TOMORROW IS PASSOVER SUNDAY


TOMORROW IS PASSOVER SUNDAY

 01.04.2018

හෙට පාස්කු ඉරිදා
2018.04.01

 

 

 

 

 

 

 

 

 

 

Advertisements

ප්‍රජාත්‍රන්ත්‍රවාදි දේශපාලනයේ ශ්‍රී ලාංකේය සළකුණ – රනිල් ගෙදර යවමු


මෙවන් ප්‍රජාතාන්ත්‍රිකයෙක් ලංකාවේ දේශපාලනයට ගැලපෙන්නේ නැත.බයියන්ගේ සහ අවබෝධයක් නැති නොමිනිසුන් කියනා විදියට මේ මජර දේශපාලකයින්ට මේ මඩගොහොරුවේ අපත් රටත් සමගම වැලලෙන්නටදී රනිල් දැන් ගෙදර යා යුතුය.
ඔබ එයට ඉඩ ලබා දීමට සූදානම්ද ?

Image may contain: 1 person

ප්‍රජාතන්ත්‍රවාදය අපි පාසැල් යන කාලයේදී ත් ඉගෙන ගත්තා…. ඒ ගැන අහපු ප්‍රශ්න වලට උත්තර ලිව්වා…සාමාන්‍ය පෙළ පාස්…. උසස් පෙළ සමත් … විශ්වවිද්‍යාලයට ගියා සමහරුන්ට දේශපාලන විද්‍යාවට ප්‍රථම පෙළ සාමාර්ථයක්… මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදය ගැන දීපු ප්‍රශ්නවලට උත්තර ලියලා… ගොඩගිහින් ගරුවරු වුන අය, නීතීඥයෝ වුන අය, මාධ්‍යවේදීන් වුන අය කොපමණ නම් ශ්‍රී ලංකාවේ ඉන්නවාද? ඒත් කෝ ඔවුන් ළඟ ප්‍රජාතන්ත්‍රවාදය…. ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගිය ලිබරල්වාදය කෝ…. ඒවා ඉගෙන ගත්තේ සහතික ගන්න… රැකියාවක් කරන්නම විතරද?… ඒකට උත්තරේ නෑ නෑ…. මෙහෙමයි…අරෙහේමයි… අපි වෙනවිදිහකට හිතමු…. වගේ පිළිතුරු තමයි අපිට ලැබෙන්නේ….
එතකොට ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තටම ගරු කරන ඒ අනුව රට පාලනය කරපු … රට පාලනය කරවන… රට පාලනය තවදුරටත් කළ හැකි නායකයින් අපිට නැද්ද? ඔබේ පිළිතුර නෑ… ඔබ හරි… මොකද එහෙම නායකයෝ තමන් ප්‍රජාතන්ත්‍රවාදීයි කියා තමන්ම මාධ්‍ය සාකච්ඡා පවත්වා කියා ගන්නා නායකයින් නොවේ….. එසේම මම ප්‍රජාතන්ත්‍රවාදීයි කියා අඟහරු ලෝකයටත් පෙන්න තරම් විශාල හෝර්ඩින් තමා විසින්ම ප්‍රදර්ශනය කරන්නේද? නැත…

ඇත්ත තිත්ත වුවත්…. එහෙම නායකයකයින් අතේ ඇඟිළි ගානට අප අතර සිටීම ජාතියේ පිනක් (බයියන්ට අනුව නොව – බුද්ධිමත් ජනතාවට අනුව). ඒ අතරින්ද රනිල් වික්‍රමසිංහ යනු ලංකාවේ පාසලකින් දේශපාලනය ඉගෙනගෙන… ලංකාවේම විශ්වවිද්‍යාලයකින් දේශපාලන විද්‍යාවේ අනෙක් අන්තය වන නීතීය ඉගෙනගෙන බැරිස්ටර්වරයකු වෙලා… වසර 40 ක් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා….. මෙතන තමයි නියමු පොයිට් එක……….. අද තියෙන්නේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය නොවේ… නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි… රනිල් ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රමාණය නැතිනම් වැඩිම මහජන නියෝජනය ලබාගැනීමට සමත්වීම ම රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට මහජනයා දක්වන ලද මනාපයකි…. මෙය රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගිකව එළිදැකිමකි….
රනිල්ට මේ මඟ යන්නට ඔහු ඉගෙන ගත් ප්‍රජාතන්ත්‍රවාදයට අමතරව… බදුදහම ප්‍රධාන මාර්ගයක් වෙනවා… ඇතමුන් දේශපානල වාසි තකා විවේචනය කළද? ලිච්ඡවි පාලන සම්ප්‍රදාය රනිල් හොඳින් කියවා ඇත… බුදුදහමින් විස්තර වන අටලෝ දහම… ඉවසීම හොඳින්ම ඔහු ප්‍රගුණ කර ඇත… එයයි රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතේ රහස… මම මුලින් කිවු පරිදි බෝහෝ දෙනා විභාග පාස් කරන්නට සුද්දන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ඉගෙන ගනිද්දි රනිල් ලිච්ඡවී රජ දරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයද මැනවින් හදාරා බුදුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉගැන්වීම් ද සිය පාලන කටයුතු සඳහා ප්‍රායෝගිකව යොදා ගෙන ඇත….

ඒ නිසාම…. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය කරන…

• මහජන ජන්ද බලය හිමිවීම
• නියෝජන ක්‍රමයක් පැවතීම
• දේශපාලන පක්ෂ කිහිපයක් පැවතීම
• රට ජන්ද කොට්ඨාශවලට බෙදා තිබීම
• ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් පැවතීම
• කලින් කලට මැතිවරණ පැවැත්වීම
• නිදහස් මාධ්‍යයක් පැවැතීම
• මානව අයිතිවාසිකම් සුරක්ෂිතවීම වැනි අංග කෙරෙහි රනිල් දැඩි විශ්වාසයක් තියනවා….

මහජන නියෝජනය, දේශපානල පක්ෂ ක්‍රමය පාර්ලීමේන්තු ක්‍රමය රනිල් ඉහළින් අගය කරන්නේය… ඒ නිසා ඔහුට ස්ථාවර නියෝග කට පාඩම්ය…. එසේ ස්ථාවර නියෝග වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකුට පමණි… අනිකුත් පඹ ප්‍රජාතන්ත්‍රවාදීන්ට ස්ථාවර නියෝග යනු විහිළුවකි… ඒ බව අප හොඳින්ම අත්දැක ඇත….

රට ඡන්ද කොට්ඨාශ අනුව බෙදනවා පමණක් නොව… දැන් පුංචි ඡන්දය තමන්ගේම නියෝජිතයකු තෝරාගත හැකි පරිදි පැවැත්වීම එක්තරා දුරකට ග්‍රීක පෞර රාජ්‍ය තුළ දැකිය හැකි සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට තරමක් දුරට ළංවන ක්‍රමයකි…. ඒ සඳහා ද රනිල් මුල්වී පාර තනා ඇත…..

රනිල්ගේ මාධ්‍ය නිදහස ඉතා අගනේය…. එය එක වටයකින් කිවහොත් …. සිරස නාලිකාව රනිල් විවේචනය කරන ආකාරය හා ඊට රනිල් දෙන උත්තරයම ප්‍රමාණවත් බව හැගේ… හිටපු රාජාට පුංච් විහිළුවක් කරන විට සිරස ට ගිනිතියද්දී…. රනිල් එළිපිට පතුරුහරින කෙලී දෙස උපේක්ෂා සහගතව බලයි…..

මානව අයිතිවාසිකම්… සියළු ආගම් හා ජාතීන් අතර සහජීවනය ඇති කිරීම… කෙරෙහි මූලීකත්වය ගත හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුට පමණි.. ඒ අතින් බලන විට රනිල්ගේ මැදිහත්වීම ප්‍රසංසනීය මට්ටමක පවති… විසංවාදී දේශපානය කෙරෙහි විශ්වාස තැබීම අතින් රනිල්ට සම කළ හැකි… කිසිම නායකයකු හමු නොවේ… විසංවාදී දේශපාලනය ගැන රනිල් නිතරම කියනවා මා අසා ඇත… එය ඔහු පුරුදු පුහුණු කළ ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල්වාදය වැනි මූල ධර්මයන්හි උසස් තත්වයකි… රටක් ගොඩනගන්නට නම් මේ දැක්ම අත්‍යාවශ්‍යම වේ..

තමන්ගේ ආදරණිය පක්ෂය… මාමණ්ඩිය හදපු ව්‍යවස්ථාවට එදා බුහුභුතයක් කිවු අය එයට පහන් පත්තුකර… සුවඳ දුම් අල්ලන විට නොබියව එය ජනතා අභිලාසයන් වෙනුවෙන් වෙනස් කර… ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට රනිල් මූලීක වන්නේ 1978 සිටම එය බෝහෝ පාර්ශව ඉල්ලා සිටි නිසාය…. නමුත් රනිල් මුල්වන විට… ඔන්න දැන් අර සුපුරුදු විරෝධය ඇවිල්ලා.. ඇයි ඒ විරුද්ධවාදී බංකොලොත් දේශපාලකයින් දන්නවා නව ව්‍යවස්තාව හරහා තව තවත් පාලනය ප්‍රජාතන්ත්‍රවාදී වී ජනතාව අතට වැඩි බලයක් යන බව… ඒ නිසා එය අකුලන්නට බොහෝ අය වෙර දරමින් සිටී… නමුත් යතාර්ථය වෙනුවෙන් රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් වෙනුවෙන් බහුතරයක් ජනතාව මේ වන විට ඔහු වටා ඒක රාසී වෙමින් සිටී…. අපි ද රනිල් වටා මහා ජන පවුරක් ලෙස රොක් වී ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරිමට පෙරමුණ ගමු….

මෙය අවසාන කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව 18 වන සියවසේ ප්‍රංශයේ ජිවත් වූ ජින්ජැක් රුසෝ නම් දාර්ශනිකයා විසින් කරන ලද ප්‍රකාශය ඉතා වැදගත් යයි මම සිතමි…….

“නිදහස්ව උපන් මිනිසා නිදහස්ව ජීවත් විය යුතුය”
අපේ රටේ බහුතරයක් දේශපාලන පක්ෂ හා දේශපාලඥයන් වඩාත් බිය වන්නේද? රනිල් බිය නැත්තේද? රුසෝ කියන මේ සත්‍යයටයි….. ප්රසජාතන්ත්රනවාදි සමාජයක අවසාන පැතුම ද? රනිල්ගේ පැතුමද? මෙය මයි…

මෙවන් ප්‍රජාතාන්ත්‍රිකයෙක් ලංකාවේ දේශපාලනයට ගැලපෙන්නේ නැත.බයියන්ගේ සහ අවබෝධයක් නැති නොමිනිසුන් කියනා විදියට මේ මජර දේශපාලකයින්ට මේ මඩගොහොරුවේ අපත් රටත් සමගම වැලලෙන්නටදී රනිල් දැන් ගෙදර යා යුතුය.
ඔබ එයට ඉඩ ලබා දීමට සූදානම්ද ?

 shared from https://www.facebook.com/GreenEyeSocialMediaUnit/?hc_ref=ARS3vLNwNkp5xel2tS6Gr6QUPanrY_sSp015qBwGzkSFFmiS8yye43sC1oXlbI70mOA&fref=gs&dti=488438624646479&hc_location=group

He is Ranil ! ඔබට සුභ උපන් දිනයක් වේවා! உங்களுக்கு பிறந்தநாள் வாழ்த்துக்கள்!


Ranil-Wickremesinghe

 හේ රනිල් නම් විය…!
(අදට යෙදී ඇති රනිල් වික්‍රමසිංහ අගමැතිගේ 69 වෙනි උපන්දිනය වෙනුවෙනි)

(ලංකා ඊ නිව්ස් -2018.මාර්තු.24, පෙ.ව.8.15) ඉහත දැක්වු නම යොදා ගනිමින් ප්‍රවීන ග්‍රන්ථ කර්තෘවරයෙක් වන රංජිත් අමරකීර්ති පළිහපිටිය මහතා විසින් රනිල් පිළිබඳ පොතක් ලියා පළ කළේය.
පළිහපිටිය මහතා දිනක් මා සමග කතා කරමින් සිටින විට ඔහු “හේ රනිල් නම් විය” කෘතිය සඳහා තොරතුරු ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතවු බව මා සමග කීය.

පළිහපිටිය මහත්තයා රනිල්ගෙන් ප්‍රශ්නයක් ඇසීය.

“ඔබ නීතිඥයෙක් නේ.. නඩු කීයක් දිනලා තියෙනවාද..?”

“රංජිත්… මම දේශපාලනයට ආවට පස්සේ උසාවියේ නඩුවලට කතා කරලා නෑ.. හැබැයි ඊට පෙර මම නඩුවලට කතා කරලා තියෙනවා. නමුත් මට දිනන්න බැරි වුනා..”

පළිහපිටිය මහත්තයා කරකවා අතෑරියාක් මෙන් විය. මේ කියන කාරණය කොහොමද පොතට දාන්නේ.. ඔහු සිතීය..

“හේතුව..මොකක්ද..?”

” හේතුව තමයි මම පෙනී හිටපු නඩුවලට අනිත් පැත්තෙන් පෙනී සිටියේ කොල්වින් ආර් ද සිල්වා වාගේ ප්‍රවීනයෝ.. ඒ අය දක්ෂයි.. ඒකයි..”

පළිහපිටිය මහත්තයා රනිල් ගෙන් ඇසු ප්‍රශ්නය නීතිඥයෙක් වන මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් හෝ නාමල්ගෙන් ඇසුවා නම් කුමක් කියයිද..?

“ආපෝ … මං පෙනී හිටපු නඩු ඔක්කොම දිනුවා… අපිට කිට්ටු කරන්ඩවත් ඒ අයට බෑ..” එසේ කියනු ඇත.

එහෙත් රනිල් කිසි දිනෙක තම ජනප්‍රියතාවය උදෙසා සිල්ලර වැඩ කළේ නැත. තමන් පොරක් කියා පෙන්වීමට ඔහු කිසි විටෙක බොරු බේගල් ජනතාවට කිව්වේ නැත. කළ හැකි දේ ඔහු නිර්භයවම කීය. අවංකත්වය දේශපාලනඥයෙකුට උචිත නොවේ යැයි සිතෙන තරමට ඔහු අවංක පුද්ගලයෙකු විය.

රනිල් ට අදට වයස 69කි. ඔහුගේ 69 වන උපන්දිනය යෙදී තිබෙන්නේ සිය ජීවිතයේ කඩඉමක් සනිටුහන් කරන අවස්ථාවක දීය. ඔහුගේ මාමා වන ජේ. ආර්. ජයවර්ධනයන් මේ රටේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වුයේ වයස අවුරුදු 70 දීය. රනිල්ටත් 70 ලබන්නට තවත් වසරක් තිබේ. වසර 50කට අධික දේශපාලනය තුළ ඔහුට මුහුණ දීමට සිදුව තිබෙන බරපතලම කාරණය වන විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 04වන දින පෙරවරු 9.00 සිට රාත්‍රි 10. 00 දක්වා විවාද කෙරේ.

ඒ නිසා රනිල්ගේ 69වන උපන්දිනය ඔහුට අතිශයින් වැදගත් වේ.

එක් දිනක් මම හොඳින් දන්නා වෛද්‍යවරයෙක් රනිල් ගැන අපුරු කතාවක් මට කීය.

මචං. රනිල් වගේ කෙනෙක් මේ රටට ගැළපෙන්නේ නෑ. ඔහුගේ දර්ශනය, අදහස් සිතුවිළි ගැළපෙන්නේ සංවර්ධනය වු රටවල්වලට. ඇත්තටම රනිල් ප්‍රගතිශීලි දේශපාලනඥයෙක්.. ඔහුට උසස් දැක්මක් තියෙනවා. ඒ වගේම දැනුමක් තිබෙනවා. ජාත්‍යන්තර ආර්ථිකය, දේශපාලනය, මානව සබඳතා මේ ගැන හොඳ දැනුමක්. හැබැයි එක දෙයක් බෑ.

ඒ මොකක්දැයි මම ඇසීය..

මහින්දලා වාගේ බොරු කියන්ඩ බැරි කම. මෝඩ චූන්වලින් රටේ මිනිස්සු රවටන්ඩ බැරි එක. මේ රටට ගැලපෙන්නේ බොරු කියළා, මෝඩ චූන් දාලා, කළගෙඩි වගේ තඩි බඩගෙඩි තියෙන, උදේ දවල් ගෑනු එක්ක ලගින, මහරෑ වෙනකං හොඳට බීලා, පහුවදාට සුදු රෙද්ද ඇඳගෙන මල්වට්ටිය උස්සාගෙන පන්සල් යන දේශපාලනඥයෝ.. කරුමෙට රනිල් එහෙම එකෙක් නොවෙයි.. ඒක හින්දා රනිල්ට මිනිස්සු කැමැති නෑ..

මගේ හිතවත් වෛද්‍යවරයා කී කාරණය ගැන හිතනවිට ඔහු කී කාරණය කෙතරම් සැබෑදැයි මට සිතිනි.

එක් ප්‍රධාන දේශපාලනඥයෙක් ( නම සඳහන් නොකරමි) දකුණු පළාත් සබා මැතිවරණය මෙහෙයුම කරමින් ඔහු නැවතී සිටියේ දකුණු පළාතේ හොඳම හොටලයේයි. එම කාලය තුළ දින කිහිපයක් ඔහු එවකට ලාබාල තරුණ සිනමා නිළියක් දිනපතා තමන්ගේ කායික සන්තර්පනය සඳහා හෝටලයට ගෙන්වා ගත්තේය. ඉන්පසුව එම කාර්යය ඔහු තම පුතාට පැවරීය. තවත් නිළියක් නිසා මාධ්‍ය ආයතනයක් ගිනි ලෑය.

නායකයින්ගේ හැටි ඔන්න ඔහොමය.

රනිල් වික්‍රමසිංහ මහතා තවමත් පදිංචිව සිටින්නේ ඔහුගේ පියා විසින් ඉදි කර දී තිබෙන පැරණි නිවසේයි. මෙම නිවස වසර ගණනාවකින්වත් තීන්ත ආලේප කර හෝ අලුත්වැඩියා කර නැත. මේ රටේ කිහිප වතාවක් අගමැතිවරයා ලෙස පත්වුවද ඔහු රටේ මහජන මුදල් සත පහක් හෝ තම පුද්ගලික සුඛ විහරණය සඳහා භාවිතා නොකළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ලගින්ම ඇසුරු කරන හිතවතෙක් දැනට දින කිහිපයකට පෙර මට මුනගැසිනි.

“අගමැතිතුමාගේ ගෙදර තියෙන්නේ පරණ විදුලි පංකා.. ඒවායේ ස්විච් එක ඔන් කරන කොට ද්රාං….. ද්රාං… ද්රාං.ද්රාං. ගාලා තමයි කරකැවෙන්නේ.. ඒසී එකක් තියෙනවා ඒක හැට හැත්තෑ ගණන්වල එකක්. නමුත් ගෙදර පුරා තියෙන්නේ පොත් පත්.. අගමැතිතුමා හැම වෙලාවෙම බලන්නේ මොකක් හරි පොතක් පතක් බලන්න.. අනුන්ගේ දේවල් හොයන්නේ නෑ. පරණ පුටු දෙකක් සාලේ තියෙනවා.. එකක් අගමැතිතුමාට වාඩි වෙන්ඩ. අනික මෛත්‍රි මැඩම් වාඩි වෙන එක.. ඒ අය හරිම සරළව තමයි ජීවත් වෙන්නේ..”

“වහලේ අවුරුදු ගාණකින් රෙපයාර් කරළා නෑ .. ඒ හින්දා සමහර තැන් වහිද්දි තෙමෙනවා.. ඔයා කිව්වට විශ්වාස කරයිද් දන්නෑ.. මං කියන්නේ ඇත්ත.. ඒ වතුර වැටෙන තැන්වලට හට්ටි මුට්ටි පවා තියනවා…”

“රනිල් මහත්තයා මස් කන්නැද්ද…”

” නෑ.. එළවලු, පලතුරු කන්න තමයි හුගක් කැමැති.. ඉදලා හිටලා මාලු කෑල්ලක් කනවා.. අනික සර් කියලා තියෙන්නේ මේ ෆෑන් අලුත්වැඩියා කරන්ඩ ඕනැ වුනත් මහජන මුදල් ශත පහක්වත් වැය කරන්ඩ එපා කියළා..”

වත්මන් ජනාධිපතිවරයා තමන් ජනාධිපති වීමෙන් පසුව කිසි දිනෙක අරලියගහ මන්දිරයට හෝ කොටුවේ ජනාධිපති මන්දිරයට හෝ නොයන බව පුන පුනා ප්‍රකාශ කළේය. නමුත් ඔහු පදිංචි වුයේ එතෙක් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පදිංචිව සිටි අමාත්‍ය නිලනිවාසයේය. එම නිවස මුලුමනින්ම මහා මන්දිරයක් පරිදි වෙනස් කළේ මහජන මුදල් රුපියල් මිලියන 450කට වඩා වැය කරමිනි.

නමුත් රනිල් එවැන්නෙක් නොවීය. ඔහු එකක් මහජනතාවට කියා තවත් එකක් නොකෙළේය. ඔහු තමන් කුඩා කළ පටන් විසු පරණ නිවසේම තවමත් වාසය කරයි. අඩුම තරමින් ඔහුගේ නිවසේ අලුත්වැඩියාවක් සඳහා ඔහු මහජන මුදල් ශත පහක් වත් වැය නොකළේය.

ඒ රනිල්ගේ හැටිය.

අනික් කාරණය නම් රනිල් යනු අවස්ථාවෝචිතව කතා කිරීමට විශිෂ්ට හැකියාවක් ඇත්තෙකි. ඔහු කිසි විටෙක විවාදයකින් වට්ටන්නට කිසිවෙකුට හෝ නොහැකිය. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධර්මසිරි සේනානයක මහතා පොදු පෙරමුනු රජය සමයේ පැවැති ජාතික නිදහස් උත්සවයක දී රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. රනිල් එවකට විපක්ෂ නායකයායි.

නිදහස් දින උත්සවයේ නිල් පැහැති රෙද්දක් පෙරවා ගත් අලි පැටියෙක් ඉදිරියෙන් ගමන් කළේය.

ඒ දුටු ධර්මසිරි සේනානායක මහතා.

“විපක්ෂ නායකතුමා.. අර බලන්න.. දැන් අලියොත් පොරවන්නේ නිල්පාට” යැයි රනිල්ට ඇගිල්ල දික්කර පෙන්වීය.

ඒ දෙස මඳක් වේලා බලා සිටි රනිල්.. “ඔව් ඒක ඇත්ත.. ඔයාලාගේ ආණ්ඩුවත් නිල් පාට පොරවාගත්ත අලියෙක්නේ “යි ප්‍රකාශ කළේ සේනානයක මහතා නිරුත්තර කරවමිනි.

තවත් දිනෙක රනිල් අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවස්ථාවක විදේශ නායකයෙක් මෙරටට පැමිණියේය. කටුනායක දී විදේශ අමුත්තා පිළිගත් රනිල් ඔහු සමග පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපොළ ඉදිරි පිට සිටින ටැක්සි රියදුරන් පිරිසක් දුටුවේය.. ඔවුන් සියලු දෙනා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ හිතවතුන් යැයි එවකට ප්‍රකට කරුණකි.

ඔවුන් දුටු අමුත්තා.. “ඒ වේළුපිල්ලේගේ මිනිස්සු දැ”යි ඇසීය.. ( වේළුපිල්ලේ ප්‍රභාකරන්)

“නෑ.. නෑ. ඒ ෆර්නෑන්ඩුපුල්ලේ ගේ මිනිස්සු” යැයි රනිල් සිනාසෙමින් පිළිතුරු දුන්නේය.

රනිල්ට ඉතිහාසය , සාහිත්‍යය, කලාව ගැන තිබෙන්නේ ඉහළ දැනුමකි. වරක් ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක අභයගිරි ව්‍යාපෘතිය පිළිබඳවඅනුරාධපුරයට ගොස් මහාචාර්ය කුළතුංග මහතා හමුවී සාකච්ඡා කළේය. මහා විහාරය ගැන රනිල් වික්‍රමසිංහ මහතා හෙළි කළ ඇතැම් කරුණු ගැන මහාචාර්යවරයා පුදුම විය..

“සර්. මං වත් ඒවා ගැන දැනගෙන හිටියේ නැහැ” යි පසුව ඔහු හමුවු ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාහට මාහාචාර්ය වරයා කීය. “අගමැතිතුමා ට කොහෙන්ද එච්චර දැනුමක්..?”

“අගමැතිතුමා හොඳට පොත් පත් කියවනවා. අනික එයා තමන්ගේ දැනුම ප්‍රදර්ශනය කරන කෙනෙක් නෙවෙයි. ඒ එයාගේ හැටි”. කොඩිතුවක්කු මහතා කිවේය.

එමෙන්ම එක් භික්ෂුන් වහන්සේ නමක් නැගෙනහිර බෞද්ධ උරුමය පිළිබව ලියු ලිපියක සඳහන්ව තිබු සෙල්ලිපියක් පිළිබඳ කාරණයක් රනිල් සාකච්ඡා කළේය. ඔහු එම භික්ෂුන්වහන්සේ ගෙන් හමුවන්නට අවස්ථාවක් ඉල්ලා සිටියේය.

“නෑ.. නෑ.. මට ඔබතුමාත් එක්ක කතාවක් නෑ. ඔබතුමා මේ රට , සංස්කෘතිය ගැන දන්න කෙනෙක් නොවෙයි.. මට බෑ කතා කරන්න..” ස්වාමින්වහන්සේ පැවසුහ.

රනිල් කිහිප විටක් ඇවිටිලි කළ ද උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළේය.

අවසානයේ රනිල් තුරුම්පුව ගැසීය..

“ඔබවහන්සේ ලියපු ලිපියක වැරැද්දක් තියෙනවා. මං එන්නේ ඒ ගැන කතා කරන්න..”

“ඒ මොකක්ද.. හරි විනාඩි පහක් දෙන්නම්..”

විනාඩි පහක කතාව පැය දෙකක් දක්වා දුරදිග ගියේය.

රනිල් සතුව තිබු මෙරට ඉතිහාසය පමණක් නොව වෙනත් රටවල ඉතිහාසය පිළිබඳ දැනුම ද ඉහත කී ව්‍යක්ත ස්වාමින්වහන්සේ අන්දමන්ද කළේය.

“මං දැනගෙන හිටියේ නෑනේ.. ඔබතුමාට මෙච්චර දැනුමක් තියෙනවා කියළා.. මට හරි සතුටුයි..” උන්වහන්සේ අවංක හැගීමෙන්ම කීය.

“අනේ හාමුදුරුවනේ… මං එච්චර දන්න කෙනෙක් නොවෙයි. වෙනස තියෙන්නේ ඒ බව මම දන්නවා.. ඒකයි.” කියමින් රනිල් උන්වහන්සේගෙන් සමුගත්තේය.

අවසාන වශයෙන් තවත් එක් සිද්ධියක් සදහන් කරමි.

ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාට ඉදිරිපත් වු දෝෂාභියෝගය අවස්ථාවේ එම අභියෝගය ජයගත්තේ රනිල්ගේ ඔළුව නිසාය. තමන්ට එරෙහිව තමන්ගේම රජයේ කිහිප දෙනෙක් ගෙන යන වැඩ පිළිවෙල ගැන ප්‍රේමදාස මහතා එවකට සභානායක වු රනිල් කීය.

“සර්.. බයවෙන්ඩ එපා.. මං සර්ව බේරා ගන්නවා..” රනිල් කීය.

පසුව එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කැඳ වු රනිල්, ජනාධිපතිවරයාට විශ්වාසය පළ කිරීමේ ලියවිල්ලකට අත්සන් ගත්තේය. සියලු දෙනාම ඊට අත්සන් තැබුහ. පසුව දෝෂාභියෝගය ඉදිරිපත් කළ ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර ආදි සියලු දෙනාම ඊට අත්සන් තැබීය.

සර්.. බයවෙන්ඩ එපා.. ඔක්කොම හරි.. සර් සතුටින් ඉන්ඩ.. රනිල් කීවේය. ප්‍රේමදාස මහතාගේ හිතේ වු මහා බරකින් රනිල් ඔහුව සැහැල්ලු කළේය.

දෝෂාභියෝගය ඉදිරිපත් කළ ද කථානායක එම්. එච්. මොහමඩ් මහතා එය බාර නොගත්තේය. හේතුව ජනාධිපතිවරයාට විශ්වාසය පළ කරමින් සියලු දෙනා අත්සන් කර තිබු බැවිනි. ප්‍රෙමදාස ජනාධිපතිතුමා දෝෂාභියෝගයෙන් ගලවා ගත්තේ රනිල් ය.

අනෙක් කාරණය නම් රනිල් සතු ඉවසීමේ ගුණයයි. ඔහු තරම් අප රටේ දේශපාලනය තුළ විවේචනය, උපහාසයට, අපහාසයට ලක් කළ තවත් නායකයෙක් නැත. එහෙත් ඔහු මහමෙරට හුළං නැත්තාක් මෙන් මහමේරු පර්වතය මෙන් සියල්ල දරා සිටියේය. අදද දරා සිටින්නේය.. මේතරම් මිනිසෙකුට දරා සිටියහැකිදැයි මම නොදන්නෙමි.

රනිල්ට සුබ උපන් දිනයක් පතමි. එමෙන්ම සිය මාමා මෙන් 70 වියේදී, එනම් 2019 පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනාධිපතිධුරයට පත්වීමට ශක්තිය හා ධෛර්යය පතමි.

සල්පිටියේ ධම්මදස්සි ස්ථවිර
shared from http://www.lankaenews.com

විශ්වාස බංගය , විශ්වාසය පල කිරීමකට පෙරලෙයිද?


වත්මන් අගමැතිවරයා 40 වසරක විශිශ්ඨ පලපුරුද්දක් ඇති දක්ෂින ආසියාවේ ප්‍රබල චරිතයකි.එහෙයින් ඔහු බලයේ සිටීම දේශපාලන විරුද්වාදීන්ට හිසරදයක් වී අත.

Image result for images of pm ranil wickramasinghe

 

අගමැතිවරයාට විරුද්දව විශ්වාස බංගයක් ගෙන එන බවට ඒකාබද්දයේ මංත්‍රීවරුන් විසින් පුන පුනා පවසති අගමැති ආන්ඩුවේ   නායකයාය.

රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති රටේ නායකයාය.ඒ අනුව අගමැතිවරයාට විරුද්දව විශ්වාස බංගයක් ගෙන එනවා යනු රජයට විරුද්දව විශ්වාස බංගයක් ගෙන ඒමයි.

ගෙන එනවය කියන විශ්වාස බංගය අරබයා ඔවුන් විසින් දක්වන හේතු කවරක් වුවද එහි වෙනත් යටි අරමුනු තිබිය හැකියයි සැලකිය නොහැකීද?

* පසුගිය රජයේ පුද්ගලයන් විසින් සිදු කර ඇතැයි කියන අයාථ මුදල ගණුදෙනු වලට විරුද්දව දනට නඩු පවරා ඇත.තවත් විමර්ෂන සිදුවෙමින් පවතී.

* වත්මන් අගමැතිවරයා 40න වසරක විශිශ්ඨ පලපුරුද්දක් ඇති දක්ෂින ආසියාවේ ප්‍රබල චරිතයකි.එහෙයින් ඔහු බලයේ සිටීම දේශපාලන විරුද්වාදීන්ට හිසරදයක් වී අත.

* යෝජිත සංවර්ධන ක්‍රියාදාමයන් හා ක්‍රමෝපාය’න්, අගමැතිවරයාගේ දේශපාලන විරුද්දවාදීන්ගේ බලයට ඒමේ සිහිනය ‘ බොඳවී ඇත.

* රටපුරා කර්මාන්ත හා සංචාරක කලාප හා වතුකරයේ ශ්‍රී ලාංකීක ජනතාවට නිවාස යෝජනා ආදි බහු කාර්යය යෝජනා සාර්ථක වුවහොත් සිය දේශපාලන අනාගතය ‘සිහිනයක්’ පමනක්වනු ඇතැයි ඔවුන් බියට පත්වී ඇත.

අගමැතිවරයාට හැම  අතින්ම පහර දෙන්නේ එබැවිනි.එජාපාය යනු මෙරටේ තනි විශාලතම දේශපාලන පක්ශයයි.ඩීඑස් ගේ සිට අද දක්වා විශිශ්ට පුද්ගලයන් විසින් එය මෙහෙයවා ඇත.

වසරකට  වරක් වාර්ෂික නියෝජිත සමුලුවක්  පවත්වයි.නිලදාරීන් තෝරනු

ලබයි.සමුලු 2 ක් අතර වාරයේ පක්ෂයේ පාලනය ගෙන යන්නේ කෘත්‍යාධිකාරි මන්ඩලය් විසිනි.පක්ශයේ මංත්‍රීවරයෙකුට විරුද්ධ විනය

සම්බන්ධ කරුනක් උද්ගත වුවහොත් පක්ෂය මඟින් විනය කමිටුවක් පත් කරයි. පක්ෂය  විසින් විනය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ එහි තීරන අනුවය.

කිසියම් අවස්ථාවක් , පිහිටුවනු ලබන විනය කමිටුවක සාමාජිකයන් ගැන ‘එලියේ’ කතා කිරීම එජාපා සම්ප්‍රදායට පටහැනිය.!!

යමෙකුට එරෙහිව නෛතිමය ප්‍රශනයක් උද්ගත වන්නේ නම් ඔහු විසින් කල යුතු වන්නේ එය උසාවියේදී විසඳා ගනීමයි.

එසේ නොමැතිව විනය කමිටිවේ සාමාජිකයන්ට එරෙහිව දෝෂාරෝපනය කිරීම නොවේ.

මෙතරම් තතනන්නේ මන්ද?

හැකිනම් විශ්වාස බංගයක් අගමැතිට/රජයට එරෙහිව ගෙන විත් එය සම්මත කර ගන්න!!!!!

බොර දියේ මාළු බෑමේ න්‍යාය


 Count Kokovtsov's speech in Duma.jpeg

  සාර් රුසියාවේ ඩුමා පාර්ලිමේන්තු සැසිවාරයක්

අම්පාරේ සිද්ධියට කියන්නේ බොර දියේ මාළු බෑමේ න්‍යාය කියල! ඇති කෙං ගෙඩියක් නැහැ . රටට හෙන ගැහුවත් කමක් නැහැ!රට සමාජය අස්ථාවර කර , ජන කැළබිලි ඇති කර මල බද්ධ කාරයින්ට ඒ මතින් උඩට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් මේක.!!

මෙයට හොඳම නිදසුන නම් fb එකේ ‘පෙත්තක්’ ගැන මාර විග්‍රහ දුන්න xxxxxx xxxxxxxx විවිධ පුද්ගලයන්ගෙ පැටිකිරිය බලපුවම,
මොවුන්ගෙ දේශපාලන පසුබිම චැක් කරපුවම !

සාර්`රුසියාවෙ ලෙනින් කාරයත් රුසියාවෙ ඩූමා පාර්ලිමේන්තුවක් තිබියදී විවිධාකාර ජල්බරිස් දමා එය අක්‍රිය කර බලය අල්ල ගත්ත ! ඒව මෙහෙ බැහැ හරිද උන්නැහැ !

යථාර්තවාදි නොවන අතේ පත්තුවන තර්ක ඉදිරිපත් නොකර කල යුතු වන්නේ විද්‍යාත්මක ක්‍රමයට පරික්ෂනයක් පවත්වා, එහි ප්‍රතිපල ඔය රාජ්‍ය විරෝධි මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික් මාද්‍යකාරයන්ට අමු ද්‍රව්‍ය සපයා දෙන එක!

මේ සටහන අවසන් කිරීමට පෙර තව එක අයිතිහාසික කරුනක සඳහන් කල යුතුය.

විදේශයන්වලින් පැමිනි අරාබි වෙලඳුන් මෙරටට කාන්තාවන් රගෙන ආවේ නැහැ!ඔවුන් විවාහ කර ගත්තේ මෙරට සිංහල හා දෙමල කුල කතුන්ව!! එහෙයින් ඔවුන් සිංහලයන්!!!!

ගම්පොල පැත්තට ගිහින් බලපූවනම් එහි සිටින සමහරුන්ගෙ වාසගම පටන් ගන්නෙ’කොස්ගහ ගෙදර’ xxxxxx ආදි වශයෙන්!!!!

මේ ටික බොර දියේ මාලු බාන සියළුම දෙනාට මතක් කර දෙන්න කැමති.

3 Rood low land , land is available in Seeduwa, Sri Lanka ,for multiple purpose projects. International and local business men , this opportunity is for you!! Hurry up!!


Seeduwa, is situated just the out skirt of katunayake (ktk ) International Air Port of Sri  Lanka. It ‘s (ktk) is  also house the nation s first Free trade Zone . 

Considering the fact  that several resorts and guest houses are sprang up around Seeduwa, value of this land is countless. Easily this land could be develop as a  sea plane landing strip for  local and foreign tourists.
 
10 feet  accessible concrete pave road  up to the land  is available, which connect  it to Walawwaththa road, in turn connect to Amandholuwa road, which directly link to the Airport.

Suitable for erecting antenna dish towers, communication Antenna Towers

Inland fisheries farms

Inland duckling farms

Surrounding scenes are ideal for Hotel complex

Ideal for erecting Bird watching towers

Ideal for Sea plane landing

 

 

 

 

 

Radar Dish, Radar, Earth Station

 

IMG_7210.jpg