ඊශ්‍රායෙල් රාජ‍යයේ පෞරනීක ඉතිහාසය ලොවට කියාපාන එරට රාජ්‍ය ලාංජනය

logoisrael

දෙවිඳුන්ගේ තෝරාගත් ජනතාවගේ දේශයේ රාජ්‍ය ලාංජන
මෙයින් මුර්තිමත් වනුයේ සොලමන් මහ නරපතියා විසින් ගොඩ නංවන ලද යෙරුසළමේ මොරියා කන්ද හෙවත් වත්මන් ටෙම්පල් මවුන්ට් කඳුවැටිය මත පිහිටා තිබූ මහානර්ඝ දෙව් මැඳුරේ අති ශුද්ධාසනයේ පැය 24 පුරාම දැල්වුනු කරු 07 තනිකරම රත්තරනෙන් නිමවූ මෙනෝරා නැමැති පහනයි.
ක්‍රි.පූ 538 දී සිදුවූ නෙබුකද්නේෂර් නැමැති බබිලෝනියානු රජුගේ ආක්‍රමනයට පෙර යෙරුසළමේ දෙව්මැඳුර යට පිහිටා තිබූ භූගත අටළු තුළ ගිවිසුම් කරඬුව ඇතුළත් දස පණත,පිදීමේ රොටි තබන මේසය,කරු 07 රන් පහන් රුක ආදි සියළුම ශුද්ධ වස්තූන් සඟවන ලද බව යුදෙව්-ඊස්‍රායෙල් ඓතිහාසික වාර්තා සඳහන් කරයි.

ඒවා අද දක්වාම එසේම පවතින බව යුදෙව්-ඊශ්‍රායෙල් රබ්බිවරුන් /ධර්මදරයන් හා ඉතිහාසඥයන්ගේ මතයයි
ටෙම්පල් මවුන්ට් හෙවත් මොරියා කඳු වැටිය මත කිසිම පුරා විද්‍යාත්මක කැනීමක් කිරීමට ඉස්ලාම් වාර්ගීක අරාබීන් විරුද්ධ වන්නේ මෙම ඓතිහාසික ශුද්ධ වස්තුන් භූමිය මතු පිටට නිරාවරනය වීම හේතුවෙන යෙරුසළම් නගරයට ඔවුන්ගේ ඇති අයිතිය ඉන් අභියෝගයට ලක්වන බැවිනි!
බයිබලයේ නික්මයාම නැමැති පොතේ 37 වන පරිච්ඡේදයෙහි මෙම විස්තර සඳහන්ව ඇත.

 

 

Leave a comment