් කිසිවක් නොපැහැදිලි බව ඇය පැවසීය.මම ආපසු නිවෙසට ගොස් ආපසු මුදල් රැගෙන ආවෙමි. නැවත ඇතුළුවන ස්ථානය පරික්ෂා කළෙමි.පුදුමයට මෙන් බඩු ලැයිස්තුව එහි වැටී තිබින. සල්ලි නැත.එය නැතිවී අත්තේ සුපිරිය ඇතුළතමදීය.!!!!!!

කිසිවෙක් සිද්ධිය වූ අවස්ථාවේ එතැනින් ආවෙ ගියේ නැත. කිසියම් සැකයක් මට ඇති විය.
මෙයින් මා ඉගෙන ගත් පාඩම: සල්ලි නිකන් සාකුවේ ඔබ ගෙන නොයනු.හැඹිලියක් වැනි මුදල් පසුම්බියක් භාවිතා කරනු!!!!!

මොනව කරන්නද හත් දෙවියනේ! cctv දෙය්යන්ටවත් මෙම සල්ලි ජිම් ස්ටික් එක නොපෙනුනේ නම් පෘතුග්ජන අප ගැන කවර කථාද?