2020 ජනාධිපතිවරනයේ ජය ටැඹ

 

රනිල් තරම් අපහාස උපහාස වලට බඳුන් වූවෙක් තවත් නැත.
වර්තමානයේ රනිල් මෙරට අගමැතිය.
ඔහු විසින් සියළුම දිස්ත්‍රික්ක අයත් වන පරිදි විශිෂ්ට සංවර්දන සැලසුම් ඉදිරිපත් කර ඇත.
රට සංවර්දනය කරනවා යනු තරුන පෙලට රැකියා අවස්ථා

නිර්මානය වීමයි.රැකියා  නිර්මානය  වීමත් සමඟම සේවා කර්මාන්ත හතු පිපෙන්නාක් මෙන් බිහිවෙයි.ඒවායේ සේවය සඳහා විශාල වශයෙන් ශ්‍රම ඉල්ලුමක් ඇතිවෙයි.
’20ට පෙර මෙම යෝජනා ක්‍රියාත්මක කල හැකි අතර, ක්‍රියාත්මක කල යුත්තේද වෙයි.
එවැනි පසුබිමක් නිර්මානය වීම නුරුස්සනා කකුල් මාට්ටුකාරයන් ගැන දැඩි ලෙස විමසිල්ලෙන් සිටීම අවශ්‍ය වෙයි.සංවර්ධන යෝජනා ක්‍රම කඩාකප්පල් කිරීමට බලාපොරොත්තු සුන්වූ මාධ්‍යයන්ගේ ක්‍රියාකාරකම් හා වර්ජන,තර්ජන පාගමන් , උද්ගෝෂන සහ තවත් නොයෙක් දෑ සිදු කරනු ඇත.

උතුරේ, දකුණේ, මද්‍ය කඳුකරයේ, සබරගමුවේ,නැගෙනහිර ආදි මෙරටේ සියලුම පළාත් මෙම සංවර්දන ක්‍රියාදාමයට ඇතුලත් කර ගහ යුතුය.මේවාට යමෙක් බාදා පමුනුවන්නේ නම් එවැනි පුද්ගලයන් රටට හෙලිදරව් කල යුතුය.පෙනෙන සතුරාට වඩා නොපෙනෙන, මිතුරු වේෂයෙන් සිටින පුද්ගලයන් ගෙන් ප්‍රවේශම් විය යුතුය.

2015 ජනාධිපතිවරනයෙන්  සහ   2018 බංගයෙන් එක් කරුණක් සක්සුදක් සේ පැහැදිලිය.
මෙරටේ ජනාධිපතිවරනයෙන් ජය ලැබීමට නම් සිංහල,දෙමල, මරක්කල,මැලේ,බර්ගර්,ආදිවාසි, ලංකා දෙමල ආදි සෑම ජන කොටසකගේම චන්ද අවශ්‍යය.
ඔවුන්ගේ සහාය ලැබීමට නම්, ඔවුන්ගේ ජීවන රටාව,කන බොන අවශ්‍යතා ආදි කරුණුද සැළකිල්ලට ගත යුතුය.
හරක් මස් කන ජන කොටස්වල්ට පහසු මිලට හරක් මස් ලබා ගැනීමට යටිතල පහසුකම් වහාම සැකසිය යුතුය.හරකුන් ප්‍රවාහනය කිරීමේ නීති ලිහිල් කල යුතුය.
වනාශ්‍රිතව ජීවත්වන ජනතාවට දඩ මස් ලබා ගැනීම වැළැක්වීම සඳහා රට පුරා අභය භූමි පිටුවීම වහාම නහර කල යුතුය.

සකල ජනතාවගේ හදගැස්ම තේරුම් ගන්නේ නම් ජනාධිපතිවරනයෙන් ජය ලැබීම නියතය.

රනිල් මැතිඳුනි ඔබට 2020 දී ජය නියත!

.

 

Leave a comment