මතෙව් ශුභාරංචි විවරනය-යේසුස් ක්‍රිස්තුස් සමිඳුන් විසින් දේශණා කල ක්‍රිස්තු ධර්මය සොයා යාම-01
මතෙව් ශුභාරංචියේ 1 පරිඡේදය ඇරඹෙන්නේ යේසුස් සමිඳුන්ගේ පෙලපත ආබ්‍රහම් හෙවත් ඊශ්‍රායෙල් ප්‍රජාවගේ ආදි පීතෲ වරයාට සම්බන්ධ කිරීමෙනි.
“ආබ්‍රහම්ගේ පුත්‍රයාවන දාවිත්ගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාවේ පෙලපත…”
එහි අවසානයට මෙසේ දැක්වේ.”යාකොබ්ට දාව මරියාගේ පුරුෂයාවූ යෝසෙප් උපන්නේය.මරියාගෙන් ක්‍රිස්තුස් නම්වූ යේසුස්වහන්සේ උපන් සේක…”
ආබ්‍රහම් ඊශ්‍රායෙල් වංශයේ පත්රියාක් හෙවත් මූලික පියා ලෙස සැළකේ.ආබ්‍රහම්ව නව වංශයක් බිහි කරනු සඳහා දෙවිඳුන් විසින් කැඳවනු ලැබීය.ඔහුගේ නම පවා ‘ඊශ්‍රායෙල්’ ලෙස දෙවිඳුන් විසින් වෙනස් කරනු ලැබීය.ඔහුව කැඳවනු ලැබුවේ අන්‍ය ජාතීන්ට ( ඊශ්‍රායෙල් නොවන ) දේවාලෝකය පැතිරවීමටත් දේව ජනතාවක් ප්‍රතිස්ථාපනය කරනු සඳහාත්ය.
යේසු උපත ආබ්‍රහම් හෙවත් ඊශ්‍රායෙල්ට සම්බන්ධ කිරීමෙන් අදහස් කරන ලද්දේ අනාගත මෙසියසුන් පහල වනුයේ ඊශ්‍රායෙල්ගේ පෙලපතෙහි බව තහවුරු කිරීමටය.යෝසෙප් දක්වා පරම්පරාව දැක්වීමෙන් අනතුරුව මරියාගේ ස්වාමි පුරුෂයා යෝසෙප් බව පැහැදිලිවම දක්වා ඇත.එහෙත් ක්‍රිස්තුස් සමිඳුන් ‘මරියාගෙන්’ උපන් බවට විශේෂ ලෙස සඳහන් කර ඇත.
මෙයින් පැහැදිලි වනුයේ ක්‍රිස්තුස් සමිඳුන් , ගාබ්‍රියෙල් දේව දූතයා විසින් මරියාට දන්වනු ලැබූ පරිදි ශුධාත්ම අනුහසින් උපන් බවය.මතෙව් ශුභාරංචි ලේඛකයා ඒ බව සඳහන් කිරීමට විශේෂයෙන් පරෙස්සම් වෙයි.
කන්‍යා උත්පත්තිය සෑම කල්හීම ප්‍රබල ලෙස විමසීමට ලක්වී ඇත. ගරු ලින් ද සිල්වා දේව ගැතිදුන්ගේ මතෙව් ශුභාරංචි විවරනය බලන්න.
අනිත් අතට ක්‍රිස්තුස් වහන්සේ යෝසෙප්ගේ පුත්‍රයා බව හැඟවෙන ශුධ ලියවිලි පාඨ දක්නට ලැබෙයි.
අනිත් සිත් ගන්නා සුළු කරුන නම් පෙලපත් විස්තරයෙහි “සුප්‍රකට ඊශ්‍රායෙල් රජ වරුන්ගේ නම් සඳහන්ව තිබීමයි.උදා: දාවිත්,සලමොන්,රෙහෝබෝවම්,යෙහෝෂාපත්…ආදීන්
ක්‍රිස්තුස් සමිඳුන් දාවිත්ගේ රාජකීය වංශයේ බව ඔහු පසක් කරනුයේ යෝසෙප්ට දේව දූතයා දර්ශනයවී ආමන්ත්රනය කිරීමේදී ‘දාවිත්ගේ පුත්‍රවූ යෝසෙප් ‘ ලෙස සඳහන් කිරීමෙනි.
වත්මන් ක්‍රිස්තු සංඝයන්හී එතරම් සකඡා කිරීමට මැලිකමක් දක්වන කරුනක් සඳහන් වනුයේ අවසන් පදවලය.” … දූතයා අන කල ලෙස කරනුයේ , තමාගේ භාර්යාව සරණ පවා ගත්තේය.නුමුත් ඈ පුත්‍රයකු ‘බිහි කරන තුරු’ ඔහු ඈ ‘නොහැදින්නේය’.වෙනත් පරිවර්තනයක මෙසේ දක්වා ඇත.” එහෙත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමඟ’එක් නොවීය’.1990 තේමා පටුන සහිත, නව පරිවර්තනයේ මෙසේ දක්වා ඇත.” එහෙත්,ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමඟ සහවාසයේ නොයෙදිණි”.
මෙයින් පැහැදිලිවන කරුනක් නම් යෙසු උපතින් පසු යෝසෙප් මරියා හා සමඟ පුරුෂයා හා භාර්යාව වශයෙන් යහපත් පවුල් ජීවිතයක් ගත කල බවය.තවත් දරුවන් ගනනාවක් එම යුවලට ලැබුනු බව , යේසුස් වහන්සේට සහෝදරයන් සිටි බව ශුභාරංචි පොත් වල සඳහන් කිරීමෙන් පෙනීයයි.
2 වන පරිඡේදයේ මුලටම “හෙරෝද් රජුගේ (රාජ්‍ය පාලන ) දවස් වල ‘යුදයේ’බෙත්ලෙහෙම් නුවරට යේසු ලදරුවා සොයමින් ශාස්ත්‍රවන්තයින් පැමිණියේය.
යේසු උපත සිදුවූයේ යුදයේ හෙවත් යුදා දේශයේ බව (Kingdom of Judea ) එමඟින් දැක්වෙයි.එහෙත් ඔබගේ බයිබලයෙහි අවසන් පිටුවට පෙරළුවහොත් ක්‍රිස්තුස් සමිඳුන්ගේ කාලයේ ‘පලස්තීනය‘ ලෙස ව්‍යාජ මැයක් සහිත සිතියමක් පළ කර ඇති බව පෙනෙනු ඇත.ශුභාරංචිකරු කිතු උපත ‘යුදයේ’ සිදුවූ බව පැහැදිලිවම සඳහන් කරන අතර බයිබල් ග්‍රන්ථය පල කරන ප්‍රකාශකයා එය ‘පලස්තීනයෙහි‘ සිදුවූ බව සඳහන් කරයි.මෙම වරද නිවැරදි කිරීමට මේතාක් කටයුතු කර නොමැත.!!
සිදුවිය යුතු පරිදි ශාස්ත්‍රවන්තයින් ඍජුවම හෙරෝද රජුගේ රාජ මාළිගාවට යන්නට ඇත. මන්ද යත් ඔවුන්
සොයමින් පැමිනි රජ කුමරා සිටිය යුත්තේ රජ මැඳුරේ බැවිනි.එහෙත් යේසු ලදරුවා සිටියේ අප්රකටව දිළිඳු යුවකගේ නිවසකය.
මෙහිදී අවධාරනය කල යුතු කරුනක් වනුයේ ක්‍රිස්තුස් සමිඳුන්ගේ ආගමනයෙන් සිදුවූයේ සෙසූ රජවරුන් මෙන් ලෞකීක රාජ්‍ය පාලනයක් ගොඩ නැඟීම සඳහා නොවන බවය.
එවැනි ලෞකීක රාජ්‍ය පාලනයක් තුළ සන්නධ ගැටුම්,ඝාතන,බලය සුරැකීම සඳහා හමුදා නඩත්තු කිරීම, ආදි සියළුම ලෞකීක ලක්ෂන දැකිය හැක.එහෙත් කිතු සමිඳුන් පැමිණියේ එවැනි ලෞකීක රාජ්‍ය පාලනයක් ගොඩනැඟීමට නොවේ.පසුව දැක්වෙන ඉගැන්වීම් වලට අනුව එය දැහැමි බව රජයන,දේව රාජ්‍යකට අඩිතාලම දැමීමකි.
දැහැමි බව රජයන දේව රාජ්‍යයේ වර්ධනය ක්‍රිස්තුස් සමිඳුන්ගේ ස්වර්ගාරෝහනයෙන් පසු ඉටු වීද?
මෙය ගැටළු සහගතය.කලින් සඳහන් කළ පරිදි යුධ හමුදා නඩත්තු කිරීම,රාජ්‍යන්ට එරෙහිව යුධ වැදීම,විරුද්ධ මතධාරීන් ඝාතනය කිරීම,සුඛෝපභෝගි ජීවිත ගත කිරීම ලෞකීක රාජ්‍ය පාලනයක ලක්ෂනයන්ය.
ඔටුනු වැනි ශිර්ෂාභරන පැළදීම,විවිධාකාර වර්නවත් සාටක පැළදීම,ඇදහිලිවතුන් ලවා දන නමස්කාරය ලබා ගැනීම,දෙවිඳුන්ට පමනක් හිමි ගෞරව නාම දැරීම- අති උත්තම,වන්දනීය,අති ගරු,ශුද්ධෝත්තම,ගරු (His Excellency,venerable,Most Reveren, His Holiness ) ආදිය-ඒවා ඉවත් කිරීමට තවත් රෙපරමාදු ප්රතිසංසකරනයක් අවශ්‍ය වෙයි!
මෙවැනි අභිධානයන් මුල් ගෝලයන් විසින් හෝ ක්‍රියා පොතෙහි සඳහන් කිතුනු ඇදහිලිවතුන් විසින් හෝ භාවිතා කලේ නැත.කිතුනු සංගයන් විවිධ ආගම් හා සංස්කෘතීන් හා ගැටීම නිසා ශුද්ධ ලියවිල්ලට පටහැනි මෙවැනි අභිධානයන් එකවන්නට ඇතැයි සිතිය හැක.
සැබෑ දේව රාජ්‍යක මෙවැනි සලකුණු තිබිය නොහැක. ඒ සම්බන්ධයෙන් පසුව සාකච්ඡා කරනු ලැබේ.
ශාස්ත්රවන්තයන්ගේ පැමිනීමත් සමඟම හෙරෝද් සහ ඔහුගේ රාජ්‍ය සභාවේ සිටි පූජකයන් හා සෙසූ පිරිස් කැළඹුනු බවත් , දේව රාජ්‍ය සුනු විසුනු කිරීමට දරුවන් මැරවීම මඟින් උත්සාහ කළ බවත් සඳහන් වෙයි.මෙයින් පැහැදිලි වනුයේ එකල යුදා දේශය පාලනය කල හෙරෝද කිසිසේත් දේව රාජ්‍යයේ කොටසක් නොවූ බවය.
හෙරෝද්ට යේසු ලදරුවා සොයා ගත නොහැකිව ශාස්ත්‍රවන්තයන් විසින් දරුවා උපන් දින ලෙස සඳහන් කල කාල වකවානු සැලකිල්ලට ගෙන බෙත්ලෙහෙමේ දෑවුරුද්දක් වයසේවූ සියලුම පිරිමි දරුවන් ඝාතනය කළේය.
ශාස්ත්‍රවන්තයින්ගේ ආගමනය සිදුවූයේ අඩුම වශයෙන් දරුවාට එක් වසරක් වත් වයස් ගතවූ කල්හී බව පිළි ගැනීමට සිදුවෙයි.
අනිත් කරුන නම් යෝසෙප්,මරියා හා ක්‍රිස්තු දරුවා ඇතුළත් පවුල සාමාන්‍ය යුදෙව් පවුලක් ලෙස ජීවත් වීමයි.ඒ බව යුදා සමාජය විසින්ද පිළිගෙන තිබුනු බව පහත දැක්වෙන කරුනින් පසක් වෙයි.
එම යුවලට විශාල ප්‍රසිද්ධියක් තිබුනි නම් හෙරෝද නරපතියාට ඔවුන්ව පහසුවෙන් සොයා ගත හැකිව තිබුනි.
මෙයින් නිගමනය කල හැක්කේ යේසු දරුවාගේ උපතේදී කවරාකාර දිව්‍යමය දර්ශනයන් පහල වුවද,යෝසෙප් හා ඔහුගේ බිරිය වන මරියා හැරෙන්නට ඒවා අත් දැක්කේ බැටළු එඬේරුන් හා තවත් අතලොස්සක් වන පිරිසක් පමනක් බවය.අවශේෂ යුදෙව් සමාජයට ඒ පිළිබඳව කවර හෝ අවබෝධයක් නොවීය.ඔවුන් යේසුස් ක්‍රිස්තුස් ළදරුවාගේ මව මරියා ලෙසත්,ඇයගේ ස්වාමි පුරුෂයා වන යෝසෙප් පියා ලෙසත් පිළිගෙන තිබුනි.ඒ බව ශුද්ධ ලියවිල්ලේද සඳහන්ව ඇත.
බෙත්ලෙහෙමේ උත්පත්තිය ලද යේසුස් සමිඳුන් පසුකාලීනව ආරක්ෂක හේතූන් මත ගලීලයේ නාසරෙත් නම් නුවර සිය දෙමාපියන් හා සමඟ ජීවත් විය.30 විය වන තෙක්ම එතුමන් එහි වාසය කල බව මූලශ්‍ර වලින් පෙනී යයි.
යොහන් බවුතීස්තගේ බවුතීස්මය හා එහි විකාශනය
නව බයිබල් පරිවර්තනවල ස්නාවක ‘ජොහන්’ ලෙස දක්වා ඇත.හීබෲ බසෙහි ජේ අක්ෂරයක් නොමැත.ජේ ආභාෂය අපට ලැබී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි බසේ ආභාෂයෙනි.අනිත් අතට බැප්ටිස්මා යන ග්‍රීක් වචනයේ අරුත ගිලීම යනුයි.ජලයෙහි ගිලීම ඉන් අදහස් කෙරේ.ස්නානය යන අරුත නොලැබේ.
යොහන් බවුතීස්ත යේසුස් වහන්සේගේ සේවාවේ පෙර ගමන් කරු ලෙස විස්තර කරනු ලැබේ.
ඔහු ‘යුදා දේශ දේශයේ වනයෙහි දේශනා කරමින්’. මෙය තරමක් කුතුහලය ගෙන දෙන වැකියකි.මෙයින් අදහස් කරනුයේ යුදා දේශයේ කඳුකරයෙහි ඔහු ජීවත්වූ බවයි.යොහන් මහෝත්තමයානන්ගේ ශ්‍රේෂ්ඨ ධර්මවක්තෲ Prophet කෙනෙකු බව සෙකරියස් පූජකවරයා විසින් ඔහුගේ උපතේදී පවන ලද දිවැසාවලියෙන් පෙනී යයි.
“එනම්, අපේ දෙවියන්වහන්සේගේ දයාබරකම කරනකොට ගෙන උන්වහන්සේගේ සෙනඟට පවු කමාවීමෙන් ලැබෙන ගැළවීම දන්වන්ට…”
ලූක් 01:77
පෙර ගමන්කරු විසින් පසුතැවිල්ලේ බවුතීස්මය අරඹන ලදද?
යුදෙව්වන් විසින් සිය පිරිමි දරුවන් දෙවිඳුන්ට කැපකිරීම චර්මඡ්චේදන චාරිත්‍රය මඟින් ඉටු කරනු ලැබීය . අද දක්වාත් ඉටු කරනු ලැබේ.
යොහන් බවුතීස්ත “සමිඳුන්ගේ මාර්ගය පිළියෙල කර, උන්වහන්සේගේ මාවත් සමතලා කරන්න කියා වනාන්තරයෙහි ( යුදා දේශයෙහි කඳුකරයෙහි ) හඬගසන්නෙකුගේ ශබ්දයයි ” කියා සඳහන් කර ඇත.
එහෙයින් ක්‍රිස්තුස් සමිඳුන්ගේ සේවාවට මාවත සූදානම් කරනු සඳහ යොහන් බවුතීස්ත විසින් පසු තැවීමේ බෞතීස්මය ඉටු කළේය. තවද යේසුස් සමිඳුන් විසින් කිසිවෙක් බවුතීස්ම නොකල බවට සඳහන්ව අත.එහෙත් උන්වහන්සේගේ ගෝලයන් බවුතීස්ම කිරීම කළේය. එහෙයින් ක්‍රිස්තු සේවාවේ වතුර බෞතීස්ම චාරිත්‍රයේ පෙර ගමන් කරු යොහන් බවුතීස්ත බව සඳහන් කල හැක.
යොහන් බවුතීස්තගේ වතුර බෞතීස්මයත්, ඔහුගේ පසු ගමන්කරු වන ක්‍රිස්තුස් සමිඳුන්ගේ ශුද්ධාත්ම හා ගිනි බවුතීස්මයත් එකම ක්‍රියාවලියක් සම්බන්ධිත පුරුක් වෙයි.මතෙව් 03:11
එහෙයින් ගිල්වීමේ වතුර බෞතීස්මය සම්පූර්න වනුයේ පාපයන් ගැන පසු තැවීම,ශුද්ධාත්ම බවුතීස්මය හා ගිනි බෞතීස්මයෙනි.
සෙකරියෙස්ගේ උදානය
පෙර ගමන්කරුවූ යොහන් බවුතීස්ත කෙතරම් වැදගත් වූයේදයත්, ඔහුගේ පියා වන යුදෙව් පූජකවරයෙකුවූ සෙකරියෙස්ගේ උදානයෙන් පැහැදිලි වෙයි.එයට අනුවයොහන් බවුතීස්ත ආබ්‍රහම්ට දෙවිඳුන් විසින් දිවුල ගිවිසුම පූර්න කරනු පිනිස පැමිනියේය.
ඔහු මහෝත්තම දෙවිඳුන්ගේ ධර්මවක්තෲ යයි කියනු ලබන්නේය.
සෙනඟට පවුකමාවීමෙන් ලැබෙන ගැලවීම ප්‍රකාශ කරනු සඳහා පෙරටු ගමන් කරුවෙකි.
තවද ඔහු අඳුරෙහිද,(ධර්මාලෝකය නොමැතිව )මරන සෙවනෙහිද (ස්වකීය පාපයන් නිසා වරදට පත් කරනු ලැබුවන් )සිටින්නන්ට ආලෝකය වෙයි.
ඊශ්‍රායෙල් ජනතාව සතුරන්ගෙන් ගලවන්නාවු දාවිත්ගේ වංශයේ ‘අඟකි’
වැඩි වියට පත් වීමෙන් පසු ඔහු ‘ඊශ්‍රායෙල්ට ප්‍රකාශ වන දවස දක්වා’ යුදා දේශයේ කඳුකරයෙහි සිටි බව සඳහන්වෙයි.
ඔහු යුදා දේශයේ කඳුකරයෙහි වෙනත් කන්ඩායමක් සමඟ සිටි බවට මෙයින් ඉඟියක් සපයයි.මන්ද යත් යොහන්ට ගෝලයන් සිටි බවට ශුද්ධ ලියවිල්ළේ සඳහන් වන බැවිනි.ලූක් 07:19
මතු සම්බන්දයි
යොහන් බව්තීස්තගේ සොහොන වටා කුරුස යුද්ධකරුවන් විසින් ගොඩ නඟා ඇති දෙව්මැඳුරු ගොඩනැගිල්ල
(Crusader Cathedral of John the Baptist – Mosque of Yahia)
With the arrival of the Crusaders to the Holy Land, a splendid Cathedral of St. John was built at the site of John the Baptist’s tomb. In 1187, The church was however turned into a mosque by Saladin’s nephew Husam ed-Din Muhammad. Since then the mosque of Prophet Yahia (the name of John the Baptist according to the Quran) underwent multiple renovations and changes, but the Crusader structure is clearly visible.